Loading...
Xiaomi සමාගම විසින් නිෂ්පාදිත ප්‍රථම ජංගම දුරකතනය මිලදී ගත් අයට එහි වටිනාකම ආපසු ගෙවීමට එම සමාගම සූදානම් වේ

Xiaomi සමාගම පසුගිය දිනක Samsung සමාගම අභිබවමින් ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත්වුණා ඔබට මතක ඇති. ඒ වගේම මේ වෙන විට ලොව පුරාම අතිශය ජනප්‍රියත්වයට පත් වි තිබෙන Smart Phone Brand එකක් විදිහට Xiaomi හදුන්වා දෙන්න පුලුවන්.

චීන සමාගමක් වෙන Xiaomi සමාගම විසින් 2011 වසරේදි ඔවුන්ගේ ප්‍රථතම Smart Phone එක වෙන Xiaomi Mi 1 Smart Phone එකත් සමගින් ගෝලීය Smart Phone වෙළෙඳපොලට පිවිසිම සිදු කළා. මේ Xiaomi Mi 1 Smart Phone Units 184,600 ප්‍රමාණයක් එක් Smart Phone එකක් ඩොලර් 308කට ආසන්න මුදලකට අලෙවි කරනු ලැබුවා.

Xiaomi සමාගම විසින් ඔවුන්ගේ නිල Weibo ගිණුම ඔස්සේ සිදු කරන ලද නවතම ප්‍රකාශයට අනුව ඔවුන්ගේ පළමු Smart Phone එක වෙන Xiaomi Mi 1 Smart Phone එක Pre Order කර මිලදි ගත් පාරිභෝගිකයින් සියලු දෙනා සදහා මුදල් ආපසු ගෙවිමක් සිදු කරන බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව Xiaomi Mi 1 Smart Phone එක Pre Order කළ සියලු Xiaomi පාරිභෝගිකයින් සදහා එම Smart Phone එක මිලදි ගැනිමට වැයවු මුදල, එනම් ඩොලර් 308ක ප්‍රමාණය (1,999 Yuan) නැවත ලබා දිමට Xiaomi සමාගම සුදානමින් සිටිනවා. වාර්තා වෙන තොරතුරුවලට අනුව මේ Refound එක මගින් අවශ්‍ය ඕනැම Xiaomi නිෂ්පාදනයක් මිලදි ගත හැකි වෙනු ඇත.

Source : Android Authority, Xiaomi