වසර 48,500 තිස්සේ සයිබීරියානු හිම ඇතුලත පැවති සොම්බි වෛරස් වර්ග හතක් නැවත පණ ගැන්වීමට විද්‍යාඥයන් පිරිසක් කටයුතු කර තිබෙනවා. මේවා අතරින් ලාබාලතම වෛරසය වසර 27,000 ක් තිස්සෙ සයිබීරියානු අයිස් යට තැන්පත් වෙලා තිබි ඇති අතර පැරණිතම වෛරසය වසර 48,500 ක් තිස්සේ සයිබීරියානු අයිස් මත සැඟවී සිට තිබෙනවා. මෙම අනුව මෙම වෛරසය මෙතෙක් නැවත පණ ගැන්වූ ලොව පැරණිතම වෛරසය බවට වාර්ථා අතරට එක්ව තිබෙනවා.
විදේශ ආරංචි මාර්ග සඳහන් කරන අකාරයට එම නැවත පණ ගැන්වූ වෛරස් වර්ග අධි ආරක්ශිත විද්‍යාගාරයක් තුල දැඩි රැකවරණයක් ලබා දෙමින් හා විද්‍යාගාරය අවට ප්‍රදේශය තුල අධි ආරක්ෂිත කලාපයක් බවටත් පත් කරලා තියෙනවා. දිනෙන් දින වැඩි වන ගෝලීය උශ්නත්වයත් සමග අයිස් දියවීමෙන් මෙවැනි විශාල කාලයක් අයිස් තුල සැඟවී තිබුණු මෙවැනි වෛරස් කාරකයින් පෘථිවියෙ බාහිර පරිසරයට මුදා හැරෙමින් පවතිනවා. ඒ වගේම මෙවැනි හේතුන් නිසා මීටත් වඩා ලොව පැරණිතම වෛරසයන් ඉදිරියේදීත් පරිසරයට නිකුත් වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව තමා විද්‍යාඥයන් පවසන්නෙ.
දැන් කාටහරි හිතෙන්න පුළුවන් අනාගත යුද්දෙකදි මේවා Bio weapons විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔවු එහෙම වෙන්නත් බැරි නැහැ. හැබැයි ඊටත් වඩා මෙ වෛරසය ගෝලිය උෂ්ණත්වය ඉහල යෑම හමුවේ ඉදිරියෙදි නිකන්ම වාතයට නිකුත් වෙන්න තියෙන වැඩි ඉඩකඩ නිසා ඊට කලින් මේවා හොයාගෙන, නැවත Active කරලා, Test කරලා Anti virus එක හදන්න හා මේවා හැසිරෙන විදිහ හා පැතිරෙන විදිහ පරික්ෂා කරන්න තමයි මෙවැනි ඒවට නැවත පණ දීලා සක්‍රිය කරන්නෙ.
මේ කියන Zombie Virus එකෙන් Zombiesලා හැදෙයිද?
ඒ වගේම මෙතන විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමා මේ Zombie වෛරස් කියන්නෙ සම්පූර්ණ මැරිලා නැති නමුත් අක්‍රිය මට්ටමෙ තියෙන වෛරස් වලට. කාලෙකට කලින් ක්‍රියාකාරි මට්ටමෙ තිබ්බ මේ වෛරස් කුමන හෝ හේතුවකින් අයිස් මත වැලලි ගියත්, ගෝලිය උෂ්ණත්වය ඉහල යාමත් එක්ක අයිස් දිය වෙලා සක්‍රිය මට්ටමට එනවා.
දැන් මම මෙහෙම කිව්වා කියලා ඔයාලා අනවශය බියක් ඇති කර ගන්න එපා. මොකද මේවා අපි TV Series වල movies වල දැක්කා වගෙ Walking dead, Train to busan, World War Z වගෙ එවල තිබුන ආකරයෙ ඇවිදින Zombie හදන වෛරස් නෙමෙයි කියලා තමා දැනට වාර්ථා වන්නෙ. මේවා මොනම හෝ ආකාරයක රෝග කාරක වෛරස් වෙන්න පුලුවන්. ඒත් මේ සොම්බි වයිරස් කියන්න්නෙ අර මම උඩ කිව්වා වගෙ ඇවිදින සොම්බි හැදෙන අපි ෆිල්ම් වල දැකපු ජාතියෙ ඒවා නෙමෙයි කියන එක ආයෙම අවධාරණය කරනවා. හැබැයි මේ වෛරසයන් ඇමීබාවන්ට ආසාදනය වන බවට මේ වෙද්දි තහවුරු වෙලා තියෙනවා.
කොහොම නමුත් මේ සොම්බි වෛරසයන් මිනිසුන්ට ආසාධනය වෙනවද නැද්ද යන එකනම් තාම හරියට තහවුරු කරලා නැහැ. ඒ ගැන පිළිගන්න පුළුවන් ආකාරයේ නිසි තොරතුරක් ඉදිරියෙදි ලැබුනොත් Android වැඩකාරයො අපි විසින් ඔයාලව ඒ ගැන අනිවාර්යයෙන්ම දැනුවත් කරන්නම්.
Sources: news.yahoo.com www.bloomberg.com www.ansa.it www.sciencealert.com www.independent.co.uk www.msn.com