Loading...
මොකක්ද මේ Airplane Mode

ඔයා තාමත් ගුවන් ගමනක අත්දැකිමක් විදල නැත්තම් Smart Phone එකේ තියෙන මේ Feature එක හරියටම පාවිච්චි කරන්න අවස්ථාව ලැබිල නැතුව ඇති. හැබැයි ඔයා ගුවන් ගමනක අත්දැකිමක් ලබලා තියෙනව නම් මේ Feature එකත් අනිවාර්යයෙන් පාවිච්චි කරල ඇති. ‌‌හැබැයි ඉතින් වෙන වෙන පොඩි පොඩි වැඩවලටත් අපි මේක පාවිච්චි කරනව නේ.

ඇත්තටම මොකක්ද මේ Airplane mode කියන්නේ

මේ Mode එකෙන් වෙන්නේ අපේ Smart Phone එකේ wireless functions Off කරන එක. මේ Mode එක මගින් Cellular Voice, Data Connection විසන්ධි කිරිමට සමත් වෙන⁣වා වගේම Wi-Fi හා Bluetooth තාවකාලිකව විසන්ධි කරනවා.

⁣මේ Feature එක නිර්මාණය කරල තියෙන්නේ ගුවන් ගමන් අතරතුර භාවිතාවට. දුරකථනය මගින් ඇති කරන තරංග මගින් ගුවන් ගමනට සිදුවන බාධා වලක්වා ගැනිමට මෙය අනිවාර්ය කරැණක් ලෙස Federal Aviation Administration (FAA) විසින් ප්‍රකාශ කරල තියෙනවා. ඒ නිසාම මේ Mode එක On කරන එක Airlines Rule එකක් වෙනවා.

Appleලා නම් මේ Feature එක ගැන කෙටියෙන්ම කියල තියෙන්නේ මේක User Enable කරන්න ඕනේ “comply with airline regulations” හින්දා කියලයි.

Airplane mode එකේදි මොනවද කරන්න පුලුවන්

මේකෙදි අපේ Cellular networks Block වෙන හින්දා අපිට Call & Messages පහසුකම් භාවිතා කරන්න බැරි වෙනවා.

හැබැයි ඉතින් Airplane Mode On කරත් Wi-Fi On කරන්න පුලුවන් කියල අපි හැමෝම දන්නවනේ. ඒත් 2013ට කලින් ගුවන් ගමනකදි Wi-Fi හෝ Bluetooth Connection එක නම් පාවිච්චි කරන්න පුලුවන් උනේ නෑ.

2013ට පස්සේ Federal Aviation Administration (FAA) විසින් අපිට Wi-Fi හා Bluetooth Connection භාවිතා කරන්න අවස්ථාව සලසලා දෙනවා.

හැබැයි ඉතින් අපේ ගුවන් යානයේ Wi-Fi Connection එක තියෙනව දැන් අපිට අන්තර්ජාල පහසුකම් භාවිතා කරන්න පුලුවන් වෙනවා. ඒ වගේම අපේ Bluetooth Devices පාවිච්චි කරන්නත් පුලුවන්.‌‌ ඒ වගේම Airplane Mode එකේ තියන තව වැදගත් දෙයක් විදිහට අපේ දුරකථනයේ බැටරි බැසීම අඩු කරනවා වගේම, මේ Mode එක On කරල තියෙන අවස්ථාවලදි අපේ බැටරියත් ඉක්මනින් Charge විම සිදු වෙනවා.

ඒ වගේම අපේ දුරකථනය පොඩි ලමයෙක්ට පාවිච්චි කරන්න දෙන වෙලාවට උනත් මේ Mode එක ප්‍රයොජනවන් වෙනවා.‌‌ ආය ඉතින් අපි Game එකක් වගේ Play කරන වෙලාවට අනවශ්‍ය Call වලින් එන බාධාව වලක්වගන්නත් මේ Feature එක උදව් වෙනවා.