Loading...
වසර 48,500ක් තිස්සේ සයිබීරියානු අයිස් යට සැඟවුනු  සොම්බී වෛරසයක් සොයා ගැනීමට ප්‍රංශ විද්‍යාඥයන් පිරිසක් සමත් ​වේ

වසර 48,500 තිස්සේ සයිබීරියානු හිම ඇතුලත පැවති සොම්බි වෛරස් වර්ග හතක් නැවත පණ ගැන්වීමට විද්‍යාඥයන් පිරිසක් කටයුතු කර තිබෙනවා. මේවා අතරින් ලාබාලතම වෛරසය වසර 27,000 ක් තිස්සෙ සයිබීරියා​නු අයි​ස් යට තැන්ප​ත් වෙලා තිබි ඇති අතර පැරණිතම වෛරසය වසර 48,500 ක් තිස්සේ සයිබීරියා​නු අයිස් මත සැඟවී සිට තිබෙනවා. මෙම අනුව මෙම වෛරසය මෙතෙක් නැවත පණ ගැන්වූ ලොව පැරණිතම වෛරසය බවට වාර්ථා අතරට එක්ව තිබෙනවා.

විදේශ ආරංචි මාර්ග සඳහන් කරන අකාරයට එම නැවත පණ ගැන්වූ වෛරස් වර්ග අධි ආරක්ශිත විද්‍යාගාරයක් තුල දැඩි රැකවරණයක් ලබා දෙමින් හා විද්‍යාගාර​ය අවට ප්‍රදේශය තුල අධි ආරක්ෂිත කලාපයක් බවටත් පත් කරලා තියෙනවා. දිනෙන් දින වැඩි වන ගෝලීය උශ්නත්වයත් සමග අයි​ස් දියවීමෙන් මෙවැනි විශාල කාලයක් අයි​ස් තුල සැඟවී තිබුණු මෙවැනි වෛරස් කාරකයින් පෘථිවියෙ බාහිර පරිසරයට මුදා හැරෙමින් පවතිනවා. ​ඒ වගේම මෙවැනි හේතුන් නිසා මීටත් වඩා ලොව පැරණිතම වෛරසයන් ඉදිරියේදීත් පරිසරයට නිකුත් වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව තමා විද්‍යාඥයන් පවසන්නෙ.

දැන් කාටහරි හිතෙන්​න පුළුවන් අනාගත යුද්දෙකදි මේවා Bio weapons විදිහට පාවිච්චි කරන්​න පුළුවන් කියලා. ඔවු එහෙම වෙන්න​ත් බැරි නැහැ. හැබැ​යි ඊටත් වඩා මෙ වෛරස​ය ගෝලිය උෂ්ණත්ව​ය ඉහල යෑම හමු​වේ ඉදිරියෙදි නිකන්ම වාතයට නිකුත් වෙන්න තියෙන වැඩි ඉඩකඩ නිසා ඊට කලින් මේවා හොයාගෙන, නැවත Active කරලා, Test කරලා Anti virus එක හදන්​න හා මේවා හැසිරෙන විදිහ හා පැතිරෙන විදිහ පරික්​ෂා කරන්​න තමයි මෙවැනි ඒවට නැවත පණ දීලා සක්‍රිය කරන්නෙ.

මේ කියන Zombie Virus එකෙන් Zombiesලා හැදෙයිද?

​ඒ වගේම මෙතන විශේෂයෙන්​ම කියන්​න ඕන දෙයක් තියෙනවා. ඒ තමා ​මේ Zombie වෛර​ස් කියන්නෙ සම්පූර්ණ මැරිලා නැති නමුත් අක්‍රිය මට්ටමෙ තියෙන වෛර​ස් වලට. කාලෙකට කලින් ක්‍රියාකාරි මට්ටමෙ තිබ්බ ​මේ වෛර​ස් කුමන හෝ හේතුවකි​න් අයි​ස් මත වැලලි ගියත්, ගෝලිය උෂ්ණත්ව​ය ඉහල යාමත් එක්ක අයිස් දිය වෙලා සක්‍රිය මට්ටමට එනවා.

දැන් මම මෙහෙම කිව්වා කියලා ඔයාලා අනවශය බියක් ඇති කර ගන්​න එපා. මොකද මේවා අපි TV Series වල movies වල දැක්කා වගෙ Walking dead, Train to busan, World War Z වගෙ එවල තිබුන ආකරයෙ ඇවිදින Zombie හදන වෛරස් නෙමෙ​යි කියලා තමා දැනට වාර්ථා වන්නෙ. මේවා මොනම හෝ ආකාරය​ක රෝග කාරක වෛර​ස් වෙන්න පුලුවන්. ඒත් ​මේ සොම්බි වයිරස් කියන්න්නෙ අර මම උඩ කිව්වා වගෙ ඇවිදින සොම්බි හැදෙන අපි ෆිල්ම් වල දැකපු ජාතියෙ ඒවා නෙමෙයි කියන එක ආයෙම අවධාරණය කරන​වා. හැබැ​යි  මේ වෛරසයන් ඇමීබාවන්ට ආසාදනය වන බවට මේ වෙද්දි තහවුරු වෙලා තියෙනවා.

කොහොම නමුත් මේ සොම්බි වෛරසයන් මිනිසුන්ට ආසාධනය වෙනවද නැද්ද යන එකනම් තාම හරියට තහවුරු කරලා නැහැ. ​ඒ ගැන පිළිගන්​න පුළුවන් ආකාර​යේ නිසි තොරතුරක් ඉදිරියෙදි ලැබුනොත් Android වැඩකාරයො අපි විසින් ඔයාලව ​ඒ ගැන අනිවාර්යයෙන්ම දැනුවත් කරන්නම්.

Sources: news.yahoo.com www.bloomberg.com www.ansa.it www.sciencealert.com www.independent.co.uk www.msn.com