Loading...
Xiaomi 13 මාදිලිය නිල වශයෙන් එලිදැක්වීම දෙසැම්බර් පළමු වනදා

Xiaomi සමාගම විසින් ඔවුන්ගේ මීලග Flagship Series එක ලෙස Xiaomi 13 Series එක එළිදැක්විමට සියල්ල සුදානම් බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව ඔවුන් විසින් එළැඹෙන දෙසැම්බර් 01 වන දින මේ Xiaomi 13 Series එක සමග ඔවුන්ගේ නවතම MIUI Version එක වන MIUI 14 Version එකත් නිල වශයෙන් චීනයේදි එළිදැක්විමට සුදානමින් සිටිනවා.

මේ Xiaomi 13 Series එක Xiaomi 13 සහ Xiaomi 13 Pro Devices දෙකෙන් යුතු වන අතර Qualcomm සමාගමේ නවතම Snapdragon 8 Gen 2 Chipset එක මගින් මේ Series එක බලගැන්වෙනු ඇති බවත් දක්වන්න පුලුවන්.

එමෙන්ම මෙය Flat-edge Design එකකින් යුතු වන අතර අප මීට පෙර ඔබ වෙත තොරතුරු වාර්තා කළ ආකාරයටම Leica-branded Camera Setup එකකින් ද සමන්විත වනවා. මීට අමතරව මෙය 1.61mm ක Ultra Narrow Bezelවලින් යුතු Customizable OLED Display එකකින් ද සමන්විත වනවා.

තවත් දින කිහිපයකින් නිල වශයෙන්ම එළිදැක්විමට නියමිත වන Xiaomi 13 Series එක නිකුත් වු විගස ඒ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන අතර දිගටම Android වැඩකාරයෝ අප සමග රැදි සිටින්න.

Sources: beebom.com www.gsmarena.com xiaomiui.net