මේ වසරේ අගභාගයේදී නිකුත් වීමට නියමිත iPhone 18 Pro මාදිලිය පිළිබඳව අතිශය උනන්දුවක් ඇති කරන නවතම තොරතුරක් අනාවරණය වී තිබෙනවා. වාර්තාවට අනුව වසර ගණනාවක් පුරා දුරකථන තිරයේ මැද තිබූ Selfie කැමරාව සහ Dynamic Island විශේෂාංගය iPhone 18 Pro මාදිලිය සමඟින් තිරයේ ඉහළ වම්පස කෙළවරට මාරු වීමට ඉඩ ඇති බව දක්වන්න පුලුවන්. මෙය සිදු වුවහොත් එය iPhone X සිට මේ දක්වා අප දැක ඇති ප්‍රධානතම Visual changeම එක වනු ඇත.
iPhone 18 Pro මාදිලිය සමඟින් Apple සමාගම විසින් Face ID සංවේදක පද්ධතිය තිරය යටටම (Under display) ගෙන ඒමට සැලසුම් කර ඇති බව වාර්තා වන අතර එවිට තිරය මත ඉතිරි වන්නේ කුඩා සිදුරක් වැනි Punch Hole Selfie Camera එක පමණි. බොහෝ කාලයක් තිස්සේ මැද පවතින කැමරාව වෙනුවට, එය වම්පසට ගෙන ඒමෙන් පරිශීලකයින්ට තිරයේ මැද කොටස වඩාත් පැහැදිලිව සහ බාධාවකින් තොරව (විශේෂයෙන්ම වීඩියෝ බලන විට) භාවිතා කිරීමට හැකි වනු ඇත.

කැමරාව වම්පසට ගියද Dynamic Island විශේෂාංගය ඉවත් නොකිරීමට Apple තීරණය කර ඇති බවටත් වාර්තා වන අතර එය ද වම්පස කෙළවරේ සිට තිරයේ මැද දෙසට විහිදෙන පරිදි නවීකරණය කරනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.
මෙම වෙනස සිදු වුවහොත් දැනට වම්පස ඇති ඔරලෝසුව සහ අනෙකුත් දැනුම්දීම් (Notifications) දකුණු පසට හෝ මැදට මාරු කිරීමට සිදුවනු ඇති අතර ප්‍රකට තාක්ෂණික විචාරකයෙකු වන Jon Prosser විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනවල (Renders) පෙන්වන්නේ, මෙම වම්පස ඇති Dynamic Island එක තවදුරටත් ඉතා ප්‍රයෝජනවත් සහ ආකර්ෂණීය අංගයක් ලෙස පවතින බවයි.
කෙසේ වෙතත්, තිරයේ සමබරතාවය (Symmetry) අගය කරන පිරිස මෙම අසමමිතික (Asymmetric) පෙනුමට කෙලෙස ප්‍රතිචාර දක්වනු ඇත්ද යන්න පිළිබන්දව සැවොම උනන්දුවෙන් පසු වෙනවා.
Source: 9to5mac.com www.androidauthority.com fpt








