Loading...
දළදා වන්දනාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් නව වෙබ් පිටුවක්

අප්‍රේල් මස 18 දින සිට ඇරැ​ඹි සිරි දළදා වන්දනාව 2025 වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා ශ්‍රී ලංකා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් නව වෙබ් පිටුවක් හඳුන්වා දී තිබෙනවා.

Police.lk වෙබ් අඩවියට පිවිස සිරි දළදා වන්දනාව නමින් ඇති බැනරය මත click කිරීමෙන් හෝ https://daladadekma.police.lk/ සබැඳිය හරහා මෙයට පිවිසීමට හැකිය.

මේ හරහා නගරයේ ඇති රථවාහන නැවතුම් ස්ථාන හා සජීවීව යාවත්කාලීන වන රථගාල් වල ඇති ඉඩ ප්‍රමාණය, පෝලිම් වල අවසානයන්, වැසිකිළි හා පළමු උපකාර මධ්‍යස්ථාන (First Aid points) ආදී වැදගත් ස්ථාන මෙන්ම විශේෂ නිවේදන, උපදෙස් හා දළදා වන්දනාව පැවැත්වෙන කාල සටහන පිළිබඳ තොරතුරු පහසුවෙන් දැන ගැනීමට හැකියාව පවතී.

දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්හට යාවත්කාලීන තොරතුරු සැපයීම හා ඇතිවන තදබදය අවම කර ගැනීම මෙහි අරමුණයි.