Loading...
Xiaomi සමාගමට සිදුවූ අත්වැරදීමකින් Redmi 10 දුරකතනය පිළිබඳව තොරතුරු නිකුත් වේ

ඔබට මතක ඇති Xiaomi සමාගම විසින් පසුගිය වසරේදි නිකුත් කරන ලද Xiaomi Redmi 9 Smart Phone එක. එහි මේ වසර සදහා නිකුත් විමට නියමිත Xiaomi Redmi 10 Smart Phone එකේ සියලු තොරතුරු Xiaomi සමාගම විසින් අතපසුවීමකින් ඔවුන්ගේ නිල blog අඩවිය තුලින් නිකුත් කර තිබුණා. මෙය Dual SIM 4G Device එකක් වෙනවා.

Display

මේ Redmi 10 Smart Phone එක අගල් 6.5ක 2400 × 1080 Pixels Resolution එකක් සහිත Centered Punch Hole LCD Display එකකින් සමන්විත වෙන අතර මෙය 90Hz to 30Hz දක්වා වු AdaptiveSync Refresh Rate සදහා සහය දක්වන අතර Corning Gorilla Glass 3 Protection එකෙන් ද සමන්විත වෙනවා.

Chipset & Storage‌‌

MediaTek සමාගමේ Helio G88 Chipset එක මගින් සමන්විත වෙන මේ Smart Phone එක 4GB/6GB RAM එකකින් යුතුව 64GB හෝ 128GB Internal Storage එකකින් යුතුව නිකුත් වෙනු ඇත. ඒ වගේම Android 11 OS එක මත පදනම් වු Xiaomi සමාගමේ MIUI 12.5 මගින් මේ Smart Phone එක සමන්විත වෙනවා.

Camera

Redmi 10 SmartPhone එක 50MP Main Camera Lens එකකින් යුතු Quad Camera Setup එකකින් සමන්විත වෙනවා. මෙහි අනෙක් Camera Lenses ලෙස ලබා දි තිබෙන්නේ 8MP Ultra Wide Camera Lens එකක්, 2MP Macro Lens එකක් හා 2MP Depth Sensor එකකුයි. Front Selfi Camera එක සදහා 8MP Camera Lens එකක් ලබා දි තිබෙනවා.

Battery & Other Features

5000mAh Battery එකකින් සමන්විත වෙන මෙය 18W Fast Charging සදහා මෙන්ම 9W Reverse Charging සදහාත් සහය දක්වනු ලබනවා. මීට අමතරව Side Mounted Fingerprint Sensor එක, Dual Stereo Speakers, Micro SD Card Slot, Bluetooth 5 මෙන්ම USB Type C Port එකක් හා 3.5mm Headphone Jack එකකුත් ලබා දි තිබෙනවා.

මේ Redmi 10 Smart Phone එක Carbon Gray, Pebble White හා Sea Blue කියන Color තුනෙන් මිලදි ගත හැකි වෙනු අතර මිල ගණන් හෝ නිල වශයෙන් නිකුත් වෙන දිනයක් පිළිබඳව තවමත් තොරතුරු නිකුත් වි නොමැති වෙනවා.

Source: Gizmochina, XDA Developers