Loading...
LG සමාගම නිකුත් නොකල නවතම flagship දුරකතනය වන LG Velvet 2 Pro එහි සේවකයන්ම මිලදී ගනී

ඔබට මතක ඇති LG සමාගම විසින් ඔවුන්ගේ G Smartphone Series එක වෙනුවට හදුන්වා දුන් LG Velvet Smartphone Series එක පිළිබඳව අපි මිට පෙරත් ඔබ වෙත තොරතුරු ගෙන ආවා. ඒ අනුව පසුගිය වසරේදි LG සමාගම විසින් LG Velvet 5G Device එකකුත් නිකුත් කිරිමට කටයුතු කරනු ලැබුවා.

මේ LG Velvet Smartphone Series එකේ මේ වසර සදහා නිකුත් කිරිමට බලාපොරොත්තුවෙන් සිටි LG Velvet Smartphone එකේ Specifications පිළිබඳව තොරතුරු මේ වෙන විට අන්තර්ජාලයට නිකුත් වි තිබෙනවා. මේ Smartphone එක මොවුන් විසින් LG Velvet 2 Pro ලෙස හදුන්වා දිමට බලාපොරොත්තුවෙන් සිට තිබෙනවා.

නමුත් මේ වෙන විට ඔබ සැම දන්නා පරිදි LG සමාගම විසින් Smartphone නිෂ්පාදනය නවතා දමා තිබෙනවා. ඒ අනුව LG සමාගම විසින් පසුගිය අප්‍රේල් 05 වෙන දින සිට Smartphone වෙළදපොලින් ඉවත් වෙන බවට ප්‍රකාශ කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙලෙස අවලංගු කරන ලද LG Velvet 2 Pro Smartphone එකේ නිපදවා තිබු 3000ක පමණ සිමිත Devices ප්‍රමාණය LG සමාගමේ සේවකයින් විසින්ම මිලදි ගෙන තිබෙනවා. මේ LG Velvet Smartphone එකේ Specifications වලට අනුව මෙය බොහෝ විට Flagship Smartphone එකක් ලෙස නිකුත් වෙන්න ඉඩ තිබූ බව කියන්න පුලුවන්.

LG Velvet 2 Pro Specifications

Flagship Smartphone එකක් විදිහට එළිදැක්වීමට නියමිතව තිබුණ මේ LG Velvet 2 Pro Device එක සදහා Qualcomm Snapdragon 888 Flagship Chipset එක ලබා දිසට බලාපොරොත්තුවෙන් සිට තිබෙනවා. ඒ වගේම මේ Smartphone එකේ Display එක අගල් 6.8ක FHD+ Resolution එක සහිත P-OLED Display එකක් වෙනවා. මෙය 120Hz Display Refresh Rate එකින් යුතු Curved Display එකක් වෙනවා.

මේ Smartphone එක සදහා 64MP OIS Support Camera එකක් සහිත Triple Camera Setup එකක් භාවිත කරන්නත් සුදානමින් සිට තිබෙනවා. මෙහි අනිත් Camera Lens විදිහට 12MP Ultra wide හා 8MP Telephoto Lens භාවිත වෙනු ඇත. ඒ වගේම Selfie Camera Setup එක සදහා 10MP Camera එකක් ලබා දිමට නියමිතව තිබුණා.

SD888 Chipset එකෙන් සමන්විත මේ LG Velvet 2 Pro Device එක සදහා 8GB RAM එකක් සහිව 128 GB Internal Storage එකකුත් 4500mAh Battery එකකුත් අඩංගු වෙනු ඇත. කෙසේ වෙතත් මේ Smartphone එක වෙළඳපොල වෙත නිකුත් නොවන අතර නිෂ්පාදනය කර තිබු Devices 3000කට ආසන්න ප්‍රමාණයක් පමණක් LG සමාගමේ සේවකයන් විසින්ම මිලදි ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

Source: Gizmochina, GSMArena