Loading...
අපි භාවිතා කරන ජංගම දුරකථන වල IP Rating එක කියන්නේ මොකක්ද?

අද වන විට අපි Phone එක භාවිතා කරන්නේ දුරකථන ඇමතුම් ගැනිමට පමණක් නොවෙයි. අද වන විට phone එක අපගේ අත්‍යවශ්‍ය දෛනික උපකරණක් වි හමාරයි. අප යන කුමන ස්ථානයකට වුවද අප එය ගෙන යාමට පසුබට වෙන්නේ නැ. ඉතින් අපිට එදෙිනෙදා අත්‍යාවශ්‍යම උපකරණක් බවට Smartphone එක පත් විමත් සමග අපිට අපේ Smartphone ආරක්ෂා කර ගන්නත් වෙනවා. ඒ සොරැන්ගෙන් වගේම එයට සිදු විය හැකි හානිවලිනුත්.

Smartphone වලට සිදුවන හානි විදිහට බිම වැටිම, වතුර යාම, දුවිලි යාම වැනි බහුලව සිදුවන සිදුවිම් දක්වන්න පුළුවන්. ඉතින් අපි මේ හානි වෙන එක වලක්වන්නේ කොහාමද ? ඇත්තම උත්තරේ නම් මේ හානි වෙන වෙලාවට ඒවා අපිට වලක්වා ගන්න අමාරැයි. මොකද Phone එක අපි හිතල වට්ට ගන්නේ / වතුරේ දාන්නේ  නැනේ. මේ ඔක්කොම වෙන්නේ අපි නොහිතන වෙලාවට. ඉතින් මේ නිසාම වර්තමානයේ එන බොහෝ Smartphoneවලට නිෂ්පාදකයා විසින්ම මේ සිදුවන හානි ගවලින් අපේ Smartphone එක හැකි තරම් දුරට ආරක්ෂා වන ලෙසට විවිධ Features හදුන්වා දිලා තියෙනවා.

ඒවා විදිහට Gorilla Glass Protection එක හා Water & Dust Resistance හැකියාවන් දක්වනන පුළුවන්.අපි අද බලමු මේ Water & Dust Resistance හැකියාව මනින ඒකකය වෙන IP Rating එක පිළිබඳව. අපේ Gorilla Glass Display Protection එක ගැන කලින් ලිපිය කියවන්න.

මොකක්ද මේ IP Rating එක කියන්නේ‌‌සරලවම කියනව නම් මේ Rating එකෙන් කියවෙන්නේ යම් Device එකකට ජලය ඇතුල් විමට හා දුවිලි ආදිය ඇතුල් විමට ඇති හැකියාව පිළිබඳවයි.

මෙය සැම විටම ඉලක්කම් 02 ක් (IP_ _) සමග ප්‍රකාශ කරන අතර මින් පළමු ඉලක්කමෙන් Device එකට දුවිලි අංශු ඇතුලු විමට ඇති හැකියාව පිළිබඳව ද දෙවන ඉලක්කමෙන් Device එකට ජලය ඇතුල් විමට ඇති හැකියාව පිළිබඳව ද ප්‍රකාශ වෙනවා. එනම් මේ ඉලක්කම් දෙක මගින් අපේ Device එකට කුමන මට්ටමක භෞතික ආරක්ෂාවක් තියෙනවද යන්න අපට දැන ගන්න පුළුවන්.

Apple iPhone 11 Device එක සැලකු විට මෙයට IP68 Rating එක හිමිවෙලා තියෙනවා. මොකක්ද එකෙන් කියවෙන්නේ ?‌‌පහත Chart එක සලකලා බලමු.

IP68 හි පළමු ඉලක්කමෙන් එනම් 6න් දුවිලි ඇතුලු විමට ඇති හැකියාව පිළිබඳව කියවෙන අතර දෙවන ඉලක්කම වන 8 න් ජලය ඇතුලු විමට ඇති හැකියාව පිළිබඳව කියවෙනවා. මෙයට අනුව iPhone 11 දුරකථනය දුවිලි ඇතුලු විමට පැය 08 පමණ කාලයකට ඔරොත්තු දෙන අතර යම් තරම් ගැඹුරැ ජලයකදි උවද Device එකට ගැටලුවක් නොවනව බවයි. ඔයා Flagship Device එකක් මිලදි ගන්නව නම් අනිවාර්යයෙන්ම අවධානය යොමු කල යුතු වැදගත් කාරණයක් විදිහට මේ IP Rating එක දක්වන්න පුළුවන්.

අපි මීට කලින් ගෙනාපු Water Resistant සහ Water Proof අවුල ලිහාගන්න හැටි ගැන තියෙන ලිපිය මෙතනින් කියවන්න.