Loading...
Huawei සමාගම විසින් Petal Speed නමින් internet speed පරික්ෂා කිරීමේ app එකක් නිකුත් කරයි

Huawei සමාගම විසින් ඔවුන්ගේම Internet Speed Test App එකක් එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා. Petal Family එකට අයත් App එකක් ලෙස මෙය Petal Speed නමින් නම් කර තිබෙනවා.

මේ Petal Speed App එක මගින් Mobile Networks හෝ WIFI Networksවල Download Speed, Upload Speed මෙන්ම පවතින දෝෂත් හදුනාගත හැකි ආකාරයට නිපදවා තිබෙනවා. මෙය 2G,3G,4G හා 5G Networks සදහා මෙන්ම WIFI Networksවලත් Speed Measurements හා Delay Jitter Test පිළිබඳව Real Time Information ලබා ගත හැකි වෙනවා.

‌‌මේ App එක මගින් ලබා ගත හැකි තොරතුරු :‌‌

  • Network Access Type‌‌
  • Signal Strength‌‌
  • Network Connectivity‌‌
  • Network Speed / Latency‌‌
  • Network Stability

ඒ වගේම මේ App එක සදහා සිත් ගන්නා සුලු User Interface එකක් ලබා දි තිබෙන අතර Buttons හා UI Elements ආදි සියල්ල භාවිත කරන්නාගේ පහසුව ඉලක්ක කර ලබා දි තිබෙනවා.

Petal Speed App එක AppGallery සදහා නිකුත් කල පැවතියත් තවමත් මෙය නිල වශයෙන් ලබා ගත හැකි වෙන්නේ චීන පරිශිලකයන් සදහා පමණයි.

Source : Huawei Central