Loading...
RAM හා SSD වලින් පසු, PSU හා CPU Cooler වලත් මිළ ඉහළ යන ලකුණු

RAM සහ SSD මිල මෑතකදී ඉහළ ගිය අතර, Power Supply Units (PSU) හා CPU Coolers වල මිලත් 6-10% පමණ ප්‍රමාණයකින් වැඩිවීමක් බලාපොරොත්තු වන බව චීනයේ ප්‍රමුඛ බෙදාහරින්නෙකු වන Guangzhou Xinhongzheng Electronic Technology සමාගම විසින් නිවේදනය කර තිබෙනවා.

මිල ඉහළ යාමට හේතුව?

අප පෙර ලිපියේ සඳහන් කළ පරිදි ඇති වී තිබෙන AI hype එක නිසා RAM හා SSD වලට මිල වැඩි වූ ආකාරයටම, මෙම අත්‍යවශ්‍ය පරිගණක කොටස් දෙකක් වන CPU coolers හා PSU මිළ ඉහළ යෑමට බලපා ඇත. මෙයට තවත් හේතුවක් ලෙස තඹ, රිදී සහ ටින් වැනි ප්‍රධාන අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා මෙම මිල වැඩිවීම සිදුවන බව සමාගම පවසා සිටින අතර සමාගම නිවේදනය කර ඇත්තේ Power Supply Units (PSU) වලට 6% සිට 10% දක්වා මිල වැඩි වීමකුත්. CPU Coolers (Heatsinks/Fans) වලට 6% සිට 8% දක්වා මිල වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවටයි.

මිල වැඩිවීම ක්‍රියාත්මක වන්නේ කවදාද?

සමාගම 2025 මිල ගණන් අනුව ඇණවුම් භාර ගැනීම දැනටමත් නවත්වා ඇති අතර ජනවාරි මස තුළ වෙළඳපොලේ තිබෙන ඉතිරි තොග 2025 මිලට ලබා ගත හැක. පෙබරවාරි 1 සිට සියලුම ප්‍රවර්ධන ප්‍රතිපත්ති අවලංගු වන අතර නව මිල ගණන් ක්‍රියාත්මක වේ. ජනවාරි මස තුළ තවමත් පැරණි මිල ගණන් වලට PSU හා Coolers ලබා ගත හැකි නිසා, නව පරිගණකයක් හෝ upgrade එකක් සැළසුම් කරන අයට ඉක්මනින් මිලදී ගැනීම වාසිදායක විය හැක. කෙසේ වෙතත් වෙළඳපොලේ තොග ඉතාමත් ඉක්මනින් අවසන් විය හැකිය.

වෙනත් කොටස්වලත් මිල වැඩිවෙයිද?

RAM, SSD, PSU සහ Coolers වලින් පසු, වෙනත් පරිගණක කොටස්වලද මිල වැඩිවීම් බලාපොරොත්තු විය හැක. මෙම ප්‍රධාන අමුද්‍රව්‍ය මිල ඉහළ යාම ගෝලීය ගැටලුවක් වන නිසා, මුළු Hardware කර්මාන්තයටම මෙය බලපෑම් කළ හැකිය.

Source: videocardz.com www.notebookcheck.net www.techpowerup.com