Loading...
Mi 11 Ultra සඳහා දින 14ක බැටරි ආයු කාලයක් ලබා දෙන Super Power Saver mode එකක් හඳුන්වාදීමට කටයුතු කරයි

Xiaomi සමාගම විසින් Qualcomm Snapdragon 888 Flagship Processor එකෙන් සමන්විත Xiaomi Mi 11 Series එක පසුගිය මාර්තු මාසයේදි චිනයේදි නිකුත් කරනු ලැබුවා. Xiaomi සමාගම විසින් නිකුත් කරන ලද මිල අධිකතම Smart Phone එකක් ලෙස මේ Series එකේ Mi 11 Ultra Device එක හදුන්වා දෙන්න පුලුවන්.

පසුගිය දිනක මේ Mi 11 Ultra Device එක සදහා ලබා දුන් නව Software Update එකක් සමග Super Power Saver Mode නම් නව Feature එකක් ලබා දෙන්න Xiaomi සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

මේ Super Power Saver Mode එක මගින් Xiaomi Mi 11 Ultra Smart Phone එකේ Main Display එකේ ක්‍රියාකාරිත්වය නවතා දමන අතර මේ Smart Phone එකේ පසුපස පවතින කුඩා Display එක මගින් වේලාව බැලිමට, ලැබෙන ඇමතුම් ලබා ගැනිමට හා කලින් සකසන ලද Emergency Contact Number එක සදහා ඇමතිමේ පහසුකමත් ලැබෙනවා.

Xiaomi සමාගම දක්වන ආකාරයට මේ Super Power Saver Mode එක මගින් දින 14ක් පමණ දිගු බැටරි ආයු කාලයක් ලබා ගත හැකි වෙනවා. කෙසේ වෙතත් තවමත් මේ Super Power Saver Mode Feature එක Chinese Version එක සදහා පමණක් නිකුත් කර ඇති අතර International Xiaomi Mi 11 Ultra Devices සදහා ලබා දිමක් පිළිබඳව තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති වෙනවා.

Source : Gizmochina, MIUI Beta Info