Loading...
එලිදැක්වීමට නියමිතව තිබූ Blackberry 5G ජංගම දුරකතන ව්‍යාපෘතිය OnwardMobility සමාගම විසින් නවතා ඇති බවට තොරතුරු වාර්තා ​වේ

ඔබට මතක ඇති මීට වසර දෙකකට පමණ පෙර OnWard Mobility සමාගම යටතේ නව BlackBerry 5G Smart Phones නිකුත් කීරිමට සුදානම් බවත් ඒ අනුව 2021 වසරේදි සුපුරුදු Physical Keyboard එක සහ 5G තාක්ෂණය සහිතව නව BlackBerry Smart Phone එකක් වෙළෙඳපොළට නිකුත් වෙනු ඇති බවටත් නිල වශයෙන්ම තොරතු​රු නිකුත් වුවා.

කෙසේ වෙතත් පසුගිය ජනවාරි 04 වෙනි දින සිට සියලුම BlackBerry Classic Smart Phones සදහා වන සහය නවතා දමන බවට BlackBerry සමාගම ප්‍රකාශයට පත් කළ අතර මේත් සමග BlackBerry Smart Phones වල අවසානය සිදු වෙනු ඇතැයි බොහෝ දෙනා සමාජ මාධ්‍යයන් තුලද සටහන් කර තිබුණා. මේත් සමගම "තමවත් මියගොස් නැතැයි" දන්වමින් ප්‍රථම 5G BlackBerry Smart Phone එක මේ වසරේදි නිකුත් වෙන බවට Onward Mobility සමාගමේ නිල Blog අඩවිය ඔස්සේ පසුගිය ජනවාරි 06 වෙනි දින ප්‍රකාශයට පත් කර තිබුණා.

කෙසේ වෙතත්, වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව Onward Mobility සමාගමට BlackBerry Brand Name එකට තිබු අයිතිය අහිමි වි තිබෙනවා. ඒ අනුව Onward Mobility සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද Blackberry 5G Smart Phone එකක් එළිදැක්විමේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා.

වැඩි දුරටත් වාර්තා වෙන තොරතුරුවලට අනුව Onward Mobility සමාගම විසින් මෙලෙස Blackberry 5G Smart Phone එකක් එළිදැක්විමේ ව්‍යාපෘතිය නවතා දමා තිබෙන්නේ ඔවුන් සතුව BlackBerry Brand Name එක භාවිත කිරිම සදහා බලපත්‍ර තිබෙන විටයි. එමෙන්ම පසුගිය දිනක Blackberry සමාගම විසින්ම ඔවුන් සතු වු Mobile Patent රැසක් ඩොලර් මිලියන 600ක පමණ මුදලකට විකුණා දමා තිබෙනවා. මේත් සමග බොහෝ දෙනා මත පළ කරනු ලැබුවේ Blackberry සමාගම මුලුමනින්ම Smart Phones අංශයෙන් ඉවත් විමට සුදානම් වෙන බවයි.

කෙසේ වෙතත් තවමත් මේ තොරතුරු පිළිබඳ නිල තහවුරු කිරිමක් ලැබි නොමැති අතර, ඉදිරි දින කිහිපය පිළිබඳ මේ තොරතුරු පිළිබඳ නිල වශයෙන් තොරතුරු ගෙන ඒමේ හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: Android Police, Gizmochina, The Verge