Loading...
සීතල නත්තලේ 50GB ලබා දෙන Scam එකට හසුවන්නට පෙර...

ඔයාට දැනටමත් WhatsApp හරහා ඇවිල්ලා ඇති සීතල නත්තලේ 50GB දක්වා නොමිලේ Data දිනාගැනීමට මෙන්න ඔබට සුපිරි අවස්ථාවක්  කියලා මෙන්න මේ වගේ Link එකක් එක්ක Message එකක්.

ඉතින් මේකත් එක්ක ගොඩාක් Groupsවල පවා ගොඩක් දෙනෙක් මේ Message එක Forward කරන්න පටන් අරන් තියෙනවා. මොකද මේකේ Offer එක ලබා ගන්න නම් ඒකට ලබා දුන්න Number එකෙන් 15 දෙනෙකුට හෝ Groups 5 කට මේක Share කරන්න ඕන කියලා. ඉතින් අද අපි බලමු මේකේ සත්‍ය අසත්‍යතාව හා මොකද්ද වෙන්නෙ කියලා.


ඉතින් මේකට ගියාට පස්සේ අපිට බලාගන්න පුළුවන් www.4g-gift-any-network.ga ලෙසින් තමයි මේකේ URL එක පෙන්නන්නේ. ඉතින් මේකෙ Top Level Domain එක විදියට තියෙන්නේ .ga කියලා. මේ .ga කියන්නේ .lk ලෙසින් ලංකාව හඳුන්වනවා වගේ Gabon කියන රට හඳුන්වන්න තියෙන Top Level Domain එකක්. ඉතින් මේකෙන්ම අපිට සැක කරන්න පුළුවන් පිටරට Web Site එකකින් ලංකාවේ Network වලට මෙහෙම Offers දෙන්නේ කොහොමද කියලා.

තව ටිකක් යටට ගිහින් බැලුවාම පේනවා අද වෙනතුරු මේ දීමනාව ලබා ගෙන ඇති සංඛ්‍යාව කියලා බොරු Count එකක් මෙතන වැඩි වෙනවා. ඉතින් මන් මේ Site එක 3-4 පාරක් Refresh කරා ඒ හැම වෙලේම මේක එක එක අමුතු ගණන් තමයි පෙන්නුවේ.

ඊට පස්සේ ඊට යටින් Continue Button එකත් එක්ක Facebook වල වගේ Comment Section එකක් අපිට බලාගන්න පුළුවන්. ඉතින් මේක Right Click කරලා inspect වලට ගියාම අපිට බලාගන්න පුළුවන් Facebook වලින් නෙවෙයි මේ Data ඔක්කෝම මේක හඳපු අය Type කරලා දාපුවා කියලා.

ඉතින් මේක සාමාන්‍ය කෙනෙක් මේක දැක්කාම හිතන්නේ මේක Facebook එකේ අනිත් අයට හම්බවෙනවා එහෙනම් මටත් අනිවාර්යයෙන් හම්බවෙයි කියලා.

හරි දැන් අපි Continue දීලා බොරු Fixed Line Number එකක් දීලා බලමු මොකද්ද වෙන්නේ කියලා.

හරි දැන් කිසිම අවුලක් නැතුව නිකන්ම Next Step එකට යනවා. ඒ කියන්නේ ලබා දෙන Number එකේ හරි වැරදි බවක්වත් මෙතන බලන්නේ නැහැ කියලා මේකෙන් ඔයාට හොඳටම තේරුම් යනවා ඇතැයි කියලා මම හිතනවා.

ඉතින් දැන් එයාලට ඕන වුණු ඔයාගේ Number එක ගන්න එක කරගෙන ඉවරයි. මේක මම Mobile එකෙන් Open කරා නම් SHARE Button එක Press කරාම WhatsApp එකට ගිහින් එතනින් Share Menu එකට එයි. ඊට පස්සේ ඔයා මේක Share කර කර යනකොට ඔයාව විවිධ Ads තියෙන Pages වලට Redirect වෙනවා. ඊට අමතරව ඔයාට මෙහෙම අඩුම තරමේ MB 1ක් වත් ලැබෙන්නේ නැහැ.

ඉතින් මේකෙන් පේනවා ඇති මේක Scam එකක් කියන එක. මේක වෙනත් රටකින් මේ තියෙන සිංහල වචන හරියට ගළපලා මේක හඳන්න ලංකාවේ කෙනෙක් මුදල්වලට මේක කරන අයත් එක්ක එකතු වෙලා තියෙනවා කියලා සැකයක් නැතුවම කියන්න පුළුවන්.

මේක Share කරන්න කියන්නේ ඒ හරහා මේ Scam එකට අහුවෙන Mobile Numbers ප්‍රමාණය තව තවත් වැඩි වෙන එක.

ඉතින් මේ වගේ දේවල් වලට අහු නොවී තාක්ෂණයත් එක්ක වැඩ කරද්දී වග කීමෙන් කටයුතු කරන්න කියලා Android වැඩකාරයෝ අපි පාඨක ඔබට මතක් කර සිටිනවා.

Image Source: PC Guide