පසුගිය ඉරිදා දින (2021.10.31) Twitter පණිවිඩයක් නිකුත් කරමින් Tesla ප්‍රධානි Elon Musk විසින් ඔහු සතු Tesla සමාගමේ කොටස් විකුණා දමන්න සුදානම් බව ප්‍රකාශ කළ අතර ඒ එක් කොන්දේසියක් මතයි. එනම් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මගින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6කින් ලෝක ආහාර අර්බුදය විසඳන ආකාරය නිවැරදිව ප්‍රකාශ කළහොත් යන්නයි.
If WFP can describe on this Twitter thread exactly how $6B will solve world hunger, I will sell Tesla stock right now and do it.
— Elon Musk (@elonmusk) October 31, 2021
මෙම twitter පණිවිඩයට ප්‍රධාන හේතුව වී තිබුණේ එ.ජා. ආහාර වැඩසටහනේ ප්‍රධානි David Beasly විසින් "ලොව ප්‍රධාන ධනවතුන් විසින් කුසගින්නේ සිටිනා මිලියන ගණනක් මිනිසුන් වෙනුවෙන් උපකාර කළ හැකි බව" පැවසීමත්, එහිදීම ඔහු Elon Musk ව (මෙන්ම Amazon සමාගමේ Jeff Bezos ව) සඳහන් කරමින් ඔහුගේ ධනයෙන් 2%කින් ලොව කුසගින්න නිමා කළ හැකි බව පැවසීමත් සමඟයි.
ඇ.ඩො. බිලියන 6ක මුදලක් වැය වන්නේ මිලියන 42ක ජනතාවක් කුසගින්නෙන් මිය යාම වළක්වාගැනීම සඳහා බව ඔහු තවදුරටත් සඳහන් කර තිබුණා.

මෙම සතියේ සඳුදා (2021.11.01) වන විට ලොව ධනවත්ම පුද්ගලයා වන Musk ගේ වත්කම ඇ.ඩො. බිලියන 311ක් වූ අතර දෙවෙනි ස්ථානය ගත Jeff Bezos ඇ.ඩො. බිලියන 195ක වත්කමකට හිමිකම් කියනවා. කෙසේ නමුත් Elon Musk ගේ මෙම twitter පණිවුඩයට පිළිතුරු දෙමින් ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානි කියා සිටියේ ඔහු බිලියන 6කින් ආහාර අර්බුධය නිම වන බවක් නොකී නමුත්, එවැනි පරිත්‍යාගයකට මෙවැනි අර්බුධකාරී අවස්ථාවක ඇති වී තිබෙන කුසගින්න නිසා මිය යන ජිවිත මිලියන ගණනක් බේරා ගත හැකි බවයි.
Source: C|net