Loading...
ඇයි මම තාමත් Firefox පාවිච්චි කරන්නෙ

අද කතා කරන්න යන්නෙ විවාදාත්මක කතාවක් ගැන. මේක අද ඊයේ පටන්ගත්ත විවාදයකුත් නෙවේ. ඉස්සර ඉඳන්ම මේ විවාදය තිබුණා. ඒක තමයි මොකක්ද හොඳම Web Browser එක කියන කතාව. Browser War කීපයක් ගැන අතීතයේ කතා වුණත්, අපිට වර්තමානයේ දකින්න තියෙන්නෙ Firefox සහ Chrome අතර තියෙන යුද්ධය නොහොත් තරඟය. මේ වෙනකොට පැහැදිලිවම තරඟයෙන් දිනලා ඉන්නෙ Chrome තමයි. හැබැයි, මම නම් ඉන්නෙ පරාද වුණත් Firefox පැත්තෙ. ඒ ඇයි? ඇයි කියලා අපි කතා කරමු.

වේගය

වේගය අතින් ඉස්සරහින් ඉන්නෙ Chrome කියලා බහුතර මතයක් තිබුණට, ඇත්තටම ඒක එහෙම නෑ.

Firefox 57 වැනි වර්ෂන් එක එහෙමත් නැත්නම් Firefox Quantum වර්ෂන් එකෙන් Firefox Browser එකේ වේගය තවත් වැඩි කරලා rebuild කළා.

Firefox 67 වෙනි වර්ෂන් එකෙන් පස්සෙ කරපු වැඩි දියුණු කිරීමක් තමයි වෙබ් පිටුවක render වෙන්න, එහෙමත් නැත්නම් කේතය කියවලා වෙබ් පිටුව user ට පෙන්නන්න කලින් මුලින් render කරන්න අවශ්‍ය කොටස් ටික මොනවද කියලා හොයා බැලීමෙන් පස්සෙ, මුලින් render විය යුතු ටික මුලිනුත් පසුව විය යුතු ටික පසුවත් වශයෙන් පියවර වශයෙන් වෙබ් පිටු පෙන්වීම. මේ ක්‍රමය නිසා ගොඩක් වෙබ් පිටු පහසුවෙන් වගේම ඉක්මනින් ලෝඩ් වෙනවා.

අලුත් තාක්ෂණයට සහය

Firefox browser එකේ තියෙන about:config පිටුව Google වල තියෙන Advanced Settings වලට වඩා බොහොම පුළුල් සැකසුම් රැසක් තියෙන පිටුවක්. ඒකෙන් අපිට Firefox browser එක අපිට ඕන විදියට හදාගන්න පුළුවන්. ඒත් ඒක දැනගෙන පරිස්සමට කළ යුතු දෙයක්.

DNS over HTTPS වගේ සැකසුම් හදාගන්නත් කෙලින්ම සහය දක්වන්නෙ Firefox තමයි.

RAM භාවිතය

Chrome රැම් එක කන බව රහසක් නෙවෙයි නෙ. ඒක ඔප්පු කරලම පෙන්නලා තියෙනවා, Google Chrome එක්ක සසඳනකොට, Firefox 57 වැනි වර්ෂන් එකෙන් පසුව ආව වර්ෂන් ඔක්කොම Windows, Linux ප්ලැට්ෆෝම් වල RAM භාවිතය අඩුයි.

අන්තර්ජාලය තුළ පෞද්ගලිකත්වය රැකීම

Firefox වල තියෙන විශේෂ සැකසුම් නිසා අපිට පුළුවන් වෙනවා අන්තර්ජාලයේ ආරක්ෂාකාරීව සැරිසරන්න. Firefox අලුතින් හඳුන්වා දුන්න මෙන්න මේ සැකසුම් වලින් අපිට බොහොම පහසුවෙන් අපිට අවශ්‍ය විදියට අපේ Privacy Settings ටික හදාගන්න පුළුවන්.

