රජයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට (www.pubsec.gov.lk) සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව එහි අමාත්‍යාංශයේ ලේකම් පිළිබඳ වන තොරතුරු අශ්ලීල හා අනුචිත භාෂාවක් දිස් වනවා.
එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කර, ඒ වෙනුවට වැඩිහිටි අන්තර්ගතයක් (adult content) සහිත වෙබ් අඩවියකට යොමු කර තිබුණු බව The Morning වාර්තා කර තිබුණා.


කෙසේ වෙතත් මෙම සිදුවීම රජයේ වෙබ් අඩවිවල සයිබර් ආරක්ෂාව ගැන බරපතල ප්‍රශ්න මතු කරනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේ රටේ පොලිසිය, ගිනි නිවන හමුදාව, සහ ආරක්ෂක සේවා බලධාරීන් යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතනයක්. එවැනි ආයතනයක වෙබ් අඩවිය හැක් වීම රජයේ ඩිජිටල් යටිතල පහසුකම්වල ආරක්ෂිත බව ගැන බලවත් සැකයක් ඇති කරනවා. මේ සිදුවීම ගැන තවමත් නිල ප්‍රකාශයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර නොමැති වන අතරම, මෙය රජයේ තොරතුරු තාක්ෂණ පද්ධතිවල තිබෙන දුර්වලතා ගැන තවත් එක් සාක්ෂියක්.
Source: www.newswire.lk