Loading...
64MP AI Quad Cameraව සහ Kirin 820 5G SoC සමඟින් ජංගම දුරකථන ඡායාරූපකරණයෙහි ඔබට නව පහසුකම් ලබා දෙන Huawei NOVA 7 SE

වර්ථමානයේ ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී තරුණ පිරිස මූලික වශයෙන් සලකා බලන ප්‍රධාන කරුණක් වන්නේ තමන් මිලදී ගැනීමට සැලසුම් කරන ජංගම දුරකථනය සතුව හොඳ කැමරාවක් පවතීද යන්නයි. අද වන විට සියළුදෙනාම පාහේ බලාපොරොත්තු වන උසස් මට්ටමේ ඡායාරූපකරණ හැකියාවන්ගෙන් සමන්විත Huawei NOVA 7 SE ජංගම දුරකථනය 5G තාක්ෂණයද සහිතව Huawei සමාගම විසින් වෙළඳපලට නිකුත් කර ඇත. මෙම ජංගම දුරකථනය 64MP Quad Camera එකකින් සහ Kirin 820 5G SoC එකකින් සමන්විත වන අතර ඒ දෙකෙහිම සුසං‍යෝගයෙන් ඉතාමත් හොඳ තත්වයේ ඡායාරූප ලබා ගැනීමට හැකියාව ඇත.

ඕනෑම තත්වයකදී පැහැදිලිව ඡායාරූප ලබා ගැනීමට හැකි 64MP AI Quad Cameraව

Huawei NOVA 7 SE ජංගම දුරකථනයේ ප්‍රධාන කැමරාව 64MP high-resolution lens එකකින්ද, 8MP ultra-wide-angle lens එකකින්ද, 2MP bokeh lens එකකින් සහ 2MP macro lens එකකින් සමන්විත ultra-high-resolution AI Quad Camera වක් Huawei ආයතනය විසින් යොදා ඇත. මෙහි ඇති ලෙන්ස් වල සුසං‍යෝගය හරහා ඔබගේ ඡායාරූපකරණ අවශ්‍යතා ඉතාමත් උපරිමයෙන් සපුරා ගැනීමට හැකියාව පවතී.

මෙම Quad Camera setup එකේ භාවිතා වන 64MP ultra-high-resolution main camera වේ Aperture අගය 1.8 අගයක් ගන්නා අතර ඒ සඳහා 1/1.7 inches image sensor එකක් භාවිතා කර ඇත. මෙම කැමරාව හරහා ලබා ගන්නා ඡායාරූප විශාලනය කර බැලීමේදී ඒවායේ කුඩාම details පවා වඩාත් පැහැදිලිව එහි විස්තර බලා ගත හැක.

මීට අමතරව Huawei NOVA 7 SE ජංගම දුරකථනයේ ඇති super night mode selfie technology එක සහ BM3D DSLR level image noise reduction technology එක එකට එකතුව විවිධ පරිසර තත්වයන් යටතේදී ලබා ගන්නා ඡායාරූප වල ඇති noise එක වඩාත් ඵලදායි අන්දමට optimize කරනු ලබයි.

උදාහරණයක් ලෙස හොඳින් ඉර එළිය පවතින වේලාවක එළිමහනේදී කැමරාව AI Ultra Clarity mode එකට setup කිරීමෙන් කැමරාව විසින් ස්වයංක්‍රීයව එකවර ඡායාරූප කිහිපයක් ලබාගෙන Kirin 820 5G හි ඇති AI Algorithms භාවිතා කර ඒවා එකට එකතු කර 64MP ultra-high-resolution images ලබාදෙන අතර අලෝකය අඩු පරිසර තත්වයකදී ඡායාරූප ලබා ගැනීමේදී ඒවායේ ඇති noise එක අවම කිරීමට සහ වැඩි දීප්තියකින් යුතු ඡායාරූප ලබා ගැනීමට Huawei NOVA 7 SE ජංගම දුරකථනයට Quadra 4-in-1 pixel binning algorithm භාවිතා කර ඇත. මේ නිසා ඔබට සවස් කාලයේදී පවා ඉතාමත් හොඳ ආලෝක තත්වයක් යටතේ ලබා ගත් ස්වාභාවික ඡායාරූප මෙන් ඡායාරූප ලබා ගත හැකිය.

