Loading...
තෙවන පාර්ශවීය බැටරි යෙදූ දුරකතන වල charging speed එක අඩු කිරීමට Xiaomi සමාගම කටයුතු කරයි

මේ වෙන විට ලොව විශාලතම Smart Phone නිෂ්පාදකයා ලෙස කටයුතු කරන Xiaomi සමාගම විසින් 3rd party Battery Replace කිරිමක් සිදු කළ හොත් අනතුරු ඇගවිමේ පණිවිඩයක් User සදහා පෙන්විමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. එනම් Xiaomi Authorized Service Provider කෙනෙකු නොවන ස්ථානයකින් Battery Replace කිරිමක් සිදු වන අවස්ථාවක දි මෙලෙස අනතුරු ඇගවිමේ පණිවිඩයක් නිකුත් කිරිම මෙන්ම Smart Phone එකේ Charging Speed අඩු කිරිමටත් මේ අනුව සිදු වෙනවා.

Mi Security App එකේ නව 5.6 Version එකත් සමග Smart Phone එක සදහා 3rd Party Battery Replace එකක් සිදු වි තිබේ නම් ඒ සදහා අනතුරු ඇගවිමක් නිකුත් කිරිම ිදු වෙනවා. එහිදි Userට Authorized Service Provider කෙනෙකු ඔස්සේ Battery Replace කිරිම සිදු කළ යුතු බවට දැනුම් දිම සිදු වෙනවා.

මෙයට අනුව ඉදිරියට Xiaomi Smart Phonesවල Battery Replace කිරිම සිදු කළ හැකි වෙන්නේ Authorized Service Provider කෙනෙකුගෙන් වෙන අතරම වෙනත් ජංගම දුරකථන අලුත්වැඩියා කරන ස්ථානයකින් මෙලෙස Battery Replace කිරිමක් සිදු කළ හොත් ඒ මගින් Battery එක ඉදිමීම, අධික ලෙස රත් විම, කාන්දු වීම ආදිය සිදු විය හැකි අතර ඔබගේ Device එක ගිණි ගැනිම් තත්වයන්වලට ද ලක් විමේ අවධානම තිබෙන බව ඔවුන් දක්වා තිබෙනවා.

එමෙන්ම Xiaomi සමාගම විසින් මෙලෙස අනතුරු ඇගවිමේ පණිවිඩයක් නිකුත් කිරිමට අමතරව මෙවෙනි 3rd Party Battery Replace කිරිමක් සිදු වු විට Device එකේ ආරක්ෂාකාරී බව තහවුරු කිරිම සදහා Charging Power එක අඩු කිරිමටත් ඉදිරියේ දි සමාගම කටයුතු කරන බවත් මේ ඔස්සේ එම Battery එකේ Battery Capacity එක සීමා කිරිම් සිදු වෙනවා.

කෙසේ වෙතත් මේ අනතුරු ඇගවිමේ පණිවිඩය චීනයේ Mi 9, Mi 10 හා Mi 10 Pro වැනි Smart Phoneවල මේ වෙන විටත් පෙන්විමට Xiaomi සමාගම විසින් කටයුතු කරනු ලබනවා. තවමත් චීනයෙන් පිටත එනම් ගෝලීය වශයෙන් නිකුත් කරන Xiaomi Devices සදහා මෙම අනතුරු ඇගවිම නිකුත් නොවන අතර සමාගමක් ලෙස ගුණාත්මක සේවාවක් තම පාරිභෝගිකයාට සැපයිමේ අරමුණ ඇතිව ඉදිරියේ දි සැම Xiaomi Smart Phone එකක් සමග මෙම අනතුරු ඇගවිම නිකුත් කිරිමට ඉඩකඩ තිබෙනවා. එනම් ඉදිරියේ ඔබට Battery Replacement එකක් සිදු කිරිමට අවශ්‍ය නම් Xiaomi Authorized Service Provider කෙනෙකුගෙන් එම Battery Replacement එක සිදු කරගත යුතු වෙනු ඇත.

Source :  Beebom, Xda Developers