Loading...
සමාජ ජාලා වල පලකිරීම් වලට සහ VLOG සඳහා භාවිතා කල හැකි සුපිරි කැමරාවකින් යුතු Huawei NOVA 7 SE

Huawei සමාගම විසින් මෑතකදී නිකුත් කල නවතම ජංගම දුරකථනය වන Huawei NOVA 7 SE ජංගම දුරකථනය Social media වල නිතරම photos share කරන videos upload කරන, stories දාන ඔයාලට වගේම travelling කරන, VLOG කරන ඔයාලටත් ගැලපෙන සුපිරිම වර්ගයේ Smart Phone එකක් වෙන එක නොඅනුමානයි.

මේ සඳහා Huawei NOVA 7SE ජංගම දුරකථනය, විවිධ අලංකාර දර්ශනයන් ඉතාමත් හොඳ තත්වයෙන් ඡායාරූප ගත කිරීමට සහ VLOG හදන ඔයාලට ඕන ඉතාමත් හොඳ තත්වයේ වීඩියෝ දර්ශන රූගත කිරීම සඳහා 64MP Hi-res rear quad camera එකකින්ද, නවතම AI algorithms වලින්ද Huawei ආයතනය විසින් බල ගන්වා තිබෙනවා.

මෙහිදී Huawei ආයතනය විසින් අළුතෙන්ම හඳුන්වාදෙන පහසුකමක් වන්නේ, ඔබ ලබා ගන්නා ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් Facebook, Instagram, Twitter හෝ වෙනත් සමාජ ජාලයන්හි පලකිරීමට හැකියාවලබා දී තිබෙනවා. මේ සඳහා එම applications ඔබට Huawei AppGallery හෝ Huawei ආයතනය විසින් හඳුන්වා දී ඇති Petal Search app නම් ඔබට ඉතාමත් ඉක්මනින් apps download කරගත හැකි නව පහසුකම හරහා Huawei NOVA 7SE ජංගම දුරකථ්නයට ස්ථාපනය කරගැනීමේ පහසුකම ලබා දී ඇත.

Image

ඕනෑම තත්වයකට ගැළපෙන 64MP quad camera එක

Huawei NOVA 7 SE සඳහා Huawei සමාගම විසින් ලබා දී ඇති 64MP quad camera ව භාවිතා කරමින් ඕනෑම අයෙකුට ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී විශාල ප්‍රදේශයක් එකවර ඡායාරූපයට නැඟිය හැකි ultra wide angle mode එකකින්ද, portrait ඡායාරූප ලබා ගැනීමේ හැකියාව Huawei සමාගම විසින් ලබා දී ඇති අතර මේ camera එක හරහා ඉතාමත් උසස් ගණයේ output එකක් එහෙ පරිශීලකයාට ලබා දෙනවා.

දවල් කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීද කිසිඳු වෙනසක් නැතුව ඉතාමත් හොඳ ultra sharp ඡායාරූප ලබා ගැනීමට මෙම 64MP main sensor එකට හැකියාව ඇති බැවින් ඔබ ලබාගත් ඡායා රූපයක ඕනෑම කොටසක් crop කර එය ඉතාමත් හොඳ තත්වයකින් ලබා ගැනීමටද හැක.

එමෙන්ම අංශක120ක දර්ශන පථයක ඡායාරූප ලබා ගත හැකි ultra wide angle camera එක හරහා Huawei සමාගම තම Huawei NOVA 7 SE පරිශීලකයන් හට විශ්මයජනක architecture වර්ගයේ ඡායා රූප සහ විශාල පිරිසක් සහභාගි වන සාදයන්හි ඡායාරූප ලබා ගැනීම සඳහා පහසුකම සලසා ඇත. මේ වන විට වෙළඳපලේ ඇති අනෙකුත් ජංගම දුරකථනයන්හි ultra wide angle ඡායාරූප ලබා ගැනීමේදී ඇති වන ඇතැම් විකෘතිතාවයන් මගහරවා ගැනීම සඳහා Huawei සමාගම විසින් තම AI තාක්ෂණය භාවිතා කර ඇති අතර මේ හරහා ඉතාමත් කාර්‍යක්ෂම සහ ඵලදායී ආකාරයට අනෙකුත් ජංගම දුරකථන වල ඇති පොදු විකෘතිතාවයන් මඟ හරවා ගැනීමට Huawei සමාගම සමත් වී ඇත.

මීට අමතරව වර්ථමානයේ බහුලව භාවිතා වන සහ ජංගම දුරකථන පරිශීලකයන්ගෙන් වැඩි ඉල්ලුමක් ඇති portrait ඡායාරූපකරණය සඳහා අත්‍යවශ්‍යම උපාංගයක් වන්නේ depth sensor එකයි. Huawei NOVA 7 SEහි ඒ සඳහාම වෙන්වූ dedicated depth sensor එක හරහා ජංගම දුරකථන portrait ඡායාරූපකරණය වෙනත්ම මානයකට ගෙනයාමට Huawei සමාගම සමත් වී ඇත. ඔවුන් මේ සඳහා භාවිතා කරන depth sensor එක හරහා ඉතා සංකීර්ණ පරිසර පසුබිමක් පැවතුනද ස්වාභාවික ආකාරයකින් යුතු සහ ඉතාමත් නිවැරදි ආකාරයකින් යුතු portrait ඡායාරූප ලබාගැනීමේ හැකියාව NOVA 7 SE වෙතලැබී ඇත.

VLOG කරන ඔබටම සැකසූ Dual View Video Mode එක

ඔබට Huawei NOVA 7 SE දුරකථනය සමඟ ලබාදී ඇති 64MP කැමරාව භාවිතා කර 4K 30FPS වීඩියෝ දර්ශන ලබා ගත හැකි බැවින් 1080P resolution එකකින් යුතු වීඩියෝවකට වඩා හතර ගුණයකින් විශාල resolution එකකින් සමන්විත මෙන්ම පැහැදිලි වීඩියෝ දර්ශන ලබා ගැනීමට හැකියාව ඇත.

Image

මේ සමඟම ඔබට ලැබෙන dual view video mode එක හරහා ඔබට එකවර ඔබගේ පිටුපස කැමරාව සහ ඉදිරිපස කැමරාව භාවිතා කරමින් වීඩියෝ දර්ශන ලබා ගැනීමේ හැකියාව Huawei සමාගම විසින් මෙම ජංගම දුරකථනයට ලබා දී ඇත. මෙම පහසුකම භාවිතා කිරීමෙන් ඔබට වඩාත් නිර්මාණශීලී VLOG නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

සිත් ඇදගන්න සුළු Night Selfie සහ VLOG වලටම නිර්මාණය කල Front Camera එක

Huawei සමාගම විසින් NOVA 7 SE දුරකථනය හරහා ඔබට ලබා දෙන තවත් සිත් ඇදගන්නා සුළු පහසුකමක් වන්නේ The Super Night Selfie Mode එක. Super Night Selfie Mode එක හරහා ඔබ විසින් selfie ඡායාරූපයක් ලබා ගැනීමට යාමේදී ඒ ඔබගේ අවට පසුබිමේ අඩු ආලෝක තත්වයක් පවතී නම් (lowlight) එය හඳුනාගන්නා අතර ඔබගේ selfie ඡායාරූපය ඉතාමත් හොඳ විස්තර සහිතව සහ දීප්තිමත් නිවැරදි වර්ණ වලින් යුක්තව render කර ඉතාමත් හොඳ තත්වයේ output එකක් ලබා ගත හැකිය. මේ පහසුකම භාවිතා කරමින් අඩු ආලෝක තත්වයකදී ඔබ ලබා ගන්නා selfie VLOG සඳහාද හොඳ output එකක් ලබා ගැනීමට හැකියාව ඇත.

Huawei NOVA  SE ජංගම දුරකථනයේ ඇති ඉතාමත් උසස් ගණයේ කැමරා ලෙන්ස් සහ කැමරාව සඳහා භාවිතා කර ඇති AI Algorithm හරහා ඔබට උසස් ගණයේ ඡායාරූපකරණ අත්දැකීමක් ලබා දීමට Huawei සමාගම කටයුතු කර ඇත. මීට අමතරව මෙම ජංගම දුරකථනයේ බැටරිය ඉතාමත් ඉක්මනින් ආරෝපණය කරගැනීම සඳහා 40W Huawei SuperCharge පහසුකම ලබා දී ඇත.

Huawei NOVA 7 SE ජංහම දුරකථනය Space Silver, Crush Green, Midsummer Purple යන වර්ණයන්ගෙන් ඔබට රුපියල් 64,999ක මුදලකට වෙලඳපලෙන් මිලදී ගැනීමට හැකියි.

5G තාක්ෂණය සඳහා සහය දක්වන මෙම ජංගම දුරකථනය mobile photography සහ vlogging සඳහා උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්ම Huawei සමාගම විසින්  නිර්මාණය කර ඇත.