මේ දවස් වල රුසියාවයි යුක්රේනයයි අතර දරුණු යුද ගැටුමක් යනවා කියලා ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. හැබැයි ඔයාලා හිතලා හිතලා බැලුවද යුක්රේනය මේ හැප්පෙන්නෙ මොන වගේ බලවතෙක් එක්කද කියලා.
සරලවම කියනවානම් අද කරන්න යන්නෙ රුසියාවේ හා යුක්රේනය අතර මිලිටරි කම්පැරිසන් එකක් (ඒ කිව්වේ රටවල් දෙක අතර යුධමය සංසන්දනයක්) හා රුසියාව විසින් යුක්රේනය මේ යුද්දෙට බලෙන්ම පටලව ගත්තෙ ඇයි කියන එක ගැන් පොඩි විස්තර කිරීමක්.
Disclaimer: තවමත් රුසියාව විසින් තම යුධ බලය පිලිබඳව 100%ක්ම හෙලි කර නැති බැවින් මෙහි සඳහන්ව ඇති සංඛ්‍යාත්ම අගයන් ඇතැම් විට වෙනස් විය හැකියි.
Active troops
හමුදාව ගැන කියපුවාම කාටත් මුලින්ම මතකෙට එන්නෙ Active troopsනෙ. අපි බලමු මේ රටවල් දෙකෙ Active troops සංඛ්‍යාව කොපමණද කියලා. යුක්රේනයට Active troops ඉන්නෙ 196,000ක ප්‍රමාණයක්. නමුත් රුසියාවට 900,000ක පමණ ප්‍රමාණයක් ඉන්නවා.
ඊට අමතරව යුක්රේනය සතුව යුධ කටයුතු සඳහා පුහුණු කල අය, ඒ කියන්නේ reserve troops 900,000ක ප්‍රමාණයක් සිටිනවා. ඒ නමුත් රුසියාවේ reverse troops ප්‍රමාණයේ අගය මිලියන 2,000,000ක පමණ අගයක් වනවා.
යුධ උපකරණ
දැන් එමු Equipment පැත්තට. යුද්ධ කරනවානම් අනිවාර්යයෙන් Military equipment තියෙන්න එපැයි. මේ Equipment පැත්තෙන් බැලුවොත් නම් රුසියාව ඉන්නෙ යුක්රේනයට හිතාගන්නවත් බැරි තැනක. මම එහෙම කිව්වෙ ඇයි කියලා මේක කියවගෙන යද්දි ඔයාලට තේරේවි.
යුධ ටැංකි
මුලින්ම යුධ ටැංකි එහෙමත් නැතිනම් Tanks ගැන කතා කරලා ඉමු.
යුක්රේනයට යුද ටැංකි තියෙන්නෙ 2,119ක් විතරයි. නමුත් රුසියාවට යුද ටැංකි 13,367ක් තියෙනවා.
Armoured fighting vehicle
Armoured fighting vehicle කියන්නෙ යුද ටැංකි තරම් බර නොවුනත් සමානය වෙඩි ප්‍රහාරයකට මුහුණ දෙන්න පුළුවන් බුලට් පෲෆ් වගේම 4×4 තියෙන සැහැල්ලු වාහන වලට. හැබැයි මේ වගෙ 4×4 වලට අමතරව වෙනත් වේරියන්ට් තියෙන්ඩ පුළුවන්.
යුක්රේනය සතු මෙම Armoured fighting vehicle සංඛ්‍යාව 2,870ක්. නමුත් රුසියාව සතුව මෙම Armoured fighting vehicle 19,783ක් තියෙනවා.
Artillery
දැන් බලමු artillery ප්‍රමාණය ගැන artillery ගැන නම් තිස්වසරක යුද්ධයෙන් බැට කාපු අපේ අයට අමුතුවෙන් පැහැදිලි කරන්ඩ දෙයක් නෑනෙ. නමුත් කමක් නැහැ, මම artillery ගැන කෙටියෙන් ඔයාලට පැහැදිලි කරන්නම්. artillery කියන්නෙ සාමාන්‍ය ප්‍රමාණයේ අතේ රැගෙන යා හැකි, ගන් එකක බැරල් එකෙන් ෆයර් කරන්න බැරි, නමුත් විශාල ප්‍රමාණයේ කැලිබර් වල බුලට් එකක් ෆයර් කරන්ඩ පුළුවන් ලොකු කාලතුවක්කුවක් වගේ එකකට. (උදා: 105mm, 155mm, 60mm, 80m,120mm වගේ ප්‍රමාණ වල ඒවා.) හරි එහෙනම් වැඩි කතා ඕනෙ අපි අපේ කලින් වැඩේට එමු.
යුක්රේනය සතු සම්පුර්ණ artillery ප්‍රමාණය 1,962යි. රුසියාව සතු සම්පූර්ණ artillery ප්‍රමාණය 5,934ක්. යුක්රේනය වගේ තුන් ගුණයක artillery ප්‍රමාණයක් රුසියාව සතුයි කියන එකයි.
ගුවන් බලය
දැන් අපි එමු උඩු ගුවන පැත්තට. මෙතනදි නම් රුසියාව සතු ගුවන්යානා ප්‍රමාණය යුක්රේනය සතු ප්‍රමානය මෙන් දස ගුණයකට අධිකයි.
උඩු ගුවන ගැන කතා කරන්ඩ මම මුලින්ම තෝර ගන්නම් Attacking aircrafts ගැන
Attacking aircrafts කියන්නෙ සතුරා වෙතට වේගයෙන් ගොස් සතුරා විනාශ කර සතුරු භූමියෙන් වේගවත්ව ඉවත්ව ගොස් නැවත් නිරුපද්‍රිතව ගොඩ බෑමට හැකි යානා වලටයි. ඔයාලට හොඳින් ඇහිලා පුරුදු නම් වෙන මිග්, කෆීර් වගේ ඒවත් අයිති මේ කැටගරි එකටම තමා. දැනට ලෝකේ තියෙන වේගවත්ම යානා දහය ගැනත් මම කලින් ලිපියක පැහැදිලි කරා.

