Loading...
AliExpress ඇතුලුව තවත් චීන apps 43ක් ඉන්දියාව තුල තහනම් කිරීමට එරට රජය කටයුතු කරයි

ඉන්දියානු රජය විසින් මීට කිහිප වතාවකදීම චීනයේ නිපදවනු ඇබූ ජංගම දුරකතන යෙදවුම් සහ ජංගම දුරකතන ක්‍රීඩාවන් එරට ජනතවට භාවිතා කිරීම තහනම් කරමින් නීති සම්පාදනය කල ආකාරය පිළිබඳව මීට පෙර කිහිප වතාවකදීම අප වෙබ් අඩවිය හරහා ඔබට ඉදිරිපත් කලෙමු.

එහි උච්ඡතම අවස්ථාවක් වූයේ ලෝක ප්‍රකට ජංගම දුරකතන ක්‍රීඩාවක් වන Player Unknown Battle Ground: Mobile ඇතුළුව චීන මෘදුකාංග 274ක් තහනම් කිරීමයි. එහි ප්‍රතිපලයක් ලෙස PUBG: Mobile ක්‍රීඩාවට බෙහෙවින් ඇළුම් කල 21 හැවිදිරි ඉන්දියානු තරුණයෙකු සිය දිවි හානි කර ගැනීමක් ද වාර්තා වුනා.

කෙසේ වෙතත් මේ වන විට යළිත් PUBG Game එක ඉන්දියාවට ලබා දිමට PUBG Corporation එක සූදානමින් සිටිනවා.

ඉන්දියානු රජයේ මේ චීන Apps තහනමේ තවත් එක් පියවරක් විදිහට ඉන්දියානු රජයේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් තවත් Apps 43ක් පමණ තහනම් කිරිමට කටයුතු කර තිබෙනවා. මෙම තහනම සඳහා ඉන්දියානු රජය විසින් තොරතුරු තාක්ෂණ පනතේ 69A වගන්තිය භාවිතා කර ඇති අතර මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියානු රජය විසින් ප්‍රාකාශ කර ඇත්තේ "ඉන්දියාවේ ස්වෛරීභාවයට හා අඛණ්ඩතාවයට අගතිගාමී වන ක්‍රියාකාරකම්වලින් ඉන්දියාව ආරක්ෂා කිරීම, රාජ්‍ය ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීම" වෙනුවෙන් මෙලෙස Apps තහනම් කිරිමට කටයුතු කල බවයි.

Ministry of Electronics and Information Technology has issued the order for blocking the access of these apps by users in India based on the comprehensive reports received from Indian Cyber Crime Coordination Center, Ministry of Home Affairs.

මෙවර ඉන්දියානු රජය විසින් තහනම් කිරීමට පියවර ගෙන ඇති ජංගම මෘදුකාංග අතර Alibaba, Ali Express, Alibaba Workbench යන ජංගම දුරකතන යෙදවුම්ද අඩංගු වනවා. Black Friday 2020 වලට දින කිහිපයක් තබා මේ ආකාරයට AliExpress වැනි සේවාවන් අවහිර කිරීමෙන් එරට ජනතාව මහත් අපහසුතාවයකට පත් වනු ඇතැයි මත පල වනවා.

‌මේ Apps තහනම් කිරිමේ දි ඉන්දිය රජය විසින් දක්වා තිබෙන්නේ

  1. AliSuppliers Mobile App
  2. Alibaba Workbench
  3. AliExpress – Smarter Shopping, Better Living
  4. Alipay Cashier
  5. Lalamove India – Delivery App
  6. Drive with Lalamove India
  7. Snack Video
  8. CamCard – Business Card Reader
  9. CamCard – BCR (Western)
  10. Soul- Follow the soul to find you
  11. Chinese Social – Free Online Dating Video App & Chat
  12. Date in Asia – Dating & Chat For Asian Singles
  13. WeDate-Dating App
  14. Free dating app-Singol, start your date!
  15. Adore App
  16. TrulyChinese – Chinese Dating App
  17. TrulyAsian – Asian Dating App
  18. ChinaLove: dating app for Chinese singles
  19. DateMyAge: Chat, Meet, Date Mature Singles Online
  20. AsianDate: find Asian singles
  21. FlirtWish: chat with singles
  22. Guys Only Dating: Gay Chat
  23. Tubit: Live Streams
  24. WeWorkChina
  25. First Love Live- super hot live beauties live online
  26. Rela – Lesbian Social Network
  27. Cashier Wallet
  28. MangoTV
  29. MGTV-HunanTV official TV APP
  30. WeTV – TV version
  31. WeTV – Cdrama, Kdrama&More
  32. WeTV Lite
  33. Lucky Live-Live Video Streaming App
  34. Taobao Live
  35. DingTalk
  36. Identity V
  37. Isoland 2: Ashes of Time
  38. BoxStar (Early Access)
  39. Heroes Evolved
  40. Happy Fish
  41. Jellipop Match-Decorate your dream island!
  42. Munchkin Match: magic home building
  43. Conquista Online II

Sources : Beebom