Loading...
යුද්ධයට නැතුවම බැරි ලෝකයේ තිබෙන ප්‍රබලම යුධටැංකි (දෙවන කොටස)

අද ඔයාල එකතු වෙන්නේ "යුද්ධයට නැතුවම බැරි ලෝකයේ තිබෙන ප්‍රබලම යුධටැංකි" ලිපියේ දෙවනි කොටසත් එක්ක. එදා ඒ ලිපියෙන් ලොව හොඳම යුධ ටැංකි පහ ගැන ඔයාලාට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. ඔයා ඒ ලිපිය කියවන්නේ නැතුව මේකට ආවානම් මුලින්ම මෙතනින් ඒ ලිපිය අනිවාර්‍ර්යෙන්ම කියවලා ආවොත් තමයි ඔයාලට මේ ලිපියේ කරුණු ටික හොඳින්ම තේරුම් යන්නේ.


06) Challenger 2 යුධ ටැංකිය

Source: pravda.com

British Vickers Defence Systems එක විසින් නිපදවපු මේ Challenger 2 යුධ ටැංකිය British Army එකේ සහ Royal Army of Oman හි ප්‍රධානතම යුධ ටැංකිය වන්නේ. මේක නිර්මාණය වන්නෙ බ්‍රිතාන්‍යයන් විසින් කලින් නිපදවපු Challenger 1 යුධ ටැංකියේම වැඩි දියුණු කිරීමක් ලෙසයි. Challanger 1හි වැඩි දියුණු කරන ලද Version එකක් වුවත් මෙය නිර්මාණය කරන්න 1986–1993 දක්වා අවුරුදු 7ක් ගත වෙනවා. මීටත් අවුරුදු හයකට පසුව තමා මෙහි පළවෙනි Prototype එක 1990දි එළිදැක්වනු ලබන්නේ. මෙහි Unit 447ක් මේ වෙන විට නිෂ්පාදනය කර ඇති අතර මේ එක Unit එකක Cost එක £4,217,000 පමණ වනවා.

මේ Challanger 2 යුධ ටැංකියේ Main Gun එක 120mm L30 වන අතර Charm Main Armament එක ලෙස භාවිතා වනවා. මෙහි Ammunition ලෙස භාවිතා වන්නේ Armour Piercing, Fin Stabilized, Discarding Sabot (Apfsds), High-Explosive Squash Heads (Hesh), සහ Soke Rounds භාවිතා වනවා. මිට අමතරව C-Axial 7.62mm Chain Cannon එකක් සහ Turret-Mounted 7.62mm Machine Gun එකක් ද ඇත.

මෙය බ්‍රිතාන්‍යයේ Perkins Engine Company Ltd විසින් හමුදාව සඳහාම විශේෂයෙන් නිෂ්පාදිත 26.1l V12 (Cv12-1200tca) Engine එකකින් බලගැන්වෙනවා. මේ V12 Engine එක මගින් 1200bhp නිපදවන අතර මේ ඔස්සේ මේ Challanger 2 Tank එකට On-Road වලදි 59 Km/H වේගයකුත් Off-Road වලදි 40 Km/H වේගයකුත් ලබා දෙනවා. මෙහි Internal Fuel Capacity එක 1,592l වන අතර මේ මගින් On - Road එක මතදි 500km Range එකකුත් Off - Road මතදි 250 Km Range එකකුත් ලබාදෙනවා.

අන්තර්ජාලය තුළ සඳහන් වන සමහර මුලාශ්‍ර වලට අනුව Bosnia, Kosovo සහ Iraq යුද්ධයන්වලදි භාවිත වුන මේ Challanger 2 යුධ ටැංකිය යුරෝපය සතු Tanks අතරින් Reliability එක වැඩිම Main Battle Tank එක ලෙස දක්වන්න පුලුවන්. ඒ වගේම මේ Challenger 2 යුධ ටැංකිය සතු Second-Generation Chobham Armor එක මගින් Direct Fire Weaponry වලට එරෙහිව ඉතාමත් අනගි Protection සපයනවා.