Shot on nova 7 SE

අළුත්ම වීඩියෝකරණ පහසුකම්

Huawei NOVA 7 SE දුරකථනයේ ඇති විවිධ lens සහ powerful chip එක නිසා මෙම ජංගම දුරකථනය 4K high-definition video, DUAL-VIEW Video, super slow motion සහ time-lapse mode ඇතුළු තවත් නිර්මාණශීලී වීඩියෝ දර්ශන පටිගත කිරීමේ modes සඳහා සහය දක්වයි.

Huawei NOVA 7 SE ජංගම දුරකථනයට තම 64MP ප්‍රධාන කැමරාව භාවිතා කර 4K resolution වීඩියෝ 30FPS frame rate එකෙන් විනාඩි 10ක කාලයක් රූපගත කිරීමේ හැකියාව ඇති අතර Huawei NOVA 7 SE දුරකථනයේ ඇති AI editing පහසුකම් නිසා පහසුවෙන් සහ ඉක්මනින් 4K high-definition videos සංස්කරණය කරගත හැක.

ඉහත් සඳහන් කල Dual-View පහසුකම සක්‍රීය කිරීමෙන් පසුව Huawei NOVA 7 SEහි ප්‍රධාන කැමරාවේ lenses දෙකක් භාවිතා කර එකවර දර්ශන දෙකක් වීඩියෝ ගත කල හැක. එක lens එකකින් සාමාන්‍ය පරිදි වීඩියෝ රූගත කරන අතර තුරේදී අනිත් lens එක භාවිතා කර පෙර කී සාමාන්‍ය පරිදි රූගත කරන වීඩියෝවේ දර්ශනයක කොටසක් විශාලනය කර රූපගත කිරීම කල හැක.

Super slow motion සහ Time-lapse video mode සඳහා සහය දක්වන Huawei NOVA 7 SE ජංගම දුරකථනය හරහා ඔබට එම පහසුකම් භාවිතා කරමින් වැහි බිංදු වටෙන ආකාරයේ හෝ අහසේ වළාකුළු ගමන් කරන ආකාරයේ slow motion video හෝ time-laps වීඩියෝ ලබා ගත හැකිය. මේ හරහා වීඩියෝ නිර්මාණය කරන්නන්ට සහ VLOG නිර්මාණය කරන්නන්ට වඩාත් නිර්මාණශීලී වීඩියෝ නිර්මාණකරණයෙහි යෙදිය හැක.

ජංගම දුරකථන වලින් ඡායාරූපකරණයෙහි සහ වීඩියෝ රූගතකරණයෙහි යෙදෙන බොහොමයකට ඇති ගැටළුවක් වන්නේ ඉක්මනින් බැට්‍රි බලය අවසන් වී යාම. නමුත් Huawei NOVA 7 SE හරහා මෙම ගැටළුව මගහරවා ගැනීමට Huawei සමාගම 4000mAh ධාරිතාවයකින් යුතු බැට්‍රියක්ද, මෙම ජංගම දුරකථනයේ බැටරිය ඉතාමත් ඉක්මනින් ආරෝපණය කරගැනීම සඳහා 40W Huawei SuperCharge පහසුකම ලබා දී ඇති බැවින් නොකඩවා ඔබගේ නිර්මාණ සිදු කල හැකිය.

Huawei NOVA 7 SE ජංගම දුරකථනය Space Silver, Crush Green, Midsummer Purple යන වර්ණයන්ගෙන් ඔබට රුපියල් 64,999ක මුදලකට වෙලඳපලෙන් මිලදී ගැනීමට හැකියි.