ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය යනු කාලයෙන් කාලයට විවිධ වෙනස්කම්වලට ලක් වූ, එහෙත් සැමවිටම යම් යම් ගැටලුවලින් පීඩා විඳි ක්ෂේත්‍රයකි. විශේෂයෙන්ම ඩිජිටල් තාක්ෂණය සමඟින් පැමිණි ටැක්සි සේවා (Taxi Services) මෙරට තුළ ප්‍රචලිත වුවද, එහිදී රියදුරන් සහ මගීන් යන දෙපාර්ශවයම මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වූයේ මිල තීරණය කිරීමේ ක්‍රියාවලිය සහ එමගින් ලැබෙන සාධාරණත්වය පිළිබඳ ගැටලුවයි. මෙම හිඩැස පුරවමින්, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොවටම පසක් කරමින්, මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කිරීමට 'HelaGo' දේශීය ටැක්සි සේවාව 2025 ජනවාරි (05) දින සිය ගමන් මඟ නිල වශයෙන් ආරම්භ කරන ලදී.
කොළඹ Waters Edge හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැති මෙම සමාරම්භක උත්සවය, හුදෙක් සේවාවක් හඳුන්වා දීමකට එහා ගිය, දේශීය ව්‍යවසායකත්වයේ සහ තාක්ෂණයේ ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය. මෙම අවස්ථාව සඳහා HelaGo රියදුරන් 200 කට අධික පිරිසක් සහභාගී වීමෙන්ම පෙනී යන්නේ, මෙරට රියදුරු ප්‍රජාව තුළ මෙම නව සේවාව කෙරෙහි පවතින උද්යෝගය සහ විශ්වාසයයි.




දේශීයත්වයේ සහ මූල්‍ය ශක්තියේ සුසංයෝගය
HelaGo යනු හුදෙක් තවත් එක් App එකක් පමණක් නොවේ. මෙය මෙරට ඩිජිටල් තාක්ෂණයේ දැවැන්තයෙකු වන හෙළකුරු (Helakuru) සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දශක ගණනාවක විශ්වාසය දිනූ ඩේවිඩ් පීරිස් (David Pieris Group) සමූහ ව්‍යාපාරයේ මූල්‍ය සවිබලයෙන් උපත ලැබූවකි.

හෙළකුරු (Bhasha Lanka) සමාගම යනු ශ්‍රී ලාංකිකයින්ගේ හදවතට සමීපතම ඩිජිටල් සන්නාමයකි. ඔවුන්ගේ තාක්ෂණික දායකත්වය HelaGo වෙත ලැබීම තුළින් පරිශීලකයින්ට ඉතා සරල, සුමට සහ කාර්යක්ෂම අත්දැකීමක් ලබා ගැනීමට හැකි වී තිබේ. අනෙක් පසින්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය වැනි දැවැන්ත මූල්‍ය ශක්තියක් ඇති ආයතනයක් මෙයට පිටුබලය දීම නිසා, මෙම සේවාවේ තිරසාරභාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳව කිසිදු සැකයක් තබා ගැනීමට අවශ්‍ය නැත. මෙම දේශීය සමාගම් දෙකේ එකතුව, විදේශීය සමාගම්වලට මුදල් ඇදී යන ටැක්සි ක්ෂේත්‍රයට ශක්තිමත් දේශීය විකල්පයක් ඉදිරිපත් කර තිබේ.
පාලන මිලෙන් බැහැර වූ ‘මිල තීරණය කිරීමේ අයිතිය’
HelaGo සේවාවේ පවතින සුවිශේෂීම සහ විප්ලවීය ලක්ෂණය වන්නේ එහි ඇති මිල තීරණය කිරීමේ ක්‍රමයයි. දැනට පවතින අනෙකුත් බොහෝ ටැක්සි ඇප් (Taxi Apps) තුළ මිල තීරණය කරනු ලබන්නේ ඇප් එක මගින් වන අතර, රියදුරාට හෝ මගියාට ඒ සඳහා කිසිදු බලපෑමක් කළ නොහැක. මෙය බොහෝ විට පාර්ශව දෙකටම අසාධාරණයක් වන අවස්ථා තිබේ.
නමුත් HelaGo විසින් හඳුන්වා දී ඇති නව මිල ක්‍රමය යටතේ, එක් තැනකින් පාලනය වන මිලක් වෙනුවට රියදුරු සහ මගී එකඟතාවයෙන් මිල තීරණය වේ. මගියෙකු ගමනක් යාමට ඇණවුමක් (Request) යොමු කළ විට, ඒ අවට සිටින රියදුරන් කිහිප දෙනෙකුට තමන්ට එම ගමන යා හැකි මිල ගණන් (Bidding) ඉදිරිපත් කළ හැකිය. එවිට මගියාට තමන්ට ලැබුණු මිල ගණන් සහ එම රියදුරන්ගේ Rating, වාහන වර්ගය වැනි තොරතුරු සසඳා බලා, තමන්ට වඩාත් ගැලපෙන සහ සාධාරණ යැයි හැඟෙන ටැක්සිය තෝරා ගැනීමට අවස්ථාව ලැබේ.

මෙම ක්‍රමය නිසා:
- රියදුරන්ට: තමන්ගේ සේවාවට ගැළපෙන සාධාරණ මිලක් ඉල්ලා සිටීමට හැකි වන අතර, ඉන්ධන මිල සහ නඩත්තු වියදම් අනුව තීරණ ගැනීමේ නිදහස ලැබේ.
- මගීන්ට: වෙළඳපල තරඟකාරීත්වය අනුව තමන්ට වාසිදායකම මිලක් තෝරා ගැනීමටත්, ගමන ආරම්භ කිරීමට පෙරම ස්ථිර මිලක් පිළිබඳ එකඟතාවයකට පැමිණීමටත් අවස්ථාව උදා වේ.
මෙය ක්ෂේත්‍රයේ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කරන ප්‍රධානතම සාධකය වනු නොඅනුමානය.
මීට අමතරව Card භාවිතාවෙන් ඇණවුම් කරනු ලබන ගමන් වල අදාල මුදල, ගමන් වාරය අවසානයේදී එසැණින් රියැදුරුගේ ගිණුමට බැරවීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි.

සියලු දෙනාටම විවෘත ‘HelaGo’
HelaGo සේවාව භාවිතා කරන්නන් සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් හඳුන්වා දී ඇත.
- හෙළකුරු Superapp හරහා: දැනටමත් මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින් භාවිතා කරන හෙළකුරු (Helakuru Superapp) භාවිතා කරන්නන්ට අලුතින් ඇප් එකක් බාගත කිරීමේ අවශ්‍යතාවයකින් තොරව, සෘජුවම හෙළකුරු හරහා HelaGo ටැක්සි සේවාව භාවිතා කළ හැකිය.
- Go by HelaGo App එක හරහා: හෙළකුරු භාවිතා නොකරන පුද්