07)  K2 Black Panther යුධ ටැංකිය

Source: wikimedia.org

South Korean Army එකේ Main Battle Tank එක වන්නේ Hyundai හා තවත් සමාගම් කිහිපයක් එක්ව නිපදවපු K2 Black Panther යුධ ටැංකියයි. ඉතාමත් හොඳ මට්ටමෙ Mobility එකක්, Firepower එකක් සහ Self-Defense System එකක් සහිත මේ යුධ ටැංකිය 2014 දී පමණ South Korean Army එක සමග එකතු වෙනවා. 1995 සිට 2008 දක්වා වු අවුරුදු 13ක කාලයක් මෙය සැලසුම් කිරීම සඳහා ගත වෙන අතර 2008දි පළවෙනි Prototype එක නිපදවුවත් ඉන් අවුරුදු පහකට පසු 2013දි පමණ මෙහි Mass Production පටන් ගනු ලබනවා. කෙසේ වුවත් ඊටත් වසරකට පසු 2014දි පමණයි මෙය නිල වශයෙන් සේවයට එක් වන්නේ.

මේකෙ Fire Power එක ගැන කතා කලොත් Main Armament එක Hyundai Wia Cn08 120 Mm 55 Caliber Smoothbore Gun එකකින් සමන්විත වෙනවා. ඒ වගේම Russian යුධ ටැංකිවල විශේෂයෙන්ම දැකගත හැකි වන Ammunition Autoloader Technology එකද මේ මගින් අපිට දැක ගන්න පුලුවන්. මේ Autoloader Technology එක නිසා ඉතාමත් රළු කඳු හා පල්ලම් පවතින පරිසර තත්වවලදි පවා ඉතාමත් ඉක්මනට Ammunition එක Canon එකට Load කර Fire කරන්න පුළුවන් හැකියාව ලබා දෙනවා. මීට අමතරව 7.62mm සහ 12.7mm Machine Gun දෙකක්ද මෙහි අඩංගු වෙනවා.

මෙහි Power System එක සදහා Engine වර්ග දෙකක් භාවිත වන අතර ඒ අනුව මාදිලි දෙකක් දක්වන්න පුලුවන්. ඉන් එකක් 1500 Hp (1103kw)වලින් සමන්විත Mtu Mt883 Ka-500 4-Short Stroke, 12-Cylinder Water-Cooled Diesel Engine එකක් වන අතර අනෙක 1500 Hp (1110kw)වලින් සමන්විත Hyundai Doosan Infracore Dv27k 4-Long Stroke, 12-Cylinder Water-Cooled Diesel Engine එකක් වනවා.

Europowerpack Mt883 Ka-500 Engine එක භාවිත වන යුධ ටැංකිය Forward Gear 5කින්ද Reverse Gears 5කින්ද සමන්විත වන අතරම Hyundai Doosan Dv27k Engine එක භාවිත වන යුධ ටැංකිය Forward Gears 6කින්ද Reverse Gears 3කින්ද සමන්විත වෙනවා. මේ යුධ ටැංකි දෙකේම Fuel Capacity එක 1,296 L (342 U.S. Gal) වන අතර Maximum Range එක 450 Km (280 Mi) වනවා. මේ යුධ ටැංකි වර්ග දෙකෙහිම Maximum Speed එක Paved Road එක මතදි 70 Km/H (43 Mph) ලෙස සඳහන් වන අතර Off Road Condition වලදි Maximum Speed එක 50 Km/H (31 Mph) වලට සීමා වෙනවා. ඒ වගේම මෙහි Power/Weight Ratio එක 27.2 Hp/T (20.28kw/T) ලෙස දක්වන්න පුලුවන්.

මෙහි Armor පද්ධතිය Protection System අදියරය කිහිපයකින් ක්‍රියාත්මක වෙනවා. ඒ (Sic) Silicon Carbide, (Era) Explosive Reactive Armour, (Nera) Non-Explosive Reactive Armor එකකින් සමන්විත අතර මෙහි Ammo රඳවා ඇති Ammo Rack එක Blow-Off Panels වලින් ආවරණය කර නිපදවා ඇති අතර ඒ මගින් යුධ ටැංකිය තුළ Explosion එකක් සිදු වුවත් Ammo පිපිරීමට නොදි ආරක්ෂා කිරීමට වග බලා ගන්නවා.