යුක්රේනය සතු සම්පූර්ණ Attacking aircrafts සංඛ්‍යාව 146යි. රුසියාව සතුව මෙම Attacking aircrafts 1,328ක් තියෙනවා. ඔන්න පළවෙනි එකම දසගුනයකින් වැඩියි. ඉතුරු ටිකත් කියවලා බලන්නකෝ.
Attacking Helicopters කියන්නෙත් fighter jets වගෙම සතුරාට ගුවනින් ප්‍රහාර එල්ල කර සතුරා අඩපන කිරිමට යොදාගන්නා යානා වර්ගයක්. මේවා බහුලවම යොදා ගන්නෙ වැඩි දුරින් පිහිටා නැති ඉල්ලක්ක වෙත පහරදි සතුරා අඩපණ කිරීමටයි.

යුක්රේනය සතු Attacking Helicopters සංඛ්‍යාව 42යි. රුසියාව සතුව මේවා 478ක් තියෙනවා. එකෙනුත් 127ක්ම Kamov Ka-52 එහෙමත් නැතිනම් Ka-52 Alligator යානාවන්. ඒවගෙම මේක තමා දැනට ලෝකෙ තියෙන හොඳම Combat helicopter එක. මේ හෙලිකොප්ටර් වලත් හොඳම හෙලිකොප්ටර් ගැන මම කලින් ආටිකල් එකක පැහැදිලි කරා.
දැන් එමු UAV එහෙමත් නැතිනම් unmanned aerial vehicle පැත්තට. මේ UAV නම් බහුලවම භාවිතා වෙන්නෙ ඔත්තු බැලීම් වගේ රහසිගත කටයුතු සඳහා තමා. නමුත් මේවා මිසයිල් ප්‍රහාර එල්ල කර සතුරා විනාශ කර දැමීමටත් භාවිතා වනවා.

යුක්රේනය සතු මේ UAV සංඛ්‍යාව 20ක් වන අතර රුසියාව සතු මේ UAV සංඛ්‍යාව 500ක් වනවා. ඉතින් ඔයාලට පේනවා ඇතිනෙ UAV අතින් බැලුවත් රුසියාව විසිපස් ගුණයකින් විතර බලවත් කියලා.
දැන් බලමු surface to air missile ගැන. මේ surface to air missile කියන්නෙ තම ආරක්ෂක ප්‍රදේශයට උඩුගුවනින් එන සතුරු අනතුරු නවතාගැනීමට පාවිච්චි කරන මිසයිල වර්ගයක්. ඔයාලාට ෆිල්ම් වල එහෙම ඇහිලා ඇති (SAM) කියලා වචනයක් භාවිතා වනවා. ඒ (SAM) කියන්නෙ Surface-to-air missile කියන එක කෙටි කරලා අරගෙන හදපු වචනයක්.

මේවා ෆයර් කරන්නෙ රේඩාර් එකට අනුව හෝ Infared වලින් සතුරු යානයේ එන්ජින් වලින් පිට කරන එක්සෝස්ට් එකෙ හීට් එක ඩිටෙක්ට් කරාගෙනයි. SR 71 blackbird එහෙම මේවට අහුවෙන්නෙ නැහැ කියලා කියන්නෙ ගොඩක්ම මේ නිසයි. මේ SR 71 Blackbird ගැනත් මම කලින් ලියලා තියෙනවා.
හරි ආයෙත් අපි අපේ මාතෲකාවට එමු. යුක්රේනය සතු මෙම surface to air missile සංබ්‍යාව 403ක් වෙනකොට රුසියාව සතු surface to air missile සංඛ්‍යාව 2,830ක්. මෙතනදි හොඳම කාරණාව තමා ලොකේ හොඳම surface to air missile සිස්ටම් එක වන S400 අයිති රුසියාවට වීම. යුරෝපය ප්‍රමුක Nato එක විසින් Growler ලෙස හඳුන්වන්නෙත් මෙම S-400 එකම තමා. මේකෙන් කිලෝමිටර් 400ක අරයක ආරක්ෂාවක් රුසියානු හමුදාවන්ට ලබාදෙනවා.

මුහුදේ අණසක
අපි දැන් බලමු මුහුද ගැන එහෙමත් නැතිනම් නාවික බලය ගැන. රටකට නාවික බලයක් අවශ්‍ය වන්නෙ රට තුලට මුහුදෙන් එන ත්‍රස්ත ප්‍රහාර මැඩපැවැත්වීමට කියලා මම අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්ඩ ඕනේ නෑනේ.
නාවික බලයෙදි මුලින්ම කතාවෙන දෙයක් තමා War ships එහෙමත් නැතිනම් යුද නෞකා. යුක්රේනය සතුව යුද නෞකා සංබ්‍යාව 13. නමුත් රුසියාව සතුව යුද නෞකා 214ක් තියෙනවා.

මෙතනදි තවත් අනිවාර්යයෙන්ම මතක් කරන්ඩ ඕන දෙයක් තමා Submarine.
Submarine කියන්නෙ රහසින් දිය යටින් ගොස් සතුරු නැවු වෙතට ප්‍රහාර එල්ල කර සතුරු බලඇණි අඩපණ කරන්න තමා බහුලවම භාවිතා වන්නෙ කියලා ඔයාලා දන්නවා ඇතිනෙ. නමුත් අවසනාවකට මෙන් යුක්රේනය සතුව එකදු හෝ සබ්මැරිනයක් වත් නැහැ. නමුත් රුසියාව සතුව Submarine 49ක් තියෙනවා.

Hybrid Warfare
දැන් තමා මේ ලිපියේ වැදගත්ම වගේම ඔයාලා වැඩිය අහලා නැති මාතෲකාවක් වන Hybrid Warfare වලට එන්නෙ.
මොකක්ද මේ Hybrid Warfare කියන්නෙ.
සරලවම Hybrid Warfare කියන්නෙ පාවිච්චි සතුරාට පහර දීම සඳහා භාවිතා වන විවිධ ක්‍රම මාලාවක්. ඒ කියන්නෙ Special forces, Regular military forces, Irregular forces, Economic warfare, Support of local Unrest, Cyber attacks, Information warfare propaganda, Diplomacy යන ක්‍රමවලින් රටක් තුළට පහරදීමයි. තේරුණේ නැහැ නේද?
උදාහරණයක් විදිහට ඔයා මෙහෙම හිතන්නකෝ ඉන්දියාවට ඕනා ශ්‍රී ලංකාව යටත් කරගන්න. හැබැයි ඒකට සාධාරණ හේතුවක් තියෙන්න ඕන වෙනවා. කොහෙමද එහෙම හේතුවක් හදා ගන්නෙ. මෙන්න මෙතනදි තමා මේ Hybrid Warfare කියන Tactic එක උදව්වට එන්නෙ.
මෙතනදි මෙයාලා කරන්නෙ
- එම රටට විරුද්ධව ආර්ථික සම්බාධක දානවා
- ව්‍යාජ තොරතුරු පැතිරවීම
- රටට විරුද්ධව එම රට තුළම කැරලි ඇති කිරීම
- වැදගත් පරිගණක පද්ධති වලට පහර දීලා දත්ත හොරා කෑම
- සතුරු රටේ හමුදාවට යුද අපරාද කරායැය් කියමින් චෝදනා කිරීම
වැනි ආකාරයන්ටයි. ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනෙ මේ ඔක්කෝම ටික ලංකාවට උනානම්? මේ වෙද්දිත් ලංකාවට මොනව වෙලා තියෙයිද කියලා. ඔයාලා ගිය ටිකෙ පිටරට නිව්ස් හොඳට බැලුවනන් ඔයාලට හොඳට තේරෙන්න ඇති රුසියානු ජනපති ව්ලැඩ්මිර් පුටින් යුක්රේනය මේ යුද්ධයට ඇදලා ගන්න කරෙත් මේ ටිකමයි කියලා.
රුසියාව යුක්රේනය Nato එකට යනවට ඇයි ඔච්චරම භය. මේක සෝවියට් යූනියන් එක තිබ්බ කාලෙ ඉඳලම ඇදිලා එන ප්‍රශ්නයක්. ඒ කාලේ සොවීයට් යූනියන් එක Nato එකෙන් ඉල්ලිමක් කරනවා තම බලප්‍රදේශයේ ආසන්න රටවල් වලට Nato එක ගේන්න එපා කියලා. හැබැයි සෝවියට් ටික ටික අඩපන වී බිඳ වැටුනයින් පස්සෙ Nato එක ටික ටික රුසියාව ආසන්නයට එනවා. ලෝක යුද්ධෙකදි මේක රුසියාවට ගොඩක් අවාසියි.

යුක්රේනය කියන්නෙ රුසියාවෙ දොරකඩ කියලා අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑනේ. තමන්ගෙ හොඳම සතුරා ඇවිත් එකෙ පදිංචි උනාම කොහෙමද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ. දැන් ඔයාලට තේරෙනවා ඇතිනෙ මෙතන මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.
Source: CNN, Indianexpress, Indian Times, Defence News