ඒ වගේම Facebook Container වගේ Extension අපිට ලබාගන්න පුළුවන් Firefox එකට තමයි. එහෙම නැත්නම් Facebook අපි ගැන හැම මගුලම දැනගෙන අපේ පෞද්ගලිකත්වය නැති කරලම දමාවි!

Firefox හදන Mozilla සමාගම user ගෙ පෞද්ගලිකත්වය ගැන හිතන සමාගමක් බව බොහෝ දෙනා පිළිගන්න කාරණාවක්. Mozilla සමාගමේ පෞද්ගලිකත්වය සුරැකීම සම්බන්ධයෙන් විස්තර අන්තර්ජාලයෙන් ඕන තරම් හොයාගන්න පුළුවන්.

Firefox වල about:protections පිටුවෙන් මෙන්න මේ විදියට ඔයාට බලාගන්න පුළුවන් කොච්චර Trackers වලින් ඔයාව Firefox ආරක්ෂා කළාද ආදී විස්තර වල සටහනක්.

Chrome හදන්නෙ Google!

Chrome බ්‍රවුසර් එක හදන්නෙ Google. ඒ වචන ටිකම ඇති මං හිතන්නෙ අපේ ලිපි දිගටම කියවපු කෙනෙක් බය කරන්න. Google ගැන මම ආයෙ කතා කරන්න යන්නෑ, මොකද ඒ ගැන අපි හොඳටම කතා කරලා තියෙනවා.

Chrome කියන්නෙ Google ඒකාධිකාරය අස්සේ user ව හිර කරගන්න ගෙනාව තවත් එක product එකක්. කොටින්ම ඔත්තු බලන මැෂින් එකක්. User Data collect කිරීම මඟින් Chrome නිසා Google සමාගම මාරම ලාභයක් ලබනවා.

Android ෆෝන් වලට අවශ්‍ය Google Apps නොමිලේ දෙන්නත් හේතුව Google Search එකයි Chrome Mobile Browser එකයි. මොකද Google ලා සල්ලි කුට්ටියම හොයන්නෙ ඕවයෙන්, මොකද Chrome ඉන්ස්ටෝල් කළා කියලා user ගෙන් සල්ලි ගන්නෑනෙ. User ව විකුණන් කන එක තමයි කරන්නෙ. ඒ ගැන සවිස්තර කතාවක් මෙන්න මේ ලිංක් එකේ තියෙනවා.  Desktop browsers කියලා වුණත් ඕකෙ වෙනසක් නෑ.

Firefox හදන Mozilla Foundation එක ආරම්භ වුණේ ලාබ නොලබන ආයතනයක් විදියටයි. ඒක අයත් Mozilla Corporation එකේ revenue model එක ගැන මෙන්න මෙතනින් බලාගන්න පුළුවන්.

Chrome ඕනම නම්…

"කොච්චර ඔයා අනන් මනන් කිව්වත් වැඩක් නෑ, මට ඕන Chrome!" නම්, අඩුගානෙ මම කියනවා, Chrome හදන්න Base කරගන්න Chromium ප්‍රොජෙක්ට් එකම Base කරන් හදන Vivaldi, Brave වගේ browser එකකට හරි යන්න කියලා. අඩුමගානෙ ඒ browsers ඔයාගෙ පෞද්ගලිකත්වයට හරි ගරු කරනවා.

Vivaldi browser – Fast, private browser with unique features
Vivaldi browser is a fast, private and secure browser that blocks ads and trackers. It puts you in control with unique features. Get Vivaldi for Windows, macOS, Linux, and Android!

Chrome Extension ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්, Chrome වලටත් වඩා වැඩ කිඩ ගොඩක් තියෙනවා, ඒ වේගයත් (මට නම් chrome වල අමුතු වේගවත් බවක් නෑ, හැබැයි ඔයාට එහම දැනෙනවා නම්...) chrome හා සමානවම තියෙනවා.

එහෙනම්, අදට සමුගන්නම්. ඔබට ජය!

Firefox - Protect your life online with privacy-first products
Firefox is more than a browser. Learn more about Firefox products that handle your data with respect and are built for privacy anywhere you go online.