ශ්‍රී ලංකාව තුළ තම පාරිභෝගිකයන් වෙත ගුණාත්මකභාවයෙන් ඉහල සේවාවක් ලබාදෙන Dialog සමාගම විසින් පසුගියදා ඔවුන්ගේ සේවාවන් තවදුරටත් පුළුල් කරමින් පුත්තලම ප්‍රදේශයේදී ඔවුන්ගේ නවතම Dialog Television Broadcast Center (Dialog TV විකාශන මධ්‍යස්ථානයක්) සහ Satellite Earth Station එකක් විවෘත කිරීම සිදු කරනු ලැබුවා.

Dialog සමාගම සඳහන් කරනු ලබන ආකාරයට මෙම මධ්‍යස්ථාන මගින් Dialog පාරිභෝගිකයන් හට අසමසම සේවාවන් රැසක් ඉතාමත් පහසුවෙන් ලබාගත හැකිවනු ඇති අතර ඉන් ප්‍රධානතම තැනක් ගනු ලබන්නේ Dialog Television සේවාවයි.
මෙයට අමතරව මාලඹේ හි පවතින මෙම මධ්‍යස්ථාන මගින් ලබාදෙන සේවාවන් මෙන්ම එයටත් වඩා විශිෂ්ට සේවාවන් රැසක් තම පාරිභෝගිකයින් හට ලබා දීමට මෙමගින් හැකියාව උදාවන බව වැඩිදුරටත් සඳහන් කරනු ලබනවා.

Dialog Commissions its Latest DTV Broadcast Centre & Satellite Earth Station in Puttalam
— Dialog Axiata (@dialoglk) October 28, 2022
Read more: https://t.co/qDUl70jjS4 pic.twitter.com/4ik7CqwWPG
මෙහි දී එකතු කරන ලද Satellite Earth Station මගින් Dialog TV පාරිභෝගිකයින් හට පෙර පැවති සේවාවටත් වඩා ඉතා ඉහළ, ගුණාත්මක මෙන්ම විනෝදාස්වාදය සපිරි සේවාවන් රැසක් දිවයින පුරා ලබාගැනීමට හැකිවනු ඇත.
Sources: dlg.dialog.lk