08) Leopard 2a7+ යුධ ටැංකිය

Source: wikimedia.org

මේ දවස්වල පවතින යුක්‍රේන රුසියා යුධ ගැටුම සමග බහුලවම සදහන් වෙන නමක් ලෙස මේ Leopard 2a7+ යුධ ටැංකිය හදුන්වා දෙන්න පුලුවන්. ජර්මනියේ යුධ හමුවේ ප්‍රධාන යුධ ටැංකියක් වන මෙය Krauss-Maffei Wegmann (Kmw) විසින් 2010දි හඳුන්වා දෙන්නෙ එවකට තිබු Leopard 2a6 Main Battle Tank එකේ Modernized Version එකක් ලෙසයි. මේ ඔස්සේ නව Armor System එකක්,Silent Mode එක සදහා Auxiliary Power Unit එකක්, නව Crew Compartment Cooling System එකක් හා නව Weapon Engagement System එකක් හා Auto Parking හා 360 Degree Car View වලදි භාවිතවුන 360° Near Field Surveillance මේ Leopard 2a7+ Tank එක වෙත හඳුන්වා දෙනු ලැබුවා.

මේ Leopard 2a7+ හි Primary Weapon එක ලෙස භාවිත වන්නෙ 120mm L55 / L44 Smoothbore Gun එකක් වන අතර මෙය 120mm Round 42කින් සමන්විත වෙනවා. මේ Version දෙකෙන්ම Standard Nato Ammunition Fire කිරීමේ හැකියාවත් තිබෙනවා. මීට අමතරව Programmed 120mm He (High Explosive)-Roundsද භාවිත කිරීමේ හැකියාව මෙයට පවතිනවා. ඒ වගේම Flw Remote Weapon Station එකක් 7.62mm හෝ 12.7mm Machine Gun එකක් හා 40mm Grenade Launcher එකකින් සමන්විතයි.

Armor System එක ගැන කතා කළොත් මෙහි තිබෙන Passive Armor Module එක මගින් All-Around (360°) Protection එකක් Leopard 2a7+ වෙත සපයන අතර මේ මගින් Anti-Tank Missiles,Anti-Tank Mines, Improvised Explosive Devices (Ieds),Rpg Fire මගින් යුධ ටැංකිය සදහා විය හැකි හානි නතර කරන්න ක්‍රියාත්මක වෙනවා. අමතරව මෙහි සවිකර තිබෙන Smoke Grenade Launchers මගින් Enemy Tank එකෙ View එකෙන් සැගවි අනතුරින් පලායෑමට උපකාරි වනවා. මේ ආරක්ෂක ක්‍රම වලට අමතරව Land Mine,Anti-Tank Mine Clear කිරීම සදහා Mine Plow, Mine Roller හා Dozer Blade එකක් Extra Attachments ලෙස සවි කළ හැකියි.

මේකෙ Power System එක සදහා භාවිත වන්නේ Europowerpack Mt 873 / (1500hp) 12 Cylinder Turbocharged Engine එකක් වන අතර Forward Gears 4කින් හා Reverse Gears 2කින් සමන්විත මේ යුධ ටැංකියේ බර 67.5t (67,500 Kg) පමණ වෙනවා. මෙහි Maximum Speed එක 72km/H වන අතර Maximum Cruising Range එක 450km වනවා.

ඒ වගේම මෙතනදි දැක්විය යුතු විශේෂිතම කරැණක් ලෙස Leopard 2 යනු තනි Tank එකකට භාවිතා කරන නමක් නොවන බව සදහන් කළ යුතුයි.

මේ Leopard 2 කියන නමෙහි ආරම්භය මීට වසර 44කට පෙර එනම් 1979 වසර දක්වා දිය යන අතර මේ Leopard 2 හී තිබෙන Variant සංඛ්‍යාව ඉලක්කමෙන් සැලකුවහොත් ආසන්න වශයෙන් 16ක් පමණ වනවා.

Leopard 2,Leopard 2a1,Leopard 2a2,Leopard 2a3,Leopard 2a4,Leopard 2 Marksman,Leopard 2 Imp,Leopard 2a5,Stridsvagn 122,Leopard 2-140,Leopard 2a6,Leopard 2e,Leopard 2 Pso,Leopard 2a7 සහ Leopard 2 හී Latestම Version එක වන Leopard 2a7+ එක මෙතෙක් නිපදවා ඇති Leopard 2 මාදිලි ලෙස දක්වන්න පුලුවන්. මේ Leopard 2 Versions අතරින් දැනට වාර්තාවන තොරතුරු වලට අනුව යුක්‍රේනය සඳහා යැවීමට එකඟවී ඇත්තේ Leopard 2a6 කියන යුධ ටැංකිය සහ හා ඊට කලින් ආපු මාදිලියකුයි.

09) T-90ms යුධ ටැංකිය

Source: army-technology.com

2011 දි Russian Expo Armsහීදි හඳුන්වා දුන් මේ 90ms යුධ ටැංකිය T14armata යුධ ටැංකියෙන් පසුව Russian Army එක විසින් භාවිතා කරන ප්‍රධානම Battle Tank එක ලෙස හදුන්වා දෙන්න පුලුවන්. Leopard 2 වගේම මේ T90 කියන Tank එකෙත් Variants කිහිපයක් තිබෙන අතර මේ T90 කියන යුධ ටැංකිය මුල්ම වතාවට Service එකට එන්නෙ 1992දි පමණ වෙනවා. එ T-90 ලෙසයි. ඉන් පසු 2004දි T-90a ලෙසත් 2016දි T-90m ලෙසත් 2017 T-90ms ලෙසත් සේවයට මේවා එක්වනවා.

Automatic Fire Control Systems එකක් සහිත Smoothbore 125mm 2a46m-5 වර්ගයේ Cannon එකකින් සමන්විත වන මෙයට විවිද ජාතියෙ Ammunition භාවිත කර Fire කර හැක. 125mm Rounds 40ක් මෙහි රැගෙන යන අතර මෙහි Main Gun එකට අමතරව 7.62mm Coaxial Machine Gun එකක් හා Turret එක උඩ Mount කර ඇති Remotely Operate කළ හැකි 7.62mm Machine Gun එකකින් ද සමන්විත වෙනවා. ඒ වගේම මෙහි ඇති Kalina Fire Control System එක මගින් Glonas Satellite Navigation System එක භාවිත කර Automatically Enemy Target එක Track කර Fire කිරීමේ හැකියාව ලබා දෙනවා. මෙය T-90ms Tank එකට අමතරව T-72 හා T14 Armata හීද භාවිත වෙනවා.

මෙහි Armor System එක සදහා භාවිත වෙන්නේ Explosive Reactive Armor එකක් වෙන අතර මේ මගින් Protects Tanks, Armored Vehicles, Anti-Tank Guided Missiles,Anti-Tank Weaponry ආදි Enemy Threat වලින් මෙම යුධ ටැංකියට ආරක්ෂාව ලබා දෙනවා.මීට අමතරව මේ T-90ms හී ඇති Automatic Aerosol Screen Laying System එක මගින්ද තමා වෙත පැමිණෙන සතුරු ප්‍රහාරවලින් ආරක්ෂාව ලබා දෙනවා.

මෙහි (1130hp) V-92s2f නැමැති Turbocharged 12 Cylinder Diesel Engine එකක් භාවිත වෙන අතර Forward Gears 7කින් හා Reverse Gear 1කින් සමන්විත මෙය Road එක මතදි 72km/H Maximum Speed එකක් ලබා දෙන අතර Offroad එක මතදි 50 Km/H Speed එකක් ලබා දෙනවා.

ඒ වගේම මෙතරම් අඩු Hp එකකින් වඩා හොද වේගයක් ලබා ගැනිමට මේ යුධ ටැංකියට හැකි වි තිබෙන්නේ Power to Weight Ratio එක ලෙස දක්වන්න පුලුවන්. Fighter Jet වල මෙය සලකන්නේ Thrust to Weight Ratio ලෙසයි. නමුත් යුධ ටැංකිවලදි මෙය Power to Weight Ratio ලෙස සලකන අතර මේ T-90ms වල Power to Weight Ratio එක වන්නේ 23 Hp/T ලෙසයි.

