Loading...
ඉන්දියාව PUBG ඇතුළු තවත් apps 274ක් තහනම් කරන ලකුණු

පසුගිය මාසයේදී ඉන්දීය රජය විසින් චීන සම්භවයක් සහිත Apps 59 ක ලයිස්තුවක් තහනම් කරන ලද්දේ රටවල් දෙක අතර යම් අර්බුදකාරී තත්වයක් ද ඇති කරමිනි. ඒ අතර, ඉන්දියානුවන් අතර බොහෝ ජනප්‍රිය වූ TikTok app එකද ඇතුළත් විය. Economic Times වාර්තා කරන ආකාරයට ඉන්දීය රජය විසින් තවත් apps 200 කට අධික ප්‍රමාණයක් තහනම් කිරීමට සූදානම් වේ.

මෙම ලයිස්තුවේ පහත apps ඇතුළත් වන බව සඳහන් වේ.

  • PUBG Mobile - Tencent
  • AliExpress - Alibaba
  • Zili - Xiaomi
  • Meitu සමාඟමේ apps
  • LBE Tech සමාඟමේ apps
  • Perfect Corp සමාඟමේ apps
  • Sina Corp සමාඟමේ apps
  • Netease Games සමාඟමේ apps
  • Yoozoo Global  සමාඟමේ apps
  • ByteDance සමාඟමේ apps

වාර්තා වන අන්දමට, මෙම ලැයිස්තුවේ apps 275ක් පමණ ඇති අතර, ඉන්දියානු රජය විසින් ඒවා පරීක්ෂා කරමින් පවතී. මෙම apps තහනම් කිරීමේ හේතු වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ ඔවුන්ගේ ජාතික ආරක්ෂාව අවදානමකට ලක් වීම සහ පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට හානි වීම යි. Economic Times වෙත තොරතුරු ලබාදුන් අයෙක් සඳහන් කර තිබුණේ මෙම ලයිස්තුවේ සියළුම apps හෝ රජය විසින් තෝරාගත් apps ලයිස්තුවක් තහනමට ලක්වීමේ අවධානමක් පවතින බවයි.

එමෙන්ම, ඉන්දීය රජය විසින් පෙර දී තහනමට ලක් කළ apps 59ට අමතරව එම apps හා සමාන වූ තවත් ඇප්ස් 47ක් පමණ ද තහනම් කර ඇත. නමුත් එම තහනම මහජනයා වෙත නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

TikTok, PUBG වැනි apps ඉන්දියාවේ බොහෝ ජනප්‍රිය ඒවා වන අතර, PUBG ජංගම දුරකථන ක්‍රීඩාව ඉන්දියාවේ මිලියන 175ක් පමණ දෙනා ස්ථාපනය කරගෙන ඇත. එය ලොව පුරා සම්පූර්ණ ස්ථාපන ගණන හා සසඳන විට 24% ක් පමණ ප්‍රතිශතයකි.

Source - Android Central