Loading...
Gaming වලට සහ විනෝදාත්මක කටයුතු වලට ගැලපෙන නියම දුරකථනය Huawei NOVA 7 SE

2020 වර්ෂය කියන්නේ ලෝකය පුරාවටම 5G තාක්ෂණය පිබිදෙන වර්ෂයක්. ඒ සමඟම 5G ජංගම දුරකථන වලට ලෝකයේ විශාල ඉල්ලුමක් හට ගත්තා. නමුත් මේ වන තුරුත් ලෝකය පුරාවට 5G ජාල ආවරණය නැති වුවත් විශාල රටවල් ප්‍රමාණයක මේ වන විට 5G ජාල සක්‍රීය කරමින් පවතිනවා. ලංකාවද ඒ රටවල් ලැස්තුවේ ඉහළින්ම සිටින රටක්. 5G තාක්ෂණයේ තියෙන වේගවත් බව සහ low latency වැනි කරුණු නිසා බොහොමයක් ජංගම දුරකථන ක්‍රීඩාවන්හි යෙදෙන්නන් මේ වන විට 5G තාක්ෂණයෙන් බලගැන්වෙන ජංගම දුරකථන මිලදී ගැනීමට වැඩි කැමැත්තක් දක්වනවා.

Huawei සමාගම ලොව 5G තාක්ෂණය ලබා දීම සඳහා අවශ්‍ය කරන උපාංග විශාල ප්‍රමාණයක් සැපයුම් කරන සමාගමක් වන අතර, මේ වන විට ඔවුන් විසින් නිෂ්පාදනය කරන Kirin chipset බොහොමයක්ම 5G modem වලින් යුක්ත ඒවා වේ. Kirin 820 5G SoC එක යොදා නිපදවා ඇති Huawei NOVA 7 SE දුරකථනයද එවැනිම ආකාරයේ 5G තාක්ෂණය සඳහා සහය දක්වන ජංගම දුරකථනයක් වන අතර, Huawei සමාගම විසින් හඳුන්වා දී ඇති GPU Turbo තාක්ෂණය සහ වැඩිදියුණු කර AppAssistant හරහා ඉතාමත් හොඳ gaming අත්දැකීමක් ජංගම දුරකථන ක්‍රීඩකයන්ට සලසන අතර 5G තාක්ෂණය භාවිතා කරමින් ක්‍රීඩා කිරීමේ යෙදිය හැකි බැවින් වේගවත් අන්තර්ජාල සබඳතාවයක් ඔස්සේ network drop වීමකින් තොරව හොඳ Ping එකකින් ක්‍රීඩා කිරීමට හැකියාව ලබා දී ඇත.

ඇඟට දැනෙන FPS එකකින් games play කරන්න කියාපු භාණ්ඩේ

Huawei NOVA 7 SE ජංගම දුරකථනය බල ගැන්වෙන්නේ Kirin 820 SoC එකෙන්. මේ SoC එක නිපදවලා තියෙන්නේ අඩු බලයක් භාවිතා කරමින් වැඩි කාර්‍යසාධනයක්, ඒ කිව්වේ performance එකක් ලබාගන්න පුළුවන් 7nm process එක භාවිතා කරලා. Kirin 820 5G එක සතුව Octa-core CPU එකක් සහ ජංගම දුරකථන වල graphics process කරන්න සහ විශාල ප්‍රමාණයේ 3D mobile games වැඩි frame rate එකකින් ධාවනය වන්නට උදව් කරන Mali-G57 GPU එකක් අඩංගු වෙනවා.

මෙයට අමතරව මීට වසර කිහිපයකට පෙර Huawei සමාගම විසින් නිර්මාණය කර තමන්ගේ Kirin chipset වලට හඳුන්වා දුන් NPU එක හරහා powerful AI computing system එකකින්ද මේ Kirin 820 5G SoC එක බල ගැන්වෙනවා. එමෙන්ම මේ වන විට වැඩිදියුණු කල new generation GPU Turbo තාක්ෂණය හරහා ජංගම දුරකථන ක්‍රීඩා වල smoothness ගතිය ඉහල නංවා ඇති අතර game screenහි ඇති control වල sensitivity එක ඉහල නංවා ඇත. එමෙන්ම ඒ හරහා ජංගම දුරකථන ක්‍රීඩා කිරීමේදී භාවිතා අඩු බැට්‍රි බලයක් භාවිතා වන බැවින් වැඩි වේලාවක් ක්‍රීඩාවන්හි යෙදී සිටිය හැක. ලොව පුරා ක්‍රීඩාකරන 80කට අධික ජනප්‍රිය ජංගම දුරකථන ක්‍රීඩාවන් ප්‍රමාණයක් මේ සඳහා සහය දක්වනු ලබයි.

වේගවත් සහ ස්ථායී 5G සබඳතාවයකට Huawei 5G

Huawei සමාගම 5G තාක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා විශාල සේවාවක් කල ආයතනයක් වන අතර 5G තාක්ෂණය ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය කරන උපාංග නිපදවන ප්‍රමුඛ පෙලේ නිෂ්පාදකයෙකි. එමෙන්ම ඔවුන් විසින් නිපදවන නව Kirin chipsetද ඔවුන් 5G තාක්ෂණයට සහය දක්වන ආකාරයට නිපදවා ඇත.

Kirin 820 5G යන chipset එකද ඒ ආකාරයට නිපදවනු ලැබූ chipset එකක් වන අතර එ‍ය නිපදවීමට 7nm process එක භාවිතා කර ඇති බැවින් Huawei සමාගමට තම CPU එක සහ 5G modem එකද එකම chip එකේ ඇතුලත් කිරීමට හැකියාව ලැබී ඇත. එය CPU එක සහ Modem එක වෙන වෙනම නිපදවන chipset හා සසඳා බැලීමේදී වඩාත් ස්ථායී 5G සබඳතාවයක් ලබා දීමට සමත් වන අතර වැඩි වේගයක්, low latency සහ අඩු තාපයක් නිපදවයි.

මෙම Kirin 820 5G chipset එක ඇතුලත් කරමින් නිපදවා ඇති Huawei NOVA 7 SE ජංගම දුරකථනය හරහා 2GB game එකක් download කරගැනීමට වෙනදා ගත වූ විනාඩි 10ක පමණ කාලය වෙනුවට විනාඩියක වැනි කාලයකින් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව පවතී. එමෙන්ම අවම lag වීමකින් යුතුව වඩාත් smooth controls වලින් යුතුව ක්‍රීඩා කිරීමේ හැකියාවද හිමි වේ.

කරදරයක් නැතුව Games play කරන්න AppAssistant

ජංගම දුරකථන වල ක්‍රීඩා කරන අතරවාරයේදී අනෙකුත් applications වලින් නිතරම notifications එන බොහොමයක් මුහුණ පාන කාරණාවක්. මෙය ඉතාමත් කරදරකාරී ක්‍රියාවක් වන අතර ඇතැම් විට බාධාද පමුණුවයි. නමුත් Huawei සමාගම විසින් මීට පෙර හඳුන්වා දුන් AppAssistant වැඩිදියුණු කර ඇති අතර ඒ හරහා ගේම් එක ප්ලේ කරන අතර වාරයේදීම කිසිඳු බාධාවකින් තොරව මැසේජස් වලට reply කිරීම සඳහා floating windows එකක් ලබා දී ඇත.

එමෙන්ම මේ පහසුකම හරහා screen brightness වෙනස් නොවී එක මට්ටමක තබා ගැනීමට Smart brightness lock නම් පහසුකමක් ලබාදී ඇති අතර ඒ හරහා බාහිර ආලෝක තත්වයන්හි වෙනස් වීම් වලට අනුව එක වරම screen brightness වෙනස්වීම සිදු නොවේ.

ඉක්මනින් චාර්ජ් කරගන්න 40W Huawei SuperCahrge

ජංගම දුරකථනයක ක්‍රීඩා කරන ඕනෑම අයෙක් එක දිගට කිසිඳු බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමට කැමති නමුත් Battery Life එක එයට හරස් වන බව අප විසින් කවුරුත් දන්නා කාරණාවකි. එබැවින් මේ වන විට ජංගම දුරකථන නිෂ්පාදකයන් විසින් වැඩි ධාරිතාවයකින් යුතු බැට්‍රියක් තම ජංගම දුරකථන වලට ඇතුලත් කිරීමට පෙළඹී සිටින අතර එය ආරෝපණය කර ගැනීම සඳහා වේගවත් චාජරයක්ද ලබා දේ.

Huawei NOVA 7 SE ජංගම දුරකථනය සතුව 4000mAh ධාරිතාවයකින් යුතු බැට්‍රියක් ඇති අතර එය විනාඩි 30කදී 70%ක් දක්වා වේගවත්ව ආරෝපණය කර ගැනීමට හැකි 40W Huawei SuperCharge පහසුකම Huawei සමාගම විසින් ලබා දී ඇත. එබැවින් ඉක්මනින් ඔබගේ ජංගම දුරකථනයේ බැට්‍රිය ආරෝපණය කරගත හැකි අතර ඒ හරහා නොකඩවා ඔබගේ විනෝදාත්මක කටයුතු වල නිරතවීමේ හැකියාව ඇත.

Huawei NOVA 7 SE ජංහම දුරකථනය Space Silver, Crush Green, සහMidsummer Purple යන වර්ණයන්ගෙන් ඔබට රුපියල් 64,999ක මුදලකට වෙලඳපලෙන් මිලදී ගැනීමට හැකියි.