Loading...
Xiaomi සමාගම Black Shark 4S ජංගම දුරකතනය ඔක්තෝම්බර් 13 වන දින එලි දැක්වීමට සූදානම් ​වේ

Xiaomi සමාගම මගින් නිකුත් කරන Black Shark Gaming Smartphone Lineup එකේ Black Shark 4 හා Black Shark 4 Pro කියන Gaming Smartphone දෙක පසුගිය මාර්තු මාසයේදි එළිදක්වනු ලැබුවා. ඒ වගේම ඔබට මතක ඇති  මේ Black Shark 4 Series එක නිකුත් කරලා මිනිත්තු පහක් තුල ඩොලර් මිලියන 30ක අලෙවියක් වාර්තා කරන්න සමත් වුණ බව.

මේ Black Shark 4 Series එකේ නවතම සාමාජිකයා විදිහට Black Shark 4S Gaming Smartphone එක එක මේ මස 13 වෙනි දින චීනයේදි එළිදැක්වීමට සුදානම් බව ඔවුන්ගේ නිල Weibo ගිණුම හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් වාර්තා වෙන තොරතුරුවලට අනුව Black Shark 4S හා Black Shark 4S Pro ලෙස Gaming Smartphone දෙකක් නිකුත් විමට නියමිත පැවතියත් ඔවුන් නිකුත් කර තිබෙන Poster එකට අනුව 13 වෙනි දින නිකුත් විමට නියමිතව පවතින්නේ Black Shark 4S Gaming Smartphone එකයි.

Black Shark 4S Gaming Smartphone එකේ Specifications පිළිබඳ නිල වශයෙන් තොරතුරු වාර්තා වි නොමැති වුවත් අන්තර්ජාලය තුල පළවෙන තොරතුරුවලට අනුව මෙය 144Hz Refresh Rate එකක් සහිත Display එකකින් හා Qualcomm සමාගමේ Snapdragon 888 Chipset එකෙන් සමන්විත වෙන අතරම මේ සදහා 120W Fast Charging Support එකත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේම මීට පෙර නිකුත් වු Black Shark 4 Gaming Smartphone එකේ පැවති 48MP Main Camera Lens එකෙන් සමන්විත වුණ Triple Camera Setup එකම මේ සදහාත් යොදා ගනු ඇතැයි තොරතුරු පළ වෙනවා.

Source : Gizmochina, Gadgets Now