Loading...
iOS වලට පමණක් සීමා වූ Clubhouse සේවාව Android සඳහාද ලබා දීමට කටයුතු කරයි

අවුරුද්දකට අධික කාලයක් iOS සඳහා පමණක් නිකුත් වූ app එකක් වූ Clubhouse දැන් තම සේවාව Android devices සඳහාත් නිකුත් කරමින් සිටිනවා. දැනට US only beta program එකක් ආරම්භ කර තිබෙන ඔවුන් ළඟදීම අනෙක් කලාප වලටත් මෙය ලබා දෙන බව සඳහන් කර තිබෙනවා.

Image: Clubhouse

මොකක්ද Clubhouse කියන්නේ ?

Clubhouse කියන්නෙත් social networking, එහෙමත් නැත්නම් සමාජ ජාල සේවයක් ම තමයි. හැබැයි මෙහි මාධ්‍ය වෙන්නේ හඬ පමණයි. ඒ කියන්නේ users ලට විවිධ සංවාද, සම්මුඛ සාකච්ඡා, සම්මන්ත්‍රණ වගේ දේවල් වලට ඇහුම්කම් දීමෙන් හා පැවැත්වීමෙන් සහභාගී වෙන්න පුළුවන් (ඒවා rooms ලෙස හඳුන්වනවා).

නමුත් එම සංවාද radio, podcasts වගේ audio only ආකාරයෙන් තමයි පවතින්නේ. එයත් හරියට conference call එකක් වගේ. පුද්ගලයින් කිහිප දෙනෙක් කතා කරන අතරතුර බොහෝ අයට සවන් දී සිටින්න පුළුවන්. Phone call එකක් වගේම මේ conversation එක අවසන් වූ විට ඒ room එක close වෙනවා. එම කතා බහට නැවත සවන් දෙන්න නම් ඔබ වෙනත් ආකාරයකට එය record කළ යුතු යුතුයි. උදාහරණයක් විදිහට Clubhouse room එකක් YouTube stream කිරීමෙන් වගේ.  

Elon Musk සහභාගී වූ Clubhouse room එකක ඉඩ පිරීමෙන් සවන් දෙන්නෝ එය Youtube හි stream කරන්න කටයුතු කළා.

මොකක්ද විශේෂත්වය?

Clubhouse හි තිබෙන සුවිශේෂිත්වය වන්නේ එය invite only app එකක් වීමයි. ඒ කියන්නේ ඔබට නිකන්ම play store එකෙන් මේ app එක download කර account එකක් හදාගෙන කතා අහන්න බෑ.

Clubhouse වැඩ කරන්නෙත් club එකක් ආකාරයටමයි, නමුත් virtual ලෙස. එනම් Clubhouse join වීමට ඔබට දැනටමත් Clubhouse සිටින සාමාජිකයෙක් ගෙන් ඇරයුමක් (invite එකක්) එන්න ඕනේ.

එයට පසු ඔබට කැමති මාතෘකා (interests) තෝරාගෙන ඒවාට අදාළ සංවාද වලට ඇහුන්කම් දෙන්න හෝ ඔබටම සංවාදයක් ආරම්භ කරන්න පුළුවන්. අනෙක් social media algorithm වගේම මෙයත් ඔබ අහන සංවාද (rooms) ආශ්‍රයෙන් තවත් එවැනි rooms නිර්දේශ (recommend) කරනවා.

කොහොමද invite එකක් ලබා ගන්නේ?

Clubhouse සඳහා join වෙන්න නම් දැනටමත් Clubhouse සිටින member කෙනෙක්ගෙන් ඔබට invite එකක් එන්න ඕනේ. Link එකක් ආකාරයට එන invite එකෙන් ඔබට sign-in විය හැකියි. එසේම Clubhouse members ලට ද යැවිය හැකි invites ගණන  (තවම) 2ක් පමණයි.

කෙසේ වුවත්, Clubhouse නිර්මාපකයෝ සඳහන් කර තිබුනේ 2021දී ඔවුන්ගේ අරමුණ වූයේ app එකේ beta stage එක සම්පුර්ණ කිරීම බවත් එයට පසු මුළු ලෝකයටම මෙය විවර කළ හැකි බවත් කියායි.

"Our focus now is on opening up Clubhouse to the whole world." - Paul, Rohan and the Clubhouse team

අවුරුද්දක ගමන් මඟ.

කෙටි කාලයකින් වුවත් Clubhouse සමාගමට සෑහෙන ප්‍රගතියක් ඇත කරගැනීමට හැකි වූයේ ඔවුන්ගේ මෙම සුවිශේෂී මොඩලය නිසා බව හිතන්න පුළුවන්. දැනටමත් මෙහි වත්කම් ඩොලර් බිලියන 4 ඉක්මවා ගොස් තිබෙනවා.

එසේම මෙම මොඩලය අනුකරණය කරමින් දැන්, Twitter Spaces, Facebook Audio Podcasts, Spotify (Locker Room) හා Reddit talk වැනි යෙදුම් සමාජ ජාල දැවැන්තයෝත් ඉදිරිපත් කොට තිබෙනවා.

Twitter app එකේම ඇති Twitter Spaces ද පරිශීලකයින් අතර බෙහෙවින් ජනප්‍රිය යෙදුමක්.

චීනයේත් මෙම සේවාව බොහෝ සෙයින් ජනප්‍රිය වුවා. මොකද public නොවන නිසා ඔවුන්ට වාරණය කර ඇති මාතෘකා නිදහසේ කතා කිරීමට මෙයින් ඉඩ සැලසෙන නිසා. කෙසේ හෝ ළඟකදී පටන් දැන් චීන රජය Clubhouse ද block කර තිබෙනවා.

Android app එක නිකුත් කිරීමෙන් පසු ඔවුන් සිතුවාට වඩා පරිශීලකයින් සම්බන්ධ වූ බවත් servers ද overload වූ බවත් Clubhouse ප්‍රකාශ කර සිටියා. එබැවින් දැන් ඔවුන් අවශ්‍ය යටිතල පහසුකම් සාදමින් සිටිනවා. ලෝකයටම නිකුත් කරන්න සුදානම් වූ විට අපටත් Android device එකකින් Clubhouse rooms වලට join වීමට හැකියාව ලැබේවි.

Source: The Verge