Loading...
MIUI 12.5 Enhanced update එකත් එක්ක කරලියට ආපු ජංගම දුරකතනයේ RAM එක වැඩි කරන Memory Extension

MIUI 12.5 Enhanced Edition එක Global ROM එකට Release වුණ බවට අපි පසුගිය දිනක ඔබ වෙත තොරතුරු ගෙන ආවා. මේ ලිපිය ලියන මොහොත වෙන විට එම Update එක POCO F3 Smart Phone එකට විතරයි Release වෙලා තිබෙන්නේ.

මේ MIUI 12.5 Enhanced Edition Software Update එක හරහා POCO F3 Smart Phone එකට Memory Extension පහසුකම ලබා දෙන්න Xiaomi සමාගම කටයුතු කරනු ලැබුවා. ඒ අනුව 256GB Internal Storage එකක් පවතින Devices වලට 3GB Memory Extension එකකුත් 128 GB Internal Storage එකක් පවතින Devices වලට 2GB Memory Extension එකකුත් ලැබෙනවා.

Memory Extension ගැන කතා කරන්න කලින් අපි බලමු Smart Phone එකේ  Memory එක, එහෙම නැත්තම් RAM එක කියන්නේ මොකද්ද කියලා.

ඕනැම Smart Phone එකක Processor එකක් තියෙනවා. Processor එකෙන් තමයි තාර්කික කටයුතු, ගණිතමය කාර්යයන්, ආදාන ප්‍රතිදාන කටයුතු වගේම පාලන කටයුතු සියල්ලම පාහේ සිදු වෙන්නේ. Processor එකට සේරම දේවල් මතක තියාගෙන මේ දේ තනියම සිදු කරන්න බෑ. මොකද උඩ කියලා තියෙනවා වගේ කාර්යයන් දහස් ගණනක් Processor එක හරහා තප්පරයකදි සිද්ද වෙනවා. ඒ සිද්ධ වෙන කාර්යයන් සඳහා ඕනි කරන දත්ත Processor එකට මතක තියාගන්න අමාරුයි. ඔන්න ඔය මතක තියාගන්න වැඩේ තමා Memory එකෙන් කරන්නේ. ඒ කියන්නේ Processor එකෙන් සිදු කරන කාර්යයන් වලට ඕනි දත්ත සේරම මතක තියාගෙන ඉන්නේ මේ Memory එක.

සරලව අපි මෙහෙම හිතමු. Processor එකෙන් තප්පරයකට කාර්යයන් දහස් ගණනක් කරනවා නම් ඒ දහස් ගානටම අවශ්‍ය දත්ත දෙන්නේ Memory එකෙන් නම් Processor එක හා Memory එක අතර කොච්චර වේගයකින් දත්ත හුවමාරු වෙන්න ඕනිද? ඔව් තප්පරයට මෙගා බයිට් (Mega bytes) දස දහස් ගණනක වේගයකින් මේ දෙක අතර දත්ත හුවමාරු කරගන්න වෙනවා.

මේ Memory වල තාක්ෂණය වගේම දත්ත සම්ප්‍රේෂණ වේගය කාලයත් එක්ක අලුත් වෙනවා. පහළ photo එකේ දාලා තියෙන්නේ දැනට ගොඩාක් දුරකථන වල භාවිතා වන Memory Technologies හා ඒවට අදාල වන දත්ත සම්ප්‍රේෂණ වේගයන්. එම වේගය එක Channel එකක පමණක් වන අතර එවැනි Channels 32-64 දක්වා ප්‍රමාණයක එක Memory කොටසක (DIMM) පිහිටනවා.

