2025 වසරේ ශ්‍රී ලංකාවේ ස්ථාවර අන්තර්ජාල (Home Broadband) සේවාවන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව ස්වාධීන ප්‍රංශ ආයතනයක් වන nPerf විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, SLT-MOBITEL ශ්‍රී ලංකාවේ හොඳම අන්තර්ජාල සේවාව ලබා දෙන සමාගම බවට පත් වී තිබෙනවා. මෙම අධ්‍යයනය 2025 ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිදු කරන ලද දත්ත පරීක්ෂණ මත පදනම් වී තිබෙනවා.
nPerf ආයතනය විසින් Home Broadband සේවා සපයන්නන්ගේ වේගය සහ ගුණාත්මකභාවය මැන බැලීම සඳහා දර්ශක කිහිපයක් භාවිතා කර තිබෙනවා.
ඒ අනුව SLT-MOBITEL Download Speed එක, Upload Speed එක සහ Youtube Video නැරඹීමේ ගුණාත්මකභාවය යන සියලු අංශවලින් පැහැදිලි පෙරමුණක් ලබාගෙන ඇති අතර ඔවුන්ගේ Download Speed එක 54.98 Mb/s පමණ වන අතර HD වීඩියෝ නැරඹීමට සහ විශාල දත්ත බාගත කිරීමට ඉතා යෝග්‍ය මට්ටමක පවතිනවා.
සමස්ත ලකුණු අනුව Dialog දෙවන ස්ථානයට පත්ව තිබුණද, ඔවුන් වසරක් තුළ 40.1% ක වේගවත් වර්ධනයක් වාර්තා කර ඇති අතර මෙය ක්ෂේත්‍රයේ සේවා සපයන්නෙකු වාර්තා කළ ඉහළම වර්ධන වේගය වනවා.

Wi-Fi හරහා අන්තර්ජාලය භාවිතා කිරීමේදී ද SLT-MOBITEL ආයතනය 43,116 ක ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති අතර Wi-Fi සබඳතාවල අවම ප්‍රතිචාර කාලය (Latency) සඳහා හිමි ප්‍රථම ස්ථානය Dialog සතු වී තිබෙනවා.
එමෙන්ම වාර්තාවට අනුව රාත්‍රී 6 සිට 11 දක්වා පවතින කාර්යබහුල වේලාවන්හිදී Network Traffic එක නිසා Internet Speed එක යම් ප්‍රමාණයකින් අඩු වන බව දකින්න පුලුවන්. ඒ අනුව SLT-MOBITELහි Download Speed එක කාර්යබහුල වේලාවකදී 44.47 Mb/s පමණ වනවා. Dialogහි Download Speed එක කාර්යබහුල වේලාවකදී 8.34 Mb/s දක්වා සැලකිය යුතු ලෙස අඩු වීමත් වාර්තා වී තිබෙනවා.

2025 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ Home Broadband ක්ෂේත්‍රය ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන අතර, සේවා සපයන්නන් අතර පවතින තරඟකාරීත්වය නිසා පාරිභෝගිකයින්ට වැඩි දියුණු වූ අන්තර්ජාල අත්දැකීමක් හිමිවෙමින් පවතී. මෙම වාර්තාව මේ ඔස්සේ ඔබට වැඩිදුර කියවිය හැකියි.
Source: www.nperf.com








