Loading...
Entertainment කටයුතු සඳහා උපරිම බලය ලබා දෙන trendy design එකකින් එන Huawei NOVA 7 SE

මීට පෙර Huawei NOVA 7 SE ගැන කතා කල ලිපි කිහිපයකදීම අපි විසින් සාකච්ඡා කලා වර්තමානය වන විට ජංගම දුරකතනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අය විසින් සලකා බලන කැමරාව, performance වැනි ප්‍රධාන කරුණු. ඒවාට අමතරව හැමෝම පාහේ තමන් මිලදී ගැනීමට සූදානම් වන ජංගම දුරකථනයේ පෙනුම සහ විනෝදාත්මක ක්‍රියා (entertainment) සඳහා සහය දක්වන ආකාරය යන ප්‍රධාන කරුණු ද්විත්වයද ඉතාමත් හොඳින් සලකා බලයි.

Huawei NOVA 7 SE මේ කරුණු දෙකට කුමන ආකාරයේ සාධාරණයක් ඉටු කර තිබේද? මේ ලිපියෙන් ඔබ අපි සාකච්ඡා කරන්න යන්නේ ඒ පිළිබඳවයි.

සිත් ඇදගන්නා සුළු වර්ණයන්ගෙන් යුතු හැඩය

පසුගිය ලිපි 5 පුරාවටම අපි විසින් පොදුවේ ඔබ වෙත ගෙන ආ කරුණක් වූයේ Huawei NOVA 7 SE ජංගම දුරකතනයේ වර්ණයන්ය. මෙම දුරකථනය Space Silver, Crush Green, සහ Midsummer Purple යන වර්ණයන්ගෙන් Huawei සමාගම නිපදවා තිබෙනවා.

මෙම දුරකතනය අඟල් 6.5ක display එකකින් යුක්ත වන අතර එහි ඇති punch hole වර්ගයේ selfie camera එක නිසා FullView Display එකක අත්දැකීම අපට ලබා ගන්න පුලුවන්. එමෙන්ම මෙම display එක 90.3% අගයක screen-to-body ratio එකකින් යුක්ත වේ.

Huawei NOVA 7 SEහි පිටුපස නිර්මාණය කර තිබෙන්නේ Huawei සමාගමේ iconic 3D curved glass එක මඟිනි. මෙය දුරකතනය භාවිතා කරන්නාගේ අතට හොඳින් grip වෙන ආකාරයට නිපදවා ඇති අතර මේ නිසා ඉතාමත් හොඳින් සහ පහසුවෙන් අතෙහි රඳවා ගැනීමට හැක.

ඉහත ඡායා රූපයේ දක්නට ලැබෙන්නේ Huawei NOVA 7 SEහි නිෂ්පාදිත වර්ණයන් තුනයි. මේ අතරින් විශේෂිත වර්ණය වන්නේ Space Silver යන වර්ණයයි. එයට හේතුව වන්නේ මෙය නිල්, රිදී සහ රෝස යන වර්ණයන් තුනේ gradient වර්ගයේ වර්ණ සුසං‍යෝගයකින් නිර්මාණය වී තිබීමයි. මෙහි ඇති නිල් පැහැයෙන් ඇති ගැඹුරු බවකුත්, රිදී පැහැයෙන් නිශ්චල බවකුත් සහ රෝස පැහැයෙන් romantic බවකුත් මෙම ජංගම දුරකතනයට ලබා දී තිබෙනවා.

සුපිරි gaming experience එකක් දෙන Kirin 820

Huawei NOVA 7 SE ජංගම දුරකතනය Huawei ආයතන විසින් නිපදවන Kirin 820 5G SoC එකකින් සහ ඉතාමත් සංකීර්ණ 3D modeling සහ rendering වලට ඉතාමත් හොඳින් සහය දක්වන ARMහි නවතම Mali-G57 GPU එක සමඟ සමන්විත වන නිසා එය භාවිතා කරමින් ජංගම දුරකතන ක්‍රීඩා වල යෙදෙන්නන් හට graphics සහ process වලින් වැඩි heavy games play කිරීමේදී ඉතාමත් හොඳ ක්‍රීඩා අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාවක් ඇත.

එමෙන්ම මෙම ජංගම දුරකතනය Huawei සමාගමේ GPU Turboහි නව සංස්කරණයට ඉතාමත් හොඳින් සහය දක්වන Kirin 820 5G chipset එකක් භාවිතා කරන බැවින් මෙම ජංගම දුරකතනනයේ CPU එක සහ GPU එක, එක chip එකක ඇතුලත් කිරීමට සමත් වී ඇත. මේ හරහා අඩු බලශක්ති වැය කිරීමකින් යුතුව සහ frame rate එක වැඩි කරගනිමින් graphics processing ක්‍රියාවලියේ විශාල වේගවත් වීමක් ලබා ගැනීමට Huawei සමාගමට හැකියාව ලැබී ඇත.

