Loading...
Galaxy A51 Camera Review

හැමෝටම කලින් පොරොන්දු උනා වගේම ඔන්න අද A51 Camera Review එක ගෙන්න හිතුවා කලින් පොස්ට් එකට මේ ගැන එකතු කලේ නැත්තේ Readability අඩු වෙන නිසා පොස්ට් එකේ. කොහොම හරි අවශ්‍ය කරුනු ටික සාරාංශ කරලා ඔයාලට ගෙනාවා කියවලා බලන්න A51 ගන්න ඉන්න අයට හෝ ගත්ත අයට මේක වැදගත් වෙයි බොහො දුරට.

A51 Rear Camera Setup

  1. 48 MP, f/2.0, 26mm (wide), 1/2.0", 0.8µm, PDAF (Samsung ISOCELL Bright GM2 Sensor )
  2. 12 MP, f/2.2, 12mm (ultrawide)
  3. 5 MP, f/2.4, 25mm (macro), 1/5.0", 1.12µm
  4. 5 MP, f/2.2, (depth)
  5. A51 Front Camera
  6. 32 MP, f/2.2, 26mm (wide), 1/2.8", 0.8µm

ඉහත ආකාරයට Camera Setup එක හදුන්වන්න පුලුවන්.Camera Setup එක ගැන කතා කරන්න කලින් One Ui 2.0 සමග වෙනස් උන Camera Interface එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. මොකද කිව්වොත් කලින් තිබුනට වඩා Clean Interface එකක් දැන් ලබා දීලා තිබෙනවා මේ One Ui 2.0 Update එකත් සමග. මේ අතරින් ලැබුන Modes ටිකක් මම කෙටියෙන් සදහන් කරන්නම්.

Available Modes අතර Swiping Left Right කිරීමෙන් මාරු වීමේ හැකියාව සහා අපිට අවශ්‍ය Modes Add Remove කිරිමේ හැකියාව. Video Resolutions Change කිරිමේ Shortcuts, 48Mp Mode එකට ලේසියෙන්ම Switch වෙන්න පුලුවන් Shortcuts මේ වගේ අලුත් දේවල් රැසක් මේ සමග දීලා තිබෙනවා ඒ හැමදෙයක් ගැනම මෙතනදි සදහන් කරන්න යන්නැ මොකද Use කරන අය දැනටමත් ඒ ගැන දන්නවා ඇති.

Image Quality

Image Quality ගැන කතා කරොත් සැහීමකට පත් වෙන්න පුලුවන් Quality එකක් දීලා තිබෙනවා මගේ නම් ගොඩක්ම ඇහැ ගියේ Dynamic range වලටයි මෙහි එන Color Processing වලටයි මොකද කිව්වොත් ටිකක් Saturated ගතියක් බලා ගන්න පුලුවන් Realistic පැත්තට වඩා ඒක එක අතකට වාසියක් වෙනවා මොකද කිව්වොත් අපිට නැවට Edit කරන්න අවශ්‍යතාවයක් වෙන්නැති තරම්. එහෙම අවශ්‍ය නොවන අයට Scene Optimizer Off කරලා photos ගැනිම්මෙ හැකියාව ලබාදීලා තිබෙනවා.

Details වලින් බැලුවොත් Buildings Vehicles වගේ Objects වල Details මනාව පෙන්නුම් කරනවා නමුත් තනකොල ගස්වල අතු වගේ ටිකක් ටිකක් දුරට ගන්න Shots වල Sharp අඩු ගතියක් යම්තාක් දුරට. ගොඩක් දුරට පැමිනි Camera Updates වලින් දැනටමත් Fix කරලා තියෙන්න පුලුවන්. ඉතින් Image Quality කිව්වම හැමෝම වගේ බලන්නේ මුලින්ම ටිකක් Zoom කරලා දන්න නොනදන්න හැමෝම වගේ කරන වැඩක්. ඉතින් අන්න ඒ වගේ ටිකක් Zoom කරලා normally ගන්නවාට වඩා වැඩිපුර Details එක්ක pics ගන්න ඔන අයට තමා මේ 48Mp Mode එක දීලා තියෙන්නේ මෙහි එන විශේෂම වාසිය තමා හොද Details එක්ක Image එකක් Capture කිරිමෙ හැකියාව ලැබෙන එක නමුත් පොඩි අවාසියකට තියෙන්නෙ මේ Mode එකට මාරු වෙනකොට ටිකක් Dynamic Range එක හසුකර ගැනිමේ හැකියාව අඩු වෙනවා Notice කරන්න පුලුවන් සමහර Situations වලදි මේක.

