Loading...
MediaTek විසින් සැප්තැම්බර් 15න් පසුවත් Huawei වෙත Chips විකිණීමට අවසර ඉල්ලයි

පසුගිය වසරේදි ඇමරිකාව විසින් පණවන ලද Huawei තහනම නිසා බොහෝ සමාගම්වලට Huawei ආයතනය සමග වෙළද සබදතා පවත්වා ගැනිම තහනම් වුණා. මේ තහනම සදහා බලපානු ලැබුවේ Huawei සමාගම චීන රජයේ ඔත්තුකරුවෙකු ලෙස ඇමරිකාව විසින් හුවා දැක්විමයි.

ඒ වගේම ඔවුන්ගේ සමාගම්වලට ද Huawei ආයතනය සමග ගණුදෙනු කිරිම තහනම් කිරිමට කටයුතු කලා. හැබැයි ඇමරිකාව විසින් Huawei ආයතනයට පැනවු සිමාවන් හමුවේ වර්තමානය වන විට ඔවුන් සිටින ස්ථානය අනිවාර්යයෙන්ම අගය කල යුතුයි.මේ සදහා හේතුව වුයේ චීනය තුල ඔවුන් වෙළදපොල පුළුුල් විම බව දක්වන්න පුළුවන්.

මේ වසරේදි Chips නිෂ්පාදකයින්ට Huawei ආයතනය සදහා Chips නිපදවිම හා විකිණීම තහනම් කරන්න කටයුතු කලා. ඒ වගේම ඇමරිකානු සම්බාධක නිසා ඔවුන්ට Kirin chips නිපදවිම සදහා TSMC යොදා ගැනිමටත් නොහැකි වුණා.

මේ වන විට Huawei ආයතනය ඔවුන්ගේ බොහෝ Smartphone සදහා MediaTek Chips භාවිත කරමින් සිටිනවා.

MediaTek කියන්නේ Huawei සමාගමට ඔවුන්ගේ Devices නිෂ්පාදනයට අවශය Chips මේ වන විටත් ලබා දෙමින් සිටින සමාගමක් වෙනවා. MediaTek සමාගම විසින් චීන තාක්ෂණික යෝධයා වෙන Huawei ආයතනය සමග කටයුතු කිරිමට දි තිබෙන අවස්ථාව දිර්ඝ කරන ලෙස ඇමරිකානු රජයෙන් මේ වන විට ඉල්ලා සිටිනවා. ඒ ඔවුන්ට මේ වන විට ලබා දි ඇති අවසරය සැප්තැම්බර් 15න් ඉවත් වෙන බැවිනි.

මේ අවස්ථාව MediaTek වෙත ලබා ගැනිමට හැකි වුවහොත් අනාගත Huawei Devices සියල්ල MediaTek Chips හරහා බලගැවෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම MediaTek සමාගම පැත්තෙන් පල වෙන වාර්තාවලට අනුව සැප්තැම්බර් 15 පෙර නිපදවු 5G Chips මිලියන 30ක පමණ Stock එකක් ද මේ වන විට ඔවුන් සතුව පවතිනවා.

මේ Chips මිලියන 30ම Huawei ආයතනයට අලෙවි කිරිමට නිපදවු එවා වෙන අතර මේ Chip ලබා දිමට නොහැකි වුවහොත් ඔවුනට විශාල පාඩුවක් සිදු විය හැකි බවද කියන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ මේ 5G Chips වෙනත් සමාගම්වලට, ඒ කියන්නේ Xiaomi, Vivo, and Oppo වගේ සමාගම්වලට විකිණීමට හැකි වුවත් එම සමාගමුත් මේ වන විට ඔවුන්ට අවශය Chips, Qualcomm සමාගමෙන් ලබා ගන්නා නිසා එයත් යම් අවිනිශ්චිත තත්වය පවතනිවා.

කෙසේ වෙතත් ඇමරිකාව විසින් Huawei ආයතනය හා අනුබද්ධ තවත් සමාගම 38ක් ඔවුන්ගේ පෙර කියු තහනමට ලක්කර ඇති බැවින් අවස්ථාව ලබා ගැනිමට MediaTek සමාගමට හැකි වේද යන්න තවම අවිනිශ්චිතයි. MediaTek සමාගම විසින් මේ පිළිබඳව ඔවුන්ගේ අදහස ප්‍රකාශ කරල තිබෙනවා.

‌‌“We have always followed global trade-related laws and regulations and is (sic) paying close attention to changes in U.S. export control rules and consulting external legal counsel. we will obtain the latest regulations and conduct legal analysis to ensure compliance with relevant rules. Based on existing information evaluation, it has no significant impact on our company’s short-term operating conditions”

Huawei ආයතනය පැත්තෙන් බැලු විට ඔවුනට මේ MediaTek Chips අහිමි විම ලොකු ගැටලුවක් නොවෙන බවටයි ඉගි පල වෙන්නේ. මේ පිළිබඳව Huawei සමාගමෙනුත් මේ ආකාරයේ නිල නොවන අදහසක් පල වි තිබෙනවා.‌‌

“Last night we had another meeting until midnight. The boss’s attitude is to step forward and die rather than take a step back.”

ඉතින් ඉදිරියේ දි බලමු මේ ගැටලුට මොකද වෙන්නේ කියල. ඒ කියන්නේ ඇමරිකාව MediaTek සමාගමට Huawei ආයතනය සදහා Chips විකිණීමට අවස්ථාව ලබා දෙයිද, නැද්ද කියල.

Sources : Beebom