Loading...
ලොව වේගවත්ම Fast Charging දුරකථනය මොකක්ද?

පසුගිය අවුරැදු දෙක-තුන ඇතුලත බොහෝ  දුරකථනය සමාගම් තම දුරකථනවලට Fast Charging පහසුකම ලබා දිම දක්නට ලැබුණා.

මේ වෙනකොට 30W Fast Charger වල ඉදන් 65W Fast Chargers දක්වා බොහෝ දුරකථන නිෂ්පාදකයින් භාවිතා කරනවා අපිට දැක ගන්න පුලුවන්.

ඉතින් මේ වසරේ Fast Charging Option එකත් සමග නිකුත් වු දුරකථනවලින් වේගයෙන්ම Charge වෙන දුරකථනය මොකක් ද ?

මේ ගැන Android Authority වෙබ් අඩවිය විසින් කරන ලද සමික්ෂණයට අනුව දැනට ලොව වේගයෙන්ම Charge වන දුරකථනය ලෙස ඔවුන් හදුන්වන්නේ Realme X50 Pro 5G දුරකථනය යි.

Android Authority වෙබ් අඩවි වාර්තාව

මොවුන් මේ සදහා දුරකථනයේ Battery එක 100% Charge විමට ගතවන කාලය ඇසුරෙන් නිර්ණය කර තියෙනවා.

දැන⁣ට තියෙන Top 5 Fast Charging Devices මොනව ද ?

01. ‌‌Realme X50 Pro 5G

‌‌Realme X50 Pro 5G දුරකථනය සමග 65W Fast Charger එකක් ලබා දිලා තියෙන්නේ. මේ දුරකථනයේ Battery එක සම්පුර්ණයෙන් ආරෝපණය විමට ගත වන කාලය ලෙස මොවුන් පෙන්වා දෙන්නේ මිනිත්තු 33 ක්.

02. Oppo Find X2 Pro‌‌

මේ සමග 65W Fast Charger එකක් ලබා දිලා තියෙනවා. ඒ වගේම මෙය සම්පුර්ණයෙන් ආරෝපණය විමට ගතවන කාලය විදිහට මිනිත්තු 43 දක්වලා තියෙනවා.

03. Xiaomi Mi 10 Pro‌‌

මෙය 50W Fast Charger එකක් සමග පැමිණෙන අතර 4500mAh Battery එකක් මේ සදහා ඔවුන් ලබා දිලා තියෙනවා. ඒ වගේම මේ සමග 30W Wireless Fast Charging Option එකත් ලබා දිලා තියෙනවා

04. Realme X3 SuperZoom‌‌

මේ සදහා භාවිතා වන්නේ 30W Fast Charger එකක්. 4200mAh බැටරියකින් මෙය සමන්විත වෙනවා.

05. OnePlus 8 pro‌‌

මේ සදහාත් භාවිතා වන්නේ 30W Fast Charger එකක්. 4510mAh බැටරියකින් මෙය සමන්විත වෙනවා.

අපිට මේ Chart එකේ අපිට Samsung Device එකක් දකින්න පුලුවන් වෙන්නේ 7 වෙනි ස්ථානයේ. ඒ Samsung Galaxy S20 Ultra දුරකථනයයි. මෙය සම්පුර්ණයෙන් ආරෝපණය විමට ගතවන කාලය ලෙස ඔවුන් දක්වන්නේ මිනිත්තු  64 ක්. මෙහි බැටරි Capacity එක 5000mAh ප්‍රමාණයේ වෙනවා.

iPhone එකක් නම් මේ Top Fast Charging Devices අතර අපිට දැක ගන්න පුලුවන් වෙන්නේ නැ.

Fast Charging අනාගතය

අද වෙන විට Release වෙන ගොඩක් Devices 5G වෙනවා. ඉතින් ඒ වගේම දැන් සැම දුරකථන නිෂ්පාදකයෙක්ම Battery Life එක ගැන විශාල අවධානයක් යොමු කරල තියෙනවා.

ඉතින් මේත් එක්ක බලද්දි අපිට හිතන්න පුලුවන් ඉදිරියේදි දැනට තියෙනවටත් වඩා ලොකු Battery Capacity සහිත දුරකථන පැමිණිමත් සමග Fast Charging Speed එකත් ඒහා සමානව වැඩි කිරිමට ඔවුන් කටයුතු කරන්න ඕනේ කියල.

දැනටමත් Oppo, Vivo හා Realme සමාගම් Confirmed කරල තියෙනවා ඔවුන්ගේ ඉදිරි දුරකථන සමග 120W සිට 125W දක්වා fast chargers ලබා දිමට කටයුතු කරන බව. ඒ වගේම ඔවුන් මේ 120-125W අගයන් සදහා ඔවුන්ගේ දුරකථනවල Fast Charging Speed එක Improve කිරිමටත් කටයුතු කරන බව ප්‍රකාශ කරල තියෙනවා.

ඒ වගේම මොවුන් මේ සදහා USB-PD Standards එක භාවිතා කරන්න බලාපොරොත්තු වෙන බවත් ප්‍රකාශ කරල තියෙනවා.

Source - Android Authority වෙබ් අඩවිය