Loading...
Redmi Note 8 2021 නමින් දුරකතන මාදිලියක් එලි දක්වන බවට Xiaomi සමාගම නිල වශයෙන් ප්‍රකාශ කරයි

Redmi Note 8 කියන්නේ Redmi Note Series එකේ ඉතා ජනප්‍රියත්වයට පත් වු Smartphone එකක් විදිහට හදුන්වා දෙන්න පුලුවන්. 2019 වසරේදි Xiaomi සමාගම විසින් හදුන්වා දුන් මේ Smartphone එකේ මේ වෙන විට මිලියන 25ක පමණ Devices සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වි තිබෙනවා.

Xiaomi සමාගම විසින් මීට පැය කිහිපයකට පෙර නිකුත් කරන ලද Twitter සටහනකට අනුව ඔවුන් විසින් 2021 වසර සදහා වු නව Redmi Note 8 Device එකක් නිකුත් කිරිමට බලාපොරොත්තු වෙන බව තහවුරැ කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වෙන විටත් වෙළඳපොල තුල Redmi Note 9 මෙන්ම Redmi Note 10 Devices ද පවතින නිසා Redmi Note 8 Smartphone එකක් නිකුත් කිරිමේ තිරණය තරමක් අසාමාන්‍ය තිරණයක් වෙනවා. කෙසේ වෙතත් තවමත් මේ Smartphone එක නිකුත් කරන දිනයක් පිළිබඳව නිශ්චිත තොරතුරු නොමැති අතර 2021 වසර සදහා Xiaomi සමාගම විසින් නිකුත් කිරිම බලාපොරොත්තුවෙන් සිටින Redmi Note 8 Smartphone එකේ Specifications පහත ආකාරයෙන් බොහෝ දුරට බලාපොරොත්තු වෙන්න පුලුවන්.

ඒ අනුව මේ Redmi Note 8 2021 Smartphone එක 120Hz Display Refresh Rate එක සහිත Water Drop Notch LCD Display එකකින් සමන්විත වෙනු ඇත. පෙර Device එකේ පැවතුන Qualcomm Snapdragon 665 Chipset එක වෙනුවට මේ Redmi Note 8 2021 Smartphone එක සදහා MediaTek’s Helio G85 Chipset එක යොදා ගනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ වගේම 128GB Storage එකකින් හා 4GB RAM එකකින් යුතු වෙනු ඇත. මෙය 22.5W Fast Charging Technology එක සදහා සහය දක්වනු ලබන අතරම 4000mAh Battery එකකින් යුතුව MIUI 12.5 Software Version එකෙන් බොහෝ විට වෙළඳපොලට නිකුත් වෙනු ඇත.

Source : Gizmochina