Loading...
ලොව බලගතුම 360° කැමරාව පරදන DJI ලගේ පළමු 360° කැමරාව

වෙළඳපොල ආධිපත්‍ය පතුරුවන සමාගම් වලට කරට කර අභියෝග කරමින්, DJI සමාගම නිළ වශයෙන් 2025 ජූලි 31 වන දින තමන්ගේ පළමු 360° කැමරාව නිකුත් කෙරිණි. මෙය නිකුතුවත් සමඟ DJI සමාගමේ කැමරා තාක්ෂණය ගැන තිබෙන විශේෂඥතාව පැහැදිලිවම තහවුරු වෙ

Hardware and Image Quality

360 කැමරා සාම්ප්‍රදායික සෘජුකෝනාස්‍රාකාර Sensor සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් ප්‍රථම HDR Square Sensor එකක් භාවිතා කරමින් 25% දක්වා Sensor එක භාවිතා කරමින් අඩු බල පරිභෝජනයකින් ගුණාත්මක වීඩියෝ ලබාදීමට DJI සමාගම සමත් වී ඇත.

Video Performance

ලොව පළමු 360 කැමරාව 8K/50fps දක්වා වීඩියෝ කළහැකි.
මිනිත්තු 100ක් දක්වා 8K/30fps නොනවත්වා වීඩියෝ කළ හැකි වීම.
Boost Mode එකෙහි 170° වපසරියක 4K/120fps දක්වා වීඩියෝ කළ හැකි වීම.
6K/60fps 360° සමගින් f/1.9 aperture අගයක් නිසා ඉතාමත් හොදට අඩු ආලෝක මට්ටම් වලදී ක්‍රියා කිරීම.

Photography

වෙළඳපලේ දැවැන්තයෙක් වූ Insta 360 X5 එකෙහි 72-Megapixel Photos වලට අභියෝග කරමින් Osmo 360 120-Megapixel (ආසන්න වශයෙන් දෙගුණයක්) ඡායාරූපකරණය අතින්ද ඉදිරියෙන් පවතී.

Advanced Features and Technology

10-Bit දක්වා colour depth එකක් ඇති නිසා සීමාවන් බිඳ දමා වර්ණ බිලියනයකට වඩා ග්‍රහනය කරගැනීමට ඇති හැකියාව සහ D-Log M colour mode එක නිසා පසු වීඩියෝ සංස්කරණයන් පුළුල් කරයි.

මෙම 360 කැමරාව DJI Mimo App එක හරහා කැමරාව හා Gimbal එක සම්පූර්ණයෙන් පාලනය කළ හැකිය. තවද Realtime preview එකක්ද smartphone එකට ලබාගන්න පුළුවන් බව ඔවුන් පවසයි.

තවද DJI සමාගම මෙය සමග විශේෂ features රැසක් ලබාදීමට උත්සහ කර තිබෙනවා.
Automatically subject track කිරීමේ හැකියාව හා ක්‍රීඩා වලට මෙය භාවිත කිරීමේදී හා කැමරාව භාවිත කරීමට නොහැකි අවස්ථා වලදී භාවිත කිරීමට Voice හා gesture controls ලබා දී ඇත. තවත් විශේෂම විශේෂාංගයක් තමයි Invisible selfie stick, 360° වීඩියෝ වලදී stick එක වීඩියෝ වලින් මැකීය හැකි විශේෂාංගයක් හදුන්වා දී තිබෙනවා. මෙම විශේෂාංග යම් තරමක් පැරණි උවත් මේවා භාවිත කිරීමේදී මේවායේ වටිනාකම ඉමහත්ය.

වෙළඳපලේ දැවැන්තයා වන Insta 360 x5 සමඟ සැසදීමේදී

Insta 360 x5 Vs DJI Osmo 360

  • Higher video frame rates: 8K/50fps vs X5's 8K/30fps limitation
  • Superior photo resolution: 120MP vs X5's 72MP
  • Longer battery life: Up to 180 minutes with extension vs X5's ~80 minutes
  • Larger sensor: 1-inch vs X5's dual 1/1.28-inch sensors
  • 10-bit color support vs X5's 8-bit limitation

DJI Osmo 360 රළු තත්වයන් සඳහා ඔරොත්තු දිය හැකි ලෙස නිර්මාණය කර ඇති නිසා ජලය තාපය දූවිල්ල වැනි තත්වයන් වලදිත් හොදින් ක්‍රියා කරයි. IP 68 Water and dust resistant ඇති නිසා මීටර 10ක් දක්වා වතුර යට රැගෙන යා හැකි අතර -20° සිට 45° දක්වා පරිසර වලත් ක්‍රියා කිරීමට හැකියි.

මෙහි ඇති තවත් විශේෂම වාසියක් වන්නේ 128GB Storage එකක් in build ඇතුළත් කර ඇතිවීමයි. මෙවැනි කැමරා වල ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ video footages transfer කිරීමේදී ගතවන කාලයයි. එයට පිළියමක් ලෙස ඔවුන් USB 3.1 හා Wifi 6.0 ඇතුළත් කර ඇත.

අවසාන වශයෙන් මෙහි මිළ ගනන් සඳහන් වන්නේ Standard Combo පැක් එක: $549.99 USD ස​හ Adventure Combo පැක් එක: $699.99 USD යනුවෙනි.

Source: store.dji.com laotiantimes.com