10)Type 10 (Tk-X) යුධ ටැංකිය

Source: army-technology.com

Type 10 (Tk-X) යනු ජපානයේ Mitsubishi Heavy Industries මගින් නිපදවන Fourth Generation එකෙ Advanced වගේම Japan Ground Self Defense Force එකෙ ප්‍රධානතම Battle Tank එකයි. මෙහි Development Process එක ආරම්භ වන්නේ 1990 දශකයෙ සිට වන අතර 1990 දශකයේ  සැලසුම් ආරම්භ වුවත් මෙහි පළමු Prototype එක 2008 වසරේදි එළිදැක්වනු ලබනවා. ඉන්පසු 2010 වසරේදි පමණ මෙය නිල වශයෙන් ලොවට හඳුන්වා දෙනු ලබනවා.

ඒ වකවානුව වෙන විට සේවයේ යෙදි තිබුන Type 74 හා Type 90 කියන යුධ ටැංකි Replace කිරීම මේ Type 10 යුධ ටැංකියේ ප්‍රධානම අරමුණ වෙනවා. Type 74 හා Type 90 හි තිබු Performance, Firepower, Protection,Mobility,Command, Control, Communication, Computing සහ Intelligence System කියන ප්‍රධානතම අඩුපාඩු සදහා මේ Type 10 (Tk-X) යුධ ටැංකිය සමග ජපානය වවිසදුම් ලබා දුන්නා.

මෙහි 4-Stroke 22.6-Litre Diesel V8 (Mhi8va34w)K)1,200 Hp Engine එකක් භාවිත වෙන අතර Transmission පද්ධතිය ලෙස භාවිත වන්නෙ Continuously Variable Transmission (Cvt) System එකක් වන අතර මෙය අප කවුරුත් දන්න Auto Gear Scooter වල භාවිත වෙන Cvt  කියන Transmission පද්ධතියයි. මේ Cvt Transmission පද්ධතියට අමතරව මෙහි Excavators,Backhoes,Bulldozers,Trenchers,Loaders වැනි Construction Vehicles වල භාවිත වන Hydraulic-Mechanical Transmission System එකක්ද භාවිත වෙනවා. 48t බර මේ යුධ ටැංකියේ Operational Range එක 500km වන අතර Maximum Speed එක Forward එකට 70 Km/H ලෙසත් Backward එකට 70 Km/H ලෙසත් සඳහන් වනවා.

ඒ වගේම මෙය 120mm Smoothbore Canon එකකින් හා 22 Rounds වලින් සමන්විත අතර Secondary Armament එක ලෙස 12.7mm Heavy Machine Gun එකක් හා 74 7.62 Mm Machine Gun එකකින්ද සමන්විත වෙනවා.

මෙ යුධ ටැංකියේ Armor System එක එහෙමත් නැතිනම් Hull Protection System එක ගැන කතා කලොත් මේකට Ceramic Modular Composite Armor System එකක් තමා භාවිතා වන අතර ඒ මගින් Rocket-Propelled Grenade (Rpg) Rounds, Heat Projectiles,Anti-Tank Missiles යනාදියට එරෙහිව සාර්ථකව ආරක්ෂාව සපයනවා. ඒ වගේම සතුරු බිමේදි ඇති වන සටනින් Armor System එකට දැඩි ලෙස හානිවි ඇති අවස්ථාවක මෙහි ඇති Modules එකින් එක ගලවා ඉවත් කර නැවත් අලුත් Modules ඉතා ඉක්මනින් සවි කර නැවතත් සටන්බිම තුලට ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර යැවිය හැකි ද වෙනවා.


ඉතින් මේ යුධ ටැංකි 10 තමයි මේ වන විට ලොව පවතින බලවත්ම යුධ ටැංකි 10 වෙන්නේ. මෙතනින් ඔයාලා ආසම යුධ ටැංකිය කුමක්ද? ඔයාලා අකමැතිම යුධ ටැංකිය කුමක්ද? යන එක පහලින් Comment එකක් දාන්න.

මේ වගේ ලිපි දිගටම කියවන්න ඕනේ නම් Android වැඩකාරයෝ එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්​න කියලත් මතක් කරනවා. එහෙනම් ඊළඟට එන F-35 Vs Su-35 ලිපියෙන් එකෙන් හමුවෙමු. හැමෝටම ජය!