දුරකතන ක්‍රීඩාවල යෙදෙන්නන් විශේෂයෙන් සලකා බලන කරුණක් වන්නේ ජංගම දුරකතනයේ බැටරි ධාරිතාවය. Huawei NOVA 7 SE සතුව 4000mAh ධාරිතාවයකින් යුතු බැටරියක් ඇති අතර එය විනාඩි 30කින් 70% දක්වා ආරෝපණය කර ගැනීමේ හැකියාවෙන් යුතු 40W Huawei SuperCharge පහසුකමද එහි ආරෝපකය සමඟ ලබා දී ඇත. එබැවින් ඔබට බාධාවකින් තොරව එක දිගට වැඩි වේලාවක් නොකඩවා ක්‍රීඩා කිරීමෙහි යෙදිය හැක.

Photos සහ VLOG වලට match වෙන 64MP AI Quad Camera එක

Gaming මෙන්ම ඔබට ඉතාමත් සුපිරි ඡායාරූපකරණ අත්දැකීමක් ලබා දීමට Huawei NOVA 7 SE ජංගම දුරකථනයේ ප්‍රධාන කැමරාව 64MP high-resolution lens එකකින්ද, 8MP ultra-wide-angle lens එකකින්ද, 2MP bokeh lens එකකින් සහ 2MP macro lens එකකින් සමන්විත ultra-high-resolution AI Quad Camera වක් Huawei ආයතනය විසින් යොදා ඇත.

මෙම Quad Camera setup එකේ භාවිතා වන 64MP ultra-high-resolution main camera වේ Aperture අගය 1.8 අගයක් ගන්නා අතර ඒ සඳහා 1/1.7 inches image sensor එක හරහා ආලෝකය සඳහා දක්වන සංවේදීතාවය 34%කින් ඉහළ නංවා ගැනීමේ හැකියාව ලැබී ඇත. හොඳින් හිරු එළිය ඇති අවස්ථාවක එලිමහනේ ලබා ගන්නා ඡායාරූප සඳහා නිවැරදි වර්ණයන් ලබා ගැනීමේ හැකියාව මෙහි AI Ultra Clarity mode ඔස්සේ ලැබී ඇත.

අලෝකය අඩු පරිසර තත්වයකදී ඡායාරූප ලබා ගැනීමේදී ඒවායේ ඇති noise එක අවම කිරීමට සහ වැඩි දීප්තියකින් යුතු ඡායාරූප ලබා ගැනීමට Huawei NOVA 7 SE ජංගම දුරකථනයට Quadra 4-in-1 pixel binning algorithm භාවිතා කර ඇත. මේ නිසා ඔබට සවස් කාලයේදී පවා ඉතාමත් හොඳ ආලෝක තත්වයක් යටතේ ලබා ගත් ස්වාභාවික ඡායාරූප මෙන් ඡායාරූප ලබා ගත හැකිය. Kirin 820 5G chipset එකෙහි ඇති AI computing හැකියාව මෙම ඡායාරූප සැකසීමෙහි ලා මහඟු පිටුවහල ලබා දේ.

Vlogger ලා සඳහා Huawei NOVA 7 SE භාවිතා කරන් 4K 30fps video රූගත කර හැකි අතර මෙම ජංගම දුරකතනය හරහා ලබා දෙන super slow motion (960 FPS), DUAL-VIEW Video, time-lapse mode සහ අනෙකුත් වීඩියෝ පහසුකම් හරහා අලංකාර මෙන්ම නිර්මාණශීලී වීඩියෝ රූගත කිරීමේ හැකියාව ඇත. එමෙන්ම මෙම ජංගම දුරකතනය 5G සඳහා සහය ලබා දෙන බැවින් ඉක්මනින්ම වීඩියෝ දර්ශන සමාජ ජාල වෙත upload කිරීමේ හැකියාවද පවතී.

Huawei NOVA 7 SE විශිෂ්‍ඨ කැමරා පහසුකම් වලින් සහ gaming performance වලින් යුතු ජංගම දුරකතනයක් මෙන්ම අලංකාර දුරකථනයකි. මෙය ඔබට ශ්‍රී ලංකා රුපියල් 64,999කට වෙළඳ පලෙන් ලබා ගත හැකිය.

මේ සමඟම අප විසින් Huawei NOVA 7 SE ජංගම දුරකතනය පීළිබඳව ඔබ වෙත ගෙන ආ ලිපි මාලාව අවසන් කරන අතර තවත් මෙවැනිම ලිපි මාලාවකින් මුණ ගැසෙමු.