Loading...
Vibe Corders ලට සුබ ආරංචියක් සමඟ  පැමිණි Firebase Studio

Ai එක්ක ආව hype එකත් එක්ක හතු පිපෙන්න වගේ vibe corders ලා පිපුනා මතක ඇති. ඒක ගැන කට්ටිය හොද නරක දෙකම පෙන්නුවා. Agentic AI Software Engineer කියන්නෙ අපිට අලුත් දෙයකුත් නෙමේ. Devin Ai කියලා ලොකු ආන්දෝලනයක් කරපු ප්‍රොජෙක්ට් එකක් මීට ටික කාලෙකට කලින් ප්‍රසිද්ධ උනා මතක ඇති. ඉතින් ඒක ට්‍රයි කරන්න හැමොටම අවස්තාවක් හම්බුනෙ නැ.

Agentic Software Engineer කෙනෙක් කියන්නෙ මොකක්ද කියලා idea එකක් නැති කෙනෙක්ට සරලව මෙහෙම තෙරුම් ගන්න පුලුවන්. ChatGPT වගේ Chat Based model එකකින් අපිට අවශ්‍ය කෝඩ් එක ලියාගෙන paste කරලා දාන්න පුලුවන්. ඒකේ errors එන්න පුලුවන් සැලකිය යුතු සම්බාවිතාවක් තියෙනවා. ඉතින් අපිට මෙ විදිහට නැතුව AI agent කෙනෙක් හරහා මෙ ඔක්කොම ෆයිල්ස් Generate කරලා එකින් එක ඒව Run කරලා bugs තියෙනවනම් ඒවත් නැවත ෆික්ස් කරලා වැඩ කරන්න පුලුවන් තත්වෙට එයාම හදාගන්නවා.

ඔයාලටත් මේක මෙතනින් ට්‍රයි කරලා බලන්න පුලුවන් - https://studio.firebase.google.com

මෙ තියෙන්නෙ මම ට්‍රයි කරපු Dashboard එකක්. මෙකෙදි මම Prompt දුන්නේ මට Erp Dashboard එකක් හදන්න කියලා. ඊට පස්සෙ එයාම Pages, files Organize වෙන්න ඕන විදිහ Prototype කරලා Coding කරන්න පටන් ගන්නවා. මෙතනදි අපිට Online VS Code Editor එකකින් ඔක්කොම ෆයිල්ස් බලාගන්නත් පුලුවන්.

මේක Software Engineering Field එකේ ලොකු step එකක්. ඉතින් පහු ගිය දවස් වල ලොකු සද්දයක් එක්ක Firebase Studio එක අපි අතරට ආවා. මේක හැම කෙනෙක්ටම පාවිච්චි කරන්න පුලුවන්. Nextjs, Flutter, Springboot වගෙ Framework ගොඩක් සපොට් කරනවා. මෙකෙදි Coding Principles, Architectures මොන තරම් දුරට පාවිච්චිවෙනවද කියලා අදහසක් නැ.

Vibe Coders ලා මේක අමුවෙන් පාවිච්චි කරන්න ගත්තොත් Cyber Security කියන්නෙ ඉස්සරහට සැහෙන වැඩ තියෙන කාලයක්. ඉතින් Vibe Coding ගැන ඔයාගෙ Opinion එකත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.