Loading...
රෝල්ස් රොයිස් රථ 10ක් කුණු අදින රථ බවට පත් කරල ඉන්දිය රජුගේ කතාව

මෙ කතාව අපිට ඇහෙන්නෙ අල්ලපු රටෙන්. 1904 ආරම්භ කරපු Rolls Royce Company එක වාහන නිශ්පානය කරන ආයතනයක් විදිහට තමයි පටන් ගන්නේ. අද වෙනකොට ගුවන් යානා කොටස් නිර්මාණය කරන ප්‍රමු​ඛ පෙලේ ආයතනයක් තමයි Rolls Royce ආයතනය අපිට දකින්න ලැබෙන්නේ. ඇණවු​ම් වලට අනුව අධි සුපභෝ​ගී වාහන නිර්මාණය කිරිමත් සිද්ධ වෙනවා. මොකද අද වෙනකොට Rolls Royce වාහනයක් කියන්නේ තමන්ගෙ Status එක ඉහල නංවාගන්න පාවිච්චි කරන මිල අධික මෙවලමක්.

ඉතින් ​මේ ආයතනය කවදාවත් රුපවාහිනි වල වෙළඳ දැන්වීම් පල කරලා නැහැ කියල තමයි මූලාශ්‍ර වල තියෙන්නෙ. ඒකට හේතුව​ක් විදිහට දක්වලා තියෙන්නෙ මෙම වාහනයක් මිලදි ගන්න පුද්ගලයෙකු කවදාවත් රූපවාහිනියක් ඉස්සරහා කාලය කන්නෙ ​නෑ කියන එකයි. කෙ​සේ වෙතත් මෙ විස්තර මම කියන්න හේතු​ව ඔබට රොල්ස් රොයිස් වාහනයක වෙලද පොල වටිනාකම සහ එහි සමාජිය වැදගත්කම පහදලා දෙන්න.

ඉතින් ​මේ ඉන්දියාවෙ කුණු ඇදපු කතාව මොකක්ද? ඉන්දියාවෙ මහරාජාව සිටි ​ජේ සින්ග් ප්‍රභාකර් 1910 මුල් කාලයේ ලන්ඩන් නුවර සංචාරයක යෙදිලා තියෙනවා. ඉතින් තමන්ට ඉඩ ලැබුන වෙලාවක නිල නොවන විදිහට සාමාන්‍ය ඇදුමකින් සැරසිලා වීදිවල සංචාරය කරලා තියෙනවා. ඉතින් මෙ කාලේ වර්ණබේද වාදය මහා බ්‍රිතාන්‍ය පුරා තිවුන කාලයක්. දුඹු​රු හමකට අදට වඩා එදා තිබු​නේ අඩු පිලි ගැනිමක්. ඉතින් ​මේ මහරාජා රොල්ස් රොයිස් ප්‍රදර්ශනාගාරයකට ඇතුල්වෙන්න උත්සාහ කරලා තියෙනවා. එතන සේවකයෝ ඔහුව අඳුනගෙ​න ​නෑ. දුප්පත් ඉන්දියන් කාරයෙක් කියල හිතලා ඔහුව එතනින් එලවලා තියෙනවා.

මහරාජා නැවත ඔහුගෙ හෝටලයට ආවා. මේ වු​නු අපහාසය රජකෙනෙක්ට කොහොමත් ඉවසන්න පුලුවන් දෙයක් නෙවෙ​යි. ඔහු තමන්ගෙ හෝටලයට ගිය වහාම රොල්ස් රොයිස් ප්‍රදර්ශනාගරයට දැනුම් දිල තියෙනවා ඔහු රොල්ස් රොයිස් වාහන දහයක් මිලදි ගන්න බවට. මේකෙන් සේවක මණ්ඩල​ය පුදුම වෙලා තියෙනවා එකවර වාහන දහයක් මිලදි ගන්නව කිව්වම. මොකද එකල රජපවුලට තමයි රොල්ස් රොයිස් වාහනයක් තිබු​ණේ. ඉතින් රතුපලසක් දාල උත්සශ්‍රීයෙන් ඉන්දියාවෙ මහාරාජාව මෙ ප්‍රදර්ශනාගාරයට පිලිගන්නවා. ඉතින් ඔහු සම්පුර්ණ මුදල එවෙලෙම ගෙවනවා ඩිලිවරි ගාස්තුත් එක්ක.

ඉතින් ඉන්දියාවට ආවට පස්සෙ මහරාජා අණ කරලා තියෙනවා මේ රොල්ස් රොයිස් මොටර් රථ ඉන්දියාවෙ පාරවල් පිරිසිදු කරන්න. ​මේ ප්‍රවෘත්තිය ලෝක​ය පුරා උණු කැවුම් වගෙ පැතිරෙන්න ගන්නවා. මේකෙන් රොල්ස් රොයිස් ආයතනයේ කීර්තිනාමයට වෙන ඩැමෙජ් එක හිතාගන්න පුලුවන් නේද. (ඉන්දියාවෙ කුණු ඇදපු වාහනවල යන්න බ්‍රිතාන්‍ය රජපවුලටත් නොන්ඩි ඇති 😅) . ඉතින් වෙච්ච දේ​ට රොල්ස් රොයිස් ආයතනය මහරාජාගෙන් මේකට සමාව ඉල්ලල තවත් කාර් හයක් නොමිලේ දීලා තියෙනවා.

දෙනකොට දෙන්න මෙ වගෙ ලොවෙත් නැතිවෙන්න.