ඔබට මතක ඇති පසුගිය ජුනි මාසයේදි පමණ Microsoft සමාගම විසින් නිල වශයෙන් ඔවුන්ගේ Windows 11 එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. Windows 11 සංස්කරණය නිල වශයෙන් Download කර ගැනීමට අද දින (ඔක්තෝබර් 05) සිට අවස්ථාව සලසා දෙන බවත් මීට පෙර ඔවුන් විසින් නිවේදනය කරනු ලැබුවා.
ඒ අනුව මේ වෙන විට Windows 11 නිල වශයෙන් Download කර ගැනිම සදහා නිකුත් කර ඇති අතර මෙය නොමිලේ ලබා දීමටත් Microsoft සමාගම විසින් කටයුතු කර තිබෙනවා. එමෙන්ම අද දිනයෙන් පසුව ඔබට නව පරිගණකයක් මිලදි ගැනිමේදි Windows 11 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත පරිගණකයක් මිලදී ගැනිමේ හැකියාව ද උදා වෙනවා.
අපි මීට පෙර Windows 11 මෙහෙයම් පද්ධතිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලිපි කිහිපයක් හරහාම ඔබ වෙත ගෙන එනු ලැබුවා. එම ලිපි සියල්ල පහතින් ඔබට නැවත කියවිය හැකි වෙනවා.
- Windows 11 සංස්කරණය නිල වශයෙන් එළි දක්වයි; අවශ්‍ය අවම පහසුකම් මොනවාද ?
- Windows 11 සදහා සහය දක්වන Processor මොනවාද ?
- Windows 11 සමග ලැබෙන නවතම පහසුකම 05
- පැරණි CPU සහිත පරිගණක සදහාත් Windows 11 සංස්කරණය ලබා ගැනිමේ අවස්ථාව; නමුත් Updates ලැබිමක් නොමැත
Windows 11 සංස්කරණය නොමිලේ Download කිරිමේ ලැබෙනුයේ මේ වෙන විටත් නිල Windows 10 සංස්කරණයක් (Genuine) භාවිත කරමින් සිටින Usersලාට පමණක් වෙන අතර Windows 7 හෝ ඉට ප්‍රථම සංස්කරණයන් භාවිත කරන Usersලාට මෙය මුදල් ගෙවා මිලදි ගත යුතු වෙනවා.
එමෙන්ම ඔබගේ පරිගණකය නව Windows 11 සංස්කරණය භාවිත කිරිම සදහා සුදුසුකම් සපුරා ඇත්දැයි දැන ගැනිම සදහා Microsoft සමාගම විසින් PC Health Check නමින් App එකක් හදුන්වා දි ඇති අතර ඒ මගින් ඔබටම එය පිළිබඳ දැන ගත හැකි වෙනවා.
Source: Microsoft