Loading...
දරුවන් සඳහා භාවිතාවට ලබා දෙන පරිගණක වල මෙහෙයුම් පද්ධතිය සඳහා Google SafeSearch activate කරමු

වර්තමානයේ covid-19 වසංගතය නිසා අපේ එදිනදා සියලුම වැඩකටයුතු අපි නිවසට වී අන්තර්ජාලය හරහා සිදු කිරීමට පෙලබී සිටිනවා. ඒ වගේම අපගේ දරුවන්ද සියලුම ඉගෙනීම වැඩකටයුතු දැන් අන්තර්ජාලය හරහා සිදුකිරීමට නබුරු වී තිබෙනවා. දෙමව්පියන් දරුවන් සදහා online education සදහා අන්තර්ජාල පහසුකම් ලබා දීමේදි විශාල ප්‍රශ්නයකට මුහුනපානවා මොකද දරුවන් මේ හරහා ඔවුන්ට නුසුදුසු දේවල් කිරීමට, බැලීමට පෙලබවෙයි ද කියා. ඉතින් මේ සදහා Google ආයතනය මගින් SafeSearch පහසුකම හදුන්වා දී තිබෙනවා.

අපි බලමු සියලුම operating system සදහා මෙය active කරගන්න ආකාරය.

Turn Google SafeSearch On or Off Via Web Browser

මේ සදහා ඔබට google සදහා sign වී හෝ නොවී මේ පහසුකම සාදා ගත හැක.

මුලින්ම ඔයාගේ region එකට අනුව google homepage එකට යන්න. ඉන් පසු,

Settings > Search settings රූපයේ ඇති කාරයට.

ඉන් පසු රූපයේ ආකාරයට ඔබට කැමැත්ත පරිදි එය enable or disable කල හැක.

Windows, mac සහ Linux වල Hosts File භාවිතයෙන් google safe search ON කරන්න.

Windows, mac සහ Linux වැනි desktop මෙහෙයුම් පද්ධති වල host file name IP ලිපිනවලට සිතියම් ගත කරන ‘host’ ගොනුවක් ඇත.මෙමගින් ඔබට පුලුවන් සියලුම browser සදහා සෑම විටම මෙම පහසුකම භාවිතා කරන්න. මෙම සැකසුම මගින් google හි general search, image search, and video search results ල සඳහා අදාළ වේ.

Windows සදහා,

Command Prompt open කර ගෙන ping forcesafesearch.google.com -4 ලෙස ටයිප් කර enter කරන්න. ඉන් පසු රූපයේ ආකාරයට iPv4 ip address එකක් දැක ගැනීමට හැකිය.

ඉන් පසු host file open කර එය copy කර ගන්න.

C:\Windows\System32\drivers\etc\hosts

ඉන් පසු PowerShell open කර copy කර ගත් path එක paste කර enter කරන්න.

Note- සාමාන්‍යෙන් default host file location එක වෙන්නෙ C:\Windows\System32\drivers\etc\hosts මෙයයි. නමුත් ඔබ වෙනත් තැනක windows install කර ඇත්නම් මෙය වෙනස් වේ එවිට පහල ඇති command එක භාවිතා කරන්න. cd /d %systemroot%\system32\drivers\etc (Command Prompt)

PowerShell හි location එක paste කර enter කල පසු ඔබෙන් අසයි රූපයේ පරිදි කුමන file එකකින් ද මෙය open කල යුත්තේ කියා. එවිට note pad ලබා දී ok කරන්න.

ඉන් පසු පහත ආකාරයට notepad හි file එක සාදා save කරන්න. 216.239.38.120 www.google.com #forcesafesearch

දැන් එය ඔබ සාර්තකව windows සදහා සාදන ලදී.

Mac and Linux සදහා

මුලින්ම Terminal එක open කර ping forcesafesearch.google.com ලෙස type කරන්න. ඉන් පසු 216.239.38.120. ආකා‍රයේ ip address එකක් දැක ගත හැක.

ඉන් පසු mac සදහා sudo nano /private/etc/hosts ලෙස type කර enter කරන්න. Linux සදහා sudo nano /etc/hosts ලෙස type කර admin password එක ඇතුලත් කරන්න

ඉන් පසු Windows සදහා සිදු කල ආකාරයටම 216.239.38.120 www.google.com #forcesafesearch මෙම file එක save කල යුතුය. පහත රූපයේ ආකාරයට.

Enable or Disable Google SafeSearch on Android

මුලින්ම ඔබගේ android දුරකතනයේ google appඑක open කර ගන්න.ඉන් පසු පහත රූපයේ අකාරයට දකුනු පස පහලින් ඇති more click කර settings යන්න.

ඉන්පසු general ගොස් ඔබට එය enable or disable කල හැක.

Enable or Disable Google SafeSearch on iOS

මුලින්ම ඔබගේ iPhone or iPad හි google app open කර පහත රූපයේ ආකාරයට profile > settings යන්න.

ඉන් පසු General > Search settings.

ඉන් පසු පහත රූපයේ අකාරයට ඔබට එය enable or disable කල හැක

මේ ආකාරයට ඔබට ඔබගේ දරුවාට, පාසල් ලමයිනට සෑම කෙනෙක්ටම මෙලෙස සාදා internet භාවිතා කිරීමට දිය හැක. මෙය විශාල network සදහා ද භාවිතා කල හැක. (ex- school, company etc).