Loading...
පසුගිය වසරේදී Dialog අභිබවා SLT-MOBITEL Mobile Broadbandහි පෙරමුණ ගනි; Dialog සහ Hutch කරට කර තරඟයක

2025 වසරේ ශ්‍රී ලංකාවේ ජංගම අන්තර්ජාල (Mobile Broadband) සේවාවන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව ස්වාධීන ප්‍රංශ ආයතනයක් වන nPerf විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව, SLT-MOBITEL පාරිභෝගිකයින් ශ්‍රී ලංකාවේ හොඳම Mobile Broadband අත්දැකීම ලබාගෙන තිබෙන අතර මෙම අධ්‍යයනය 2025 ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිදු කරන ලද දත්ත පරීක්ෂණ මත පදනම් වී තිබෙනවා.

nPerf ආයතනය විසින් Mobile Broadband සේවා සපයන්නන්ගේ වේගය සහ ගුණාත්මකභාවය මැන බැලීම සඳහා දර්ශක කිහිපයක් භාවිතා කර තිබෙනවා.


ඒ අනුව SLT-MOBITEL Download Speed එක, Upload Speed එක සහ Web Browsingහි ගුණාත්මකභාවය යන අංශවලින් පැහැදිලි පෙරමුණක් ලබාගෙන සමස්ත ජයග්‍රාහකයා බවට පත්ව ඇති අතර ඔවුන්ගේ Download Speed එක 16.52 Mb/s පමණ වන අතර එය HD වීඩියෝ නැරඹීමට සහ විශාල දත්ත බාගත කිරීමට ඉතා යෝග්‍ය මට්ටමක පවතිනවා.

සමස්ත ලකුණු අනුව Dialog දෙවන ස්ථානයට පත්ව තිබුණද, අවම ප්‍රතිචාර කාලය (Latency) සඳහා 116.55 ms ලබා දෙමින් ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. මෙය Online Gaming සඳහා ඉතා වැදගත් වනවා.

කෙසේ වෙතත් Streaming අංශයෙන් Hutch ආයතනය පෙරමුණ ලබා ගෙන ඇති අතර, ඔවුන් Mobitel සමඟ කරට කර තරඟයක යෙදෙමින් Streaming අංශයෙන් හොඳම අත්දැකීම ලබා දීමට සමත් වී තිබෙනවා.


එමෙන්ම වාර්තාවට අනුව රාත්‍රී 6 සිට 11 දක්වා පවතින කාර්යබහුල වේලාවන්හිදී පවතින Network Traffic එක නිසා Internet Speed එක යම් ප්‍රමාණයකින් අඩු වන බව දකින්න පුලුවන්. ඒ අනුව SLT-MOBITELහි Download Speed එක කාර්යබහුල වේලාවකදී 10.28 Mb/s දක්වා අඩු වනවා. Dialogහි Download Speed එක කාර්යබහුල වේලාවකදී 9.04 Mb/s දක්වා අඩු වන අතර Hutchහි Download Speed එක කාර්යබහුල වේලාවකදී 3.07 Mb/s දක්වා අඩු වනවා.


2025 වසරේ ශ්‍රී ලංකාවේ Mobile Broadband ක්ෂේත්‍රය තුළ SLT-MOBITEL ආයතනය සිය නායකත්වය තහවුරු කරගෙන ඇති අතර, Dialog සහ Hutch ආයතන ද තමන්ටම ආවේණික වූ ශක්තිමත් අංශ ඔස්සේ පාරිභෝගිකයින්ට තරඟකාරී සේවාවන් සපයනු දකින්න පුලුවන්. මෙම වාර්තාව මේ ඔස්සේ ඔබට වැඩිදුර කියවිය හැකියි.

Source: www.nperf.com