Loading...
විදු​ලි මෝටර් රථ නිපදවන Nio EV සමාගම ජංගම දුරකතන වෙළඳපල​ට

විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදක සමාගමක වන Nio සමාගම දැන් EV-කේන්ද්‍රීය දුරකථනයක් සමගින් smart phone යුද්ධයට එකතු වී තිබෙනවා. එම සමාගම චීන EV (Electric vehicle) හි ඇති විශාල තරගකාරීත්වය මත High end smartphones සදහා ද අවධානය යොමු කර ඇති බව පෙනේ.

Nio දුරකථනයේ සැලැස්ම කාලයක් සමග අමතක වූ Google pixel 2 හා සමාන වන අතර විශේෂයෙන්ම කැමරා මත lighter and darker shades සං‍යෝජනයක් සහ Samsung Galaxy S7 මෙන් වක්‍ර display එකක් මෙම දුරකථනයෙන් දැකගත හැකිය.

Nio සමාගම තම ප්‍රථම දුරකථනය දියත් කිරීමේ උළෙල ෂැංහයි හීදී පැවැත්වීය. EV නිෂ්පාදකයා විසින් මෙම දුරකථනය විශේෂයෙන් නිපදවා තිබෙන්නේ EV රථ පාරිභෝගිකයන් සදහා වන අතර ඒ තුල තම වාහනය ස්වයංක්‍රීයව (Automatically) park කිරීමේ හැකියාව සහ තවත් සිත් ඇදගන්නා සුලු විශේෂාංග කිහිපයකින් ද එය සමන්විත වේ.

දුරකථනය තුල විශේෂාංග 30ක් පමණ ඇති අතර එයින් විශේෂ විශේෂාංගයක් ලෙස UWB (ultra-wideband) ගත හැකිය, එහිදී දුරකථනය සහ වාහනයේ දුර මැනීම මගින් පාරිභෝගිකයාට අවශ්‍ය ඕනම වෙලාවක තම වාහනය අගුළු දැමීම හැකියාව ඇති අතර එය ස්වයංක්‍රීයව සිදු කිරීමටද අවස්ථාව ඇත. එසේම වාහනයේ battery බැස ගිය විට එහි අගුළු මුදා හැරීම සදහා ද මෙම දුරකථනය යොදා ගත හැකිය.

ප්‍රධාන විධායක නිලධාරී William Li දුරකථනය දියත් කිරීමේ දිනයට පැමිණෙමින් ප්‍රකාශ කර සිටියේ EV-කේන්ද්‍රීය මෙම දුරකථනය දියත් කිරීමග ගත් තීරණය චීනය තුල ප්‍රතිවාදි නිෂ්පාදක සමාගම් සදහා විශාල තරගයක් විය හැකිබවත් ඔවුන් මෙම නිෂ්පාදනය නුදුරේදීම අනුගමනය කිරීම ආරම්භ කරන බවත් ය.

IDC හි විශ්ලේෂක Will Wong මහතා රොයිටර් වෙත පැවසුවේ Nio හි මෙම දුරකථනය මගින් නවතම ව්‍යාපාරය තුලි ලාභය ඉහළ නැංවීම සහ පරිශීලක දත්ත එකතු කිරීම සම්බන්ධයෙන් විශේෂ වන බවයි.

Nio දුරකථනය අතීතයේ තිබූ ප්‍රමුඛ දුරකථනවලට සමාන කම් දැක්වූ වද මෙහි ඇති hardware 2023 වසර සදහා කදිමට ගැලපේ.  එහි Snapdragon 8 Gen 2 SoC චිප් එකක් ඇති අතර අඟල් 6.81 ක වක්‍ර සහිත OLED display එක තුල 120Hz refresh Rate එකක් ද පවතී. එහි OIS සහිත 50mp සංවේදයක් සහිත කැමරාවක්ද 50MP periscope telephoto කැමරාවක්ද පසු පස කැමරාව සදහා 50MP ultrawide unit එකක්ද පවතී.

1TB storage එකක් සහ 16 GB Ram එකක් සහිත මෙම දුරකථනය තුල storage සහ ram ප්‍රභේද තුනක් ඇතුලත් කර ඇත. 66W දක්වා වේගවත් wired charging පහසුකම මෙන්ම 50W දක්වා වේගවත් wireless charging පහසුකම ද මෙම දුරකථනයේ සමන්විත වේ. මෙහි විශේෂත්වය නම් වෙනත් device එකක් මතදී වුවද මෙම wireless charging පහසුකම හොදින් වැඩ කිරීමයි. නමුත් එහිදී charging speed එකේ අඩු වීමක් සිදු විය හැකිය.

Source: www.androidpolice.com www.reuters.com