Loading...
HUAWEI Mate 40 series එක ඔක්තෝම්බර් 22 වන දින එලිදක්වන බව Huawei සමාගම නිල වශයෙන් ප්‍රකාශ කරයි

CovID-19 වසංගත තත්වය නිසා මේ වන විට සැම දුරකථන නිෂ්පාදන සමාගමකම පාහේ නිෂ්පාදන කටයුතුවල යම් යම් ප්‍රමාද විම් සිදු විම දක්නට ලැබුණා. Huawei සමාගමේ මිලග Mate series එකටත් මේ බලපැම සිදු වුණා. ඒ අනුව පසුගිය වසරවලට වඩා සති කිහිපයක් ප්‍රමාදයකින් පසුව Huawei Mate Series එක නිල වශයෙන් ඔක්තෝබර් 22 දින එළිදැක්වීමට සුදානම් බව Huawei සමාගම දන්වා තිබෙනවා. මේ Mate Series එක Huawei Mate 40 Series එක නමින් හදුන්වනවා.

HUAWEI Mate series එක පිළිබඳවත් විවිධ Rumors පසුගිය කාලයට පුරාවටම විවිධ පුද්ගලයින් විසින් ප්‍රකාශ කරනු ලැබුවා. ඒ අනුව මේ Huawei Mate 40 Series එකේ Devices 4 ක් නිකුත් වෙයි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

  • HUAWEI Mate40‌‌
  • HUAWEI Mate40 Pro
  • ‌‌HUAWEI Mate40 Pro+‌‌
  • PORSCHE DESIGN HUAWEI Mate40 RS

Huawei Mate 40 Series එක 5nm HiSilicon Kirin chipset මගින් බලගැන්වෙන අතර මේ Series එක සදහා ඔවුන් යොදා ඇති Slogan එක වෙන්නේ “Leap Further Ahead” යන්නයි.

Huawei Mate 40 Series එකේ Curved OLED Display එකක් හා Pill-shaped Cutout Selfie Cameraවක් බලාපොරොත්තු විය හැකියි. ඒ වගේම Face Unlock Feature එක සදහා TOF 3D Sensor එකක් ලබා දිලත් තිබෙනවා.

ඒ වගේම Main Camera Setup එක Liquid lens camera module එකකින් සමන්විත වෙන බවත් කියන්න පුළුවන්. මේ මගින් වේගවත් Autofocus විමක් හා වඩා හොද Stabilization විමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේම Mate Series එක 66W Huawei Super Fast Charging Technology එකට Support කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. Mate 40 Series එක EMUI 10.1 Version එක සහිතව නිකුත් කරනු ඇත.

Sources : Gizmochina