ඒ ආකාරයේ DIMM 2-4 අතර ප්‍රමාණයක් සම්පූර්ණ Memory එක තුල පිහිටනවා. ඒ කියන්නේ සම්පූර්ණ දත්ත සම්ප්‍රේශණය කිරීමේ වේගය (Bandwidth) තප්පරයට ගිගා බයිට් (Giga Bytes) කිහිපයක අගයක් ගන්නවා. උදාහරණයක් විදියට LPDDR 5 Technology එක ගත්තොත් එහි DIMM 4 ක් පිහිටන අතර එක DIMM එකක Channels 32 ක් තියෙනවා.

එතකොට Memory එකේ සම්පූර්ණ Bandwidth එක, 6400 mbps * 32 * 4 = 409.6 Gbps = 51.2 GBps වගේ ඉතා ඉහළ අගයක් ගන්නවා.

දැන් අලුතින් නිකුත් වන බොහොමයක් Entry Level, Lower Midrange Phonesවල LPDDR 4 කියන තාක්ෂණය භාවිතා වෙනවා. සමහරක් Upper Midrange Smart Phoneවල LPDDR 4X භාවිතා වන අතර LPDDR 5 තාක්ෂණය High End දුරකථන වල භාවිතා වෙනවා.

දැන් එතකොට ඔයාලා දන්නවා Phone එකේ Speed එක තීරණය වෙන්නේ Processor එකේ ගණනය කිරීම වේගය හා Memory එකේ තියෙන දත්ත සම්ප්‍රේශණ වේගය මත කියලා. හරි දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි " ඇයි RAM / Memory එකේ Size එක 4GB, 6GB, 8GB කියලා Market කරන්නේ, කෙලින්ම Memory එකේ දත්ත සම්ප්‍රේෂණ වේගයනේ Market කරන්න ඕන කියලා." ඕකට තියෙන්නේ සරල උත්තරයක්.

කොච්චර වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කරත් වැඩක් නෑ Memory එකේ ඒ අවශ්‍ය වෙන දත්ත තැන්පත් කරන්න තියෙන්නේ පුංචි ඉඩ ප්‍රමාණයක් නම්. ඉඩ වැඩිවෙන තරමට Processor එකට හැකිවෙනවා ඉතා විශාල දත්ත ප්‍රමාණයක් අවශ්‍ය කාර්යයන් ඉතා කෙටි කාලයකින් සම්පූර්ණ කරන්න. ඒ නිසා Processor එකේ කාර්යය කිරීමේ හැකියාව වැඩි වන තරමටම Memory එකේ Size එකත් වැඩි විම අවශ්‍ය වෙනවා. එතකොට තමා අපිට ඉතා ඉක්මනින් Output එකක් ගන්න පුළුවන් වෙන්නේ.

මොකක්ද මේ Memory Extension කියන්නේ?

Memory Extension කියන්නේ Phone එකේ තියෙන Storage එකෙන් යම් කිසි ප්‍රමාණයක් Memory එක විදියට යොදාගැනීම. ඒත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Memory එකක දත්ත සම්ප්‍රේෂණ වේගයට වඩා Internal Storage එකේ දත්ත සම්ප්‍රේෂණ වේගය කිහිප ගුණයකින්ම අඩුයි. ඒ කියන්නේ Internal Storage එකෙන් 3GB දුන්නාට ඒ ප්‍රමාණයෙන් Memory එකේ 3GB ප්‍රමාණයකින් කරගන්න වැඩ ප්‍රමාණය කරගන්න බෑ. මොකද ඉඩ තිබුණට අර තරම් වේගයක් නෑ.

දැන් ඔයාලා දන්නවා Memory එක 8 GB වෙන Device එකකට තව 3 GB ප්‍රමාණයක් Memory Extension එකක් විදියට දුන්නම ඒ දෙක එකතු කරලා 11 GB කියන එක හරි නෑ කියලා. මොකද Memory එකෙන් සිදු කරන කාර්යයන් වල ප්‍රධානම සාධකයක් දත්ත සම්ප්‍රේෂණ වේගය. ඒත් ඒක මේ Memory Extension එකෙන් සම්පූර්ණ වෙන්නේ නෑ.

Memory Extension එකෙන් ඇති වැඩේ මොකද්ද?

ඒක සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ MIUIලගේ Algorithm එක උඩ. මම සරල උදාහරණයක් කියන්නම්. මං දන්නේ නෑ මේක එයාලගේ Algorithm එකේ තියෙනවද කියලා. මේ Memory Extension එකෙන් ඇති වැදගත්කම තේරුම් කරන්න ඕන නිසා මේ උදාහරණය කියන්නේ.

Processor එකෙන් යම් තප්පර කිහිපයකට වරක් සිද්ධ වෙන නියත කාර්යයන් ටිකක් තියෙනවා කියලා හිතන්නකෝ. මේවා හැම තප්පරේම සිද්ද වෙන්නේ නෑ. තප්පර කිහිපයකට වරක් තමා සිද්ද වෙන්නේ. ඒ කියන්නේ Storage එකේ ඉඳන් Processor එක වෙත දත්ත සම්ප්‍රේෂණය කරන්න වේලාව තියෙනවා. ඒ කියන්නේ කලින් Memory එකෙන් Run උණු යම් වැඩ කොටසක් අපිට පුලුවන් මේ Memory Extension එකට බාර දෙන්න.

එතකොට මොකද වෙන්නේ කලින් System එක විසින් Memory එකෙන් හැම වෙලේම අරන් තිබුණු ඉඩ ප්‍රාමනායෙන් යම් කොටසක් මේ Memory Extension එකට දෙනවා. ඒ නිසා දැන් Memory එකෙන් හැම මොහොතේම System එක වෙනුවෙන් දෙන ඉඩ ප්‍රමාණයෙන් යම් කොටසක් අඩුයි. ඒ කියන්නේ වෙන 3rd party app එකකට Memory එකෙන් වෙන් කරන්න පුළුවන් ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් Memory එක 8 GB වෙන device එකක System එකෙන් 3.5 GB විතර ඉඩ ප්‍රමාණයක් Memory එකෙන් හැම වෙලේම ගන්නවා. එතකොට ඉතිරි 3rd Party apps වලට ඉතිරි වෙන්නේ 4.5 GB වගේ.

නමුත් මේ Memory Extension එක නිසා දැන් අර කලින් System එකෙන් ගත්ත ඉඩ ප්‍රමානය අඩු වෙලා 3rd Party apps වලට තියෙන ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. දැන් ඔයාලට තේරෙනවා මේක හරියට භාවිතයට ගත්තොත් Perfomanceවලට යම් බලපෑමක් කරන්න පුළුවන් කියලා.

මං Computer Architecture වල තියෙන සංකීර්ණ දේවල් කතා කරන්න ගියේ නෑ ලිපිය තවත් සංකීරණ වෙන නිසා. ඒ නිසා සමහර සංකීර්ණ දේවල් මග ඇරිලා ඇති. මේක ලිපියේ ප්‍රධාන අරමුණ මොකක්ද මේ Memory Extension එක කියන්නේ, මොනවද ඒකෙන් කරන්න පුළුවන් කියන දේ සරලව පැහැදිලි කරන එක.

කොහොම නමුත් මේ Memory Extension එකෙන් ලොකු වැඩක් ගන්න නම් තමන්ගේ Device එකේ Storage Technology එක UFS 3.1 හෝ UFS 3.0 වත් තියෙන්න ඕන. මං කියන්නේ නෑ එතනින් පහළ UFS 2.1/ UFS 2.0 වගේ ඒවට වැඩක් නෑ කියලා. නමුත් ඒවයේ දත්ත සම්ප්‍රේෂණ වේගයන් UFS 3.1 වලට වඩා කිහිප ගුණයකින් අඩුයි.

ඒ වගේම Xiaomi සමාගම විසින් මීලග Updateවලදී ඔවුන්ගෙ අනෙක් Devicesවලටත් මේ Memory Extension පහසුකම ලබා දෙයි.