Ultra Wide Camera

ගොඩක් අය Midrange Phone වලදි දැන් දකින සුලභ දෙයක් තමා Ultra Wide Cam එකක් කියන්නෙ කොහොම උනත් A51 එකේ Ultra Wide Cam එක ඇත්තටම මම දැකපු සුපිරිම Ulra Wide Cam වලින් එකක් මොකද කිව්වොත් අනෙකුත් Mid Range Device වල තිබෙන Ultra Wide Cam එක්ක ගත්තම A51 Ultra Wide Cam එක ඉදිරියෙන් ඉන්න බවක් පේනවා. ඒකට හේතුව තමා Main Sensor එකෙන් Ultra Wide එකට මාරු වෙද්දි Color Washout වෙන ගතියක් පෙන්නුම් කරන්නෙ නැ ඒ වගේම Poor Dynamic Range Issue එකත් මේ හරහා දැක ගන්න ලැබෙන්නැ හොද Dynamic Range එකක් වගේම Punch Colors එක්ක බලාගන්න පුලුවන් මේ හරහා ලබා ගන්න Pics වල.

Low Light Photos (Night Mode)

Night Mode ගැනත් කතා නොකරම බැ මොකද කිව්වොත් දැන් ගොඩක් Budget range device වලට පවා හොද තරගයක් දිය හැකි Night Mode ලබාදෙන්න ගොඩක් Manufactures ලා මහන්සි වෙනවා ඉතින් ඔය අතර A51 එකේ Low Light Photos ගත්තොත් හොද මට්ටමක තියෙනවා කියන්න පුලුවන් A50 A50s Device වලට සාපෙක්ශව පැහැදිලි Improvements තිබෙනවා.

Night Mode එකට පමනක් ආවෙනික වෙන 8MP Image output එකක් ලාබා දෙනවා A51 තුලින් ඉතින් මේ හරහා Shadow Areas සහා Colors වල Gain එක්ක බලා ගන්න පුලුවන් Night Mode හරහා. ඉතින් සමහරක් Flagship ලක්ශ දෙකේ තුනේ Phone වල වගේ නෙමේ A51 එකේ Wide Cam එකටත් Night Mode දෙන්න Samsung ලා අමතක කරලා නැ ඉතින් Noise ගතියෙන් අඩු Images අපිට මේ හරහා Capture කරගැනිමේ හැකියාව තිබෙනවා.

Portraits

Portraits ඇත්තටම හොද තත්වෙක තියෙනවා Object Detections වගේම Color Separations හොද මට්ටමක තිබෙනවා. A50 Device එකත් එක්ක බැලුවොත් සමහර Images වල Portraits Dynamic Range අවම මට්ටමක ( Over Exposed ) උන බවක් පෙන්න තිබුනා ඉතින් A51 තුලින් එය මනාව හසුරවන්න පුලුවන් වෙලා තිබෙනවා. Bokkeh Effect මම නම් අනුමත කරන්නේ 5/7 අතර අගයක් තියලා Images Capture කරන්න කියලා කොහොම උනත් Image එකක් Capture කිරීමෙන් පසුවද අපිට Blur Level එක හදා ගැනීමේ හැකියාව Samsung ලා ලබාදී තිබෙනවා.තවත් විශේෂ දෙයක් තමා Auto HDR පහසුකමද අපිට ලබාදීලා තිබෙනවා Portrait Mode එක හරහා.  Non Human Subjects වලදි ගොඩක්ම HDR Effect එක බලා ගන්න පුලුවන්.

Close Up (Macro)

Full Review එකේදි සදහන් කරා වගේම Samsung ලාගේ පලවෙනි Macro Camera වක් සහිත එන Device එක තමා A51 ඉතින් මෙහි එන සුවිශේෂි බව තමා දැනට තිබෙන ගොඩක් Macro Cameras අතරේ හොද Details ඇතුව Close up photos capture කිරීමේ හැකියාව ලබාදීලා තිබෙනවා ඒ වගේම ගොඩක් Unusable Working Macro Distance ලබාදීලා නැ A51 එක හරහා ඒ Distance එක ටිකක් වැඩි කරලා තිබෙනවා Usable විදිහට 3-5 Cm විදිහට. හැබැයි Shake නොවෙන්න Macro photos ගන්න Trypod එකක් බාවිතා කරොත් හොද Result එක්ක බලා ගන්න පුලුවන්.

Selfie Camera

Front cam එක ගැන කතා කරොත් අපිට ගොඩක්ම කැපි පෙනෙන දෙයක් තමා A50 එකත් සමග ගත්තම ඇහැට පේන Improvement එකක් බලාගන්න පුලුවන් විශේෂයෙන්ම Dynamic Range සහා Colors වල ඉතින් ඒ වගේම Details අතිනුත් හොද තත්වෙක Images Capture කිරිමට හැකියාව ලැබෙනවා 32Mp Selfie Cam එකෙන් ඒ වගේම Portrait Mode එක හරහාද අපිට Normal Selfie වල බලා ගන්න ලැබුන Dynamic Range එක ඒ විදිහටම බලා ගන්න පුලුවන් පොඩි අවාසියකට කියලා දැක්කේ ටිකක් අවුල් වුන Hair එකක් වගේ ගත්තොත් ඒ වගේ Situations වලදි Edge Detection ටිකක් මදි ගතියක් දැනෙනවා. ඒ ගැටලුව හැරෙන්න වෙන කියන්න තරම් ගැටලුවක් තිබුනෙ නැ දැනටමත් දීපු Updates වලින් මේක Fix කරලත් ඇති ගොඩක් දුරට.

Video

Video ගැන නම් ලොකුවට කියන්න යන්නැ මොකද කිව්වොත් මට ගොඩක් Test මේ සම්බන්දව බලන්න බැරි උනා කොහොම නමුත් Mid Range Device එකක් ව්දිහට 4K 30fps වලින් Wide Selfie Main Cam තුනෙන්ම වගේ Video කිරිමේ හැකියාව ලැබ්ලා තිබෙනවා මේ Device එක සමග. 2160p 48Mbps Bit rate එකක් විදිහටත් 1080p 17Mbps Bit rate එකක් විදිහටත් බලා ගන්න පුලුවන් ඒ වගේම Audio Record 256kbps ලෙසටත්. Main Cam එකෙන් අපිට ටිකක් Contrasty ගතියක් වගේම Dynamic Range මනාව Capture කර ගන්නවා බලා ගන්න පුලුවන්.

නමුත් මෙයින් Ultra wide videos වලට මාරු වෙනකොට Colors ටිකක් Washedout ගතියක් එනවා Main Cam එකත් සමග සසදලා බලනවිට.ඊට හේතුව ලෙස මට නම් පෙනුනේ Contrast ගතිය ටිකක් අඩු වීම නමුත් මේක ලොකු ප්‍රශ්නයක් නම් නෙමේ. 4K Mode එකේදි අපිට  Stabilization පහසුකම ලබාගන්න බැ නමුත් 1080p Mode එකෙන් අපිට  Stabilization පහසුකම දීලා තිබෙනවා ඉතින් මේ පහසුකම Ultra Wide Main Cam Front Cam තුනටම ලැබෙන එක ලොකු වාසියක් වෙනවා. Device එකේ හැටියට හොදටම සැහීමකට පත් වෙන්න පුලුවන් Super Steady Mode එක හරහා අපිට Smooth Stable Videos ගැනීමේ හැකියාව ලැබෙනවා.

මේ Post එක වෙනමම ගේන්න හිතුවේ මේ වගේ ටිකක් දිග පැහැදිලි කිරීමක් එක්ක ගෙන්න ඕන නිසා. ඔයාලාගේ අදහස් Comment Section එකේ පල කරන්න ඒ වගේම දැන් Updates සමග වෙනස් වෙලා තියෙන දේවල් මම කියපු අඩු පාඩු Fix වෙලා තියෙනවා නම් ඒ ගැනත් දැනුවත් කරන්න. අනිත් අයටත් දැන ගන්න Share කරන්න අමතක කරන්න එපා.