Loading...
සාමාන්‍ය මගී දුම්රිය ප්‍රවේශ පත්‍ර මාර්ගගතව මිලදී ගැනීමේ පහසුකම ලබා දෙමින් Pravesha වෙබ් අඩවිය එලිදක්වයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් අද දින සිට සාමාන්‍ය මගී දුම්රිය ප්‍රවේශ පත්‍ර මාර්ගගතව මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

මේ සඳහා Pravesha නමින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී ඇති අතර අද (22/08) සිට ඉතා පහසුවෙන් මාර්ගගතව මගී දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.

මේ සේවාව ඔස්සේ,

  • ශ්‍රී ලංකාවේ ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීම සඳහා මගී දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.
  • ගමන් කිරීමට දින 07කට පෙර ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකියි.
  • එක් අයෙකුට එකවර ප්‍රවේශ පත්‍ර 05ක් මිලදී ගත හැකියි.
  • වෙන් කළ ප්‍රවේශ පත්‍රය E-mail හෝ SMS ඔස්සේ ලබා ගත හැක.
  • දෙවන සහ තෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර පමණක් මිලදී ගත හැක.
  • වීසා සහ මාස්ටර් කාඩ්, ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් මගින් මාර්ගගතව පමණක් ගෙවීම් සිදු කල හැක.
එලෙස ලබා ගත් ප්‍රවේශ පත්‍රය

ඉතා පහසු පියවර 03ක් ඔස්සේ, මෙම වෙබ් අඩවිය තුළින් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි අතර මින් පසුව දුම්රිය ස්ථානය තුළ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට පෝලීම්වල රස්තියාදු විය යුතු නැත.

මේ පිළිබඳව වැඩි විස්තර සියල්ල Pravesha වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකියි.