පසුගිය වසරේ DJI Neo නිකුත් කිරීමෙන් පසු, DJI සමාගම විසින් DJI Drone පවුලට අලුත් සාමජිකයෙක් එළිදක්වා තිබෙනවා. ඒ තමයි DJI Flip නමින් හැඳින්වෙන Drone එක. විශේෂයෙන්ම Travellersට, Video Vloggersට මෙය ගොඩක් ප්රයෝජනවත් වේවි.
බරින් 249g වන මේ DJI Flip Drone එක ඕනෑම තැනකට පහසුවෙන් අරන් යන්න පුළුවන්. ඒවගේම මේ Drone එකේ Propellers හැකිලීමට ඇති ක්රමය අනුව ඉතා කුඩා ඉඩ ප්රමාණයක වුවද රැගෙන යන්න පුලුවන්. DJI Flip Drone එකේ Propllerවලට තියෙන ආරක්ෂක ආවරණ නිසා, එහෙ මෙහෙ රැගෙන යාමේදී මෙන්ම Fly කිරීමේදී Propellersවලට තවත් හොඳ ආරක්ෂාවක් සලසනවා.
DJI Flip Drone එකට 1/1.3-inch Camera Sensor එකක් ඇති අතර, එය f/1.7 aperture එකකින් සමන්විතය. මෙම DJI Flip Drone Camera එකට 48MP වලින් යුතු Images Capture කිරීමට හැකියාවක් පවතියි. එමෙන්ම 4K/60fps HDR Video Shoot කිරීමට හැකියාවක් ඇත. Vertical Video Mode හිදී 2.7K Video Shoot කිරීමට හැකියාවක් පවතියි. Slow Motion Video කිරීමේදී 100FPS Video එකක් Shoo කරගන්න පුලුවන්. එමෙන්ම මේ Camera එකට 4x Zoom කරන්න හැකියාවක් පවතියි. Mastershots, Hyper-lapse, FocusTrack මෙන්ම Dronie, Circle, Rocket, Spotlight, Helix, and Boomerang වගේ Quick Shots පහසුකම් නිසා Professional Quality Videos Beginner කෙනෙක්ට පවා පහසුවෙන් Capture කරගන්න පුලුවන්.
DJI Flip Drone එකට DJI Air 3S Drone එකේ මෙන් ඉදිරිපස අධෝරක්ත(Infrared) සංවේදකයක්ද ඇත. එමඟින් අවට පරිසරය ත්රිමාන ලෙස හඳුනාගැනීමටත්, බාධක මඟහැරීමටත්, ස්වයංක්රීයව බ්රේක් කිරීමටත් උපකාරී වෙනවා.
DJI සමාඟම සඳහන් කරන ආකාරයට Flip Drone එකේ Fly Time එක විනාඩි 31ක් ලෙස වපවතිනවා. එමෙන්ම Max Flight Distance එක 14km ලෙස සඳහන් වෙනවා.
දැනට DJI Flip Drone එක RC-N3 Controller එක සමඟ මිලෙන් $439ද, DJI Flip Combo Pack එක DJI RC 2 Controller එක සමඟ Batteries 3ක්, Drone Bag එකක් ඇතුළුව $779 වැනි මිලකර DJI Official Storesවලින් මිල දී හැනීමට හැකියාවක් ඇත.
Source: www.dji.com