Loading...
ශ්‍රී ලංකාවට Motorola ජංගම දුරකතන ගෙන්වා බෙදා හැරීමට සිංහගිරි ආයතනය ගිවිසුම් ගත වේ

මීට පෙර අප විසින් පල කල ලිපි දෙකකදී අප විසින් ඔබට සිංහගිරි ආයතනය පිළිබඳව සහ Motorola ජංගම දුරකතන ශ්‍රී ලංකාවට නැවත හඳුන්වා දීම පිලිබඳව ප්‍රකාශ කර සිටියා. එහිදී අප විසින් ඔබට ගෙන ආ Motorola ජංගම දුරකතන නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සිදු කරනු ලැබුවේ සිංහගිරි ආයතනය විසිනි.

මීට දශකයකට පෙර ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන වෙළඳ පලේ ඉහළින්ම වැජඹුන සන්නාම නාමයක් වූ Motorola ජංගම දුරකතන වෙළඳපල කොටස කෙමෙන් කෙමෙන් අඩුවී ගොස් අවසානයේදී Motorola ජංගම දුරකතන ලංකාවට ගෙන්වා බෙදා හරින්නෙකු නැති වන තරමටම එය ශ්‍රී ලංකා වෙළඳ පලෙන් ඉවත්ව ගියේ කවුරුත් නොසිතූ අන්දමිනි.

ශ්‍රී ලංකාවේ සිංහගිරි

සිංහගිරි ආයතනය 1973 වර්ෂයේදී සුගතදාස මාරසිංහ මහතා විසින් ආරම්භ කල සිංහගිරි ආයතනය පසු කලෙක සීමාසහිත සමාගමක් ලෙස ලියාපදිංචි කල අතර එතැන් පටන් සීමාසහිත සිංහගිරි පුද්ගලික සමාගම ලෙස සිංහගිරි සමාගම හදුන්වන ලදී.

සිංහගිරි ආයතනය විසින් ශ්‍රී ලංකාව පුරාම තමන්ටම අයිති වූ 100කට අධික අලෙවි ජාලයක් පවත්වාගෙන යන අතර ඔවුන් විසින්ම පවත්වාගෙන යනු ලබන අලෙවියෙන් පසු සේවා සපයන සේවා ජාලයක්ද පවත්වාගෙන යනු ලබයි. එම සේවා ජාලය තුල සිංහගිරි ආයතනය විසින් ඉතාමත් හොඳින් අත්දැකීම් ලැබූ දක්ෂ නිලධාරීන් පිරිස​ක් සහ කාර්මික ශිල්පී​න් විශාල ප්‍රමාණයක් සේවාවන්හි යොදවා ඇත්තේ තම පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවාවන් කිසි​දු අඩුපාඩුවකින් තොරව සැපයීමේ අරමුණ ඇතිවයි.

සිංහගිරි ආයතනය තම සේවා මධ්‍යස්ථනයක් දින 365 පුරාම විවෘතව පවත්වාගෙන යනු ලබන අතර ඒ හරහා ඕනෑම අවස්ථාවක තම පාරිභෝගියන්ට සේවා සැපයීම ඔවුන්ගේ අරමුණ වනවා.

1973 වසරේම උපත ලද Motorola ජංගම දුරකතන

සිංහගිරි ආයතනය පිළිබඳව ඉහත සඳහන් කල කෙටි හැඳින්වීමේදී සඳහන් වූයේ එම ආයතනය 1973 වසරේදී පිහිටුවනු ලැබූ බවයි. එමෙන්ම Motorola සමාගම සමඟ එක්වූ මාටින් කූපර් විසින් ලොව ප්‍රථම ජංගම දුරකතනය හඳුන්වා දෙන්නේ 1973 වසරේ අප්‍රේල් මාසයේ 3 වන දිනයේදීයි.

එලෙස හඳුන්වා දුන් Motorola ජංගම දුරකතන ලොව පුරා ප්‍රචලිත වූයේ නොසිතුවාටත් වඩා ඉක්මණිනි. එයට හේතුව වූයේ දුරකතනයක් අතේ ගෙන යා හැකිවීමත් සමඟය.

Motorola යනු දැනට ලංකාවෙ ප්‍රසිද්ධ brand name එකක් නොවුනට US, UK, China, India වගේ රටවල් වල most selling mobile brand name වල උඩින්ම ඉන්න mobile brand එකක්. Motorola ජංගම දුරකතන නැවත වතාවක් ශ්‍රී ලංකාවට නිල වශයෙන් ගෙන්වා බෙදා හැරීමට කටයුතු කිරීම ගැන සිංහගිරි ආයතනයට Android වැඩකාරයෝ අපි ස්තූති වන්ත වනවා.

සිංහගිරි සහ Motorola ආයතනයේ මෙම හවුල්කාරීත්වය යටතේ Motorola ජංගම දුරකතන පසුගිය ඔක්තෝම්බර් 8 වන දින නිල වශයෙන් එළිදැක්වුනු අතර එහිදී මුල් වශයෙන් Motorola G30 සහ Motorola E7 යන ජංගම දුරකතන මාදිලි එලිදැක්වීම සිදු කෙරුනා.