Loading...
ලොව කුඩාම punch-hole එකක් සහිත ජංගම දුරකතනය ලෙස Redmi K40 නිකුත් කිරීමට නියමිත බව Redmi සමාගමේ සාමාන්‍යාධිකාරී ප්‍රකාශ කරයි

ඔබට මතක ඇති මිට පෙර අපි තොරතුරු ගෙන ආවා Redmi K40 Series එකත් In Box Charger එකක් නොමැතිව වෙළදපොලට නිකුත් වෙන බව.

Xiaomi Mi 11 Smart Phone එක වගේම මේ Redmi K40 Pro Smart Phone එකත් Qualcomm Snapdragons 888 Chipset එකෙන් බලගැන්වෙනු ඇති බව Redmi සන්නාමයේ සාමාන්‍යාධිකාරී Lu Weibing විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම දැනට තියෙන තොරතුරුවලට අනුව Xiaomi Mi 11 Smart Phone එක වගේම Retail Box දෙකකට අනුව මේ Smart Phone එක වෙළදපොලට නිකුත් කිරිමට ඔවුන් බලාපොරොත්තු වෙන බවත් කියන්න පුළුවන්.

ඒ වගේම මේ විට Redmi සමාගමේ General Manager වෙන Lu Weibing විසින් Confirm කර තිබෙනවා Redmi K40 Series එක සදහා Centre-positioned Punch-hole Display එකක් යොදා ගන්නා බව.

ඒ වගේම ඔහු වැඩි දුරටත් දක්වා තිබෙනවා Redmi K40 Series එක සදහා යොදා ගන්නා මේ Display එකේ මේ වන තුරැ Smart Phone එකක් සදහා යොදා ගත් Smallest Punch-hole Cutout එක පවතින බවයි.

SOURCE - 91Mobiles