Loading...
Mobile Photography වල ප්‍රධාන ගැටළු තුනකට Huawei NOVA 7 SE හි 64MP Quad Camera විසඳුම් ලබා දේ

වර්තමානය වන විට බොහෝ පිරිසක් ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී බලන ප්‍රධාන කාරණාවක් වන්නේ කැමරාවයි. මේ වන විට ජංගම දුරකථනය සතුව ඇති කැමරාව එදිනෙද ජීවිතයට නැතුවම බැරි උපාංගයක් වී හමාරය. නමුත් මේ වන විට වෙළඳපලේ ඇති ජංගම දුරකථන බහුතරයක කැමරාව සතුව multi-scenario photography, sharp details සහ low-light photography වැනි ප්‍රධාන පහසුකම් නොමැති වීම විශාල වශයෙන් mobile photography වලට ආස අයට තියෙන ප්‍රශ්නයක්.

මේ ගැටළුව හඳුනාගත් Huawei සමාගම විසින් එම ගැටළු වලට පිළිතුරු සපයමින් ඉහත පහසුකම් සහිතව Huawei NOVA 7 SE ජංගම දුරකථනය නිකුත් කර ඇත. මෙම ජංගම දුරකථනය සමඟ Huawei සමාගම powerful AI හැකියාවන් සහ ඒ හරහා වැඩි දියුණු කරල ලද image processing සමඟින් mobile photography වලදී පැන නගින multi-scenario photography, sharp details සහ low-light photography යන ගැටළු විසඳුම් ලබාදී තම පාරිභෝගිකයන්ට උසස් photography අත්දැකීමක් ලබා දීමට කටයුතු කර ඇත.

මීට පෙර අප විසින් ගෙන ආ ලිපියක Huawei NOVA 7SE ගැන කරපු Quick Review එක මෙතනින් කියවන්න.

Huawei NOVA 7SEහි ඇති Quad-camera setup එක

Multi-scenario photography සඳහා 64MP AI Quad Camera එකේ භාවිතාව

මේ වන විට බොහොමයක් පිරිස කැමරා භාවිතයෙන් ඉවත්ව ජංගම දුරකථන හරහා ඡායාරූප ලබා ගැනීමට යොමු වෙලා තියෙනවා. එමෙන්ම ඒ සඳහා සහය දක්වමින් ජංගම දුරකථන නිෂ්පාදකයන් නිරතුරුවම නව පහසුකම් රැසක් එක්රැස් කරමින් තම පරිභෝගිකයන්ට බරින් වැඩි කැමරා සහ ලෙන්ස් වර්ග රැගෙන යාම අත්‍යවශ නොවන කාරණාවක් බවට පත් කර ඇත.

Huawei සමාගමද ඒ ආකාරයෙන් විශාල නව වෙනස්කම් ඇති කරමින් ජංගම දුරකථන කැමරා තාක්ෂණයට නව්‍යතා හඳුන්වා දුන් දුරකථන සමාගමකි. ඔවුන්ගේ P9 ජංගම දුරකථනයේ සිට ආරම්භ කර පෙරලිකාර වෙනස්කම් මේ වන විට තවදුරටත් වැඩිදියුණු කරමින් නව ජංගම දුරකථන නිපදවීමට පෙළඹී ඇත.

Huawei සමාගම විසින් මෙවර හඳුන්‍වාදුන් නවතම ජංගම දුරකථනය වන Huawei NOVA 7SEහි ඇති AI තාක්ෂණය ඔස්සේ බල ගැන්වෙන 64MP Quad Camera එක භාවිතා කරමින් සිත් ඇදගන්නා සුළු ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ලබා ගැනීමට හැකියාව ඇත.

Shot on nova 7 SE 64MP Main Camera

Huawei NOVA 7 SE ජංගම දුරකථනය හරහා 64MP Quad camera හරහා ලබා ගන්නා high resolution එකෙන් ලබා ගන්නා ඡායාරූප වල ඇති කුඩාම detail එක පවා බලාගත හැකිය. එමෙන්ම 8MP ultra-wide-angle lens එක භාවිතා කරමින් අංශක 120ක දර්ශන පථයක ඡායාරූප ලබාගත හැකි නිසා වඩාත් පුළුල් ප්‍රදේශයක landscape ඡායාරූප ලබා ගැනීමේ හැකියාවද මෙම ජංගම දුරකථනය සතුවේ.

මේ වන විට ජංගම දුරකථන හරහා Macro Photography වල යෙදෙන පිරිස විශාල වශයෙන් වැඩි වී ඇති අතර එය ඇතැම් අයගේ විනෝදාංශයක් වී ඇත. මේ සඳහාම වෙන්වූ විශේෂ පහසුකම් සහිතව ජංගම දුරකථන පවතින අතර Huawei NOVA 7 SE වෙතද 2MP macro lens එකක් අඩංගු කර ඇත. ඒ හරහා ලබා ගන්නා macro ඡායාරූප වල textures සහ අනෙකුත් details පවා ඉතාමත් පැහැදිලිව බලා ගත හැකිය.

මීට අමතරව Quad Camera system එකේ ඇති අනිත් 2MP bokeh lens එක හරහා portrait photos ගැනීමේ හැකියාවද මෙම ජංගම දුරකථනයට පවතින අතර Kirin 820 SoC එකේ ඇති බලවත් AI algorithms නිසා කොපමණ සංකීර්ණ පසුබිමකදී වුවත් වඩාත් නිවැරදි ආකාරයට පසුබිම තෝරාගෙන ස්වාභාවික ආකාරයට එය blur කිරීමේ හැකියාව පවතී.

Shot on nova 7 SE Macro Lens

64MP ප්‍රධාන කැමරාව සමඟ එක්ව පැහැදිලි ඡායාරූප ලබාදෙන AI Optimization

Huawei NOVA 7 SE ජංගම දුරකථනයේ ප්‍රධාන කැමරාව 1/1.7-inches image sensor එකක් භාවිතා කරන ලබනු අතර 64MP ultra-high-resolution ප්‍රධාන කැමරාව හරහා වඩා පැහැදිලි හා දීප්තිමත් ඡායාරූප ලබා ගැනීමේ හැකියාව මෙමඟින් ලැබී ඇත.

හොඳින් එලිය ඇති අවස්ථාවකදී සහ පරිසරයකදී, Huawei NOVA 7 SE මඟින් ultra-high-resolution images output එකක් ලෙස ලබා දෙන අතර එම ඡායාරූපයක් හතර ගුණයකින් විශාලනය කල විට වුවද එහි details පැහැදිලිව පෙන්නුම් කරනු ලබයි.

අඩු ආලෝක තත්වයන් යටතේ ඡායාරූප ලබා ගැනීමේදී බොහොමයක් වේලාවට විශාල වශයෙන් noise එක (unclear ගතිය) දක්නට ලැබීම බොහෝ ජංගම දුරකථන වල සිදු වන කාරණාවක්. නමුත් Huawei NOVA 7 SEහි ඇති Quadra 4-in-1 pixel binning algorithm එක භාවිතා කරමින් අඳුරු පරිසරයක ලබාගන්නා ඡායාරූප වල noise එක අවම කරමින් ඉතාමත් හොඳ තත්වයේ පැහැදිලි ඡායාරූප ලබා දේ.

Shot on nova 7 SE 64MP Main Camera

AI Night Mode එක සුපිරි nighttime images

මෙතෙක් වෙලා අපි කතා කලේ Huawei NOVA 7 SE ජංගම දුරකථනයේ ප්‍රධාන කැමරාව පිළිබඳවයි. මෙම ජංගම දුරකථනයේ ඉදිරිපස කැමරාව ගැන අපි දැන් කතා කරන්න යන්නේ. මෙහි ඉදිරි පස කැමරාව ලෙස 1/1.3inches sensor එකක් එක්ක aperture අගය f/2.0 ගන්නා 16MP front-facing selfie lens එකක් භාවිතා වේ. Huawei සමාගමේ නවතම Super Night Selfie 2.0 හරහා මෙම කැමරාව භාවිතා කරමින් එළිය අඩු පරිසරයකදී වුවද ඉතාමත් හොඳ සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව ඇත.

එමෙන්ම මෙම නවතම තාක්ෂණය භාවිතා කිරීමෙන් ප්‍රධාන කැමරාවද අඩු ආලෝක තත්ව යටතේදී ඉතාමත් හොඳ තත්වයේ හැකියාවන් පෙන්නුම්  කරයි. මෙම තාක්ෂණය භාවිතාවේදී සිදු වන්නේ, කැමරාව විසින් ස්වයංක්‍රීයවම ඡායාරූප කිහිපයක්ම ලබාගෙන Kirin 820hi AI Algorithms භාවිතා කරමින් ඒවා එකිනෙකට එකතු කර ඉතාමත් හොඳ තත්වයේ ඡායා රූපයක් නිර්මාණය කරනු ලබයි. මෙහිදී අනිත් දුරකථන වල මෙන් ඡායාරූප overexpose වීම සිදු නොවන අතර නියම ආකාරයට අඳුරු පෙදෙස්හි ඇති වර්ණ පවා නිවැරදිව පැහැදිලිව පෙන්නුම් කරනු ලබයි.

Kirin 820 5G chipset එක BM3D SDLR level image noise reduction තාක්ෂණයට සහය දැක්වීම නිසා මෙවැනි විශිෂ්ඨ ප්‍රථිපල ලබා ගැනීමට Huawei සමාගමට හැකිවී ඇත.

Shot on nova 7 SE

ඔබ විසින් photography හෝ videography සඳහා කැමැත්තක් දක්වන්නේ නම් මෙය ඔබට වඩාත් ගැලපෙන ජංගම දුරකථනයකි

Huawei NOVA 7 SE ජංහම දුරකථනය Space Silver, Crush Green, සහ Midsummer Purple යන වර්ණයන්ගෙන් ඔබට රුපියල් 64,999ක මුදලකට වෙලඳපලෙන් මිලදී ගැනීමට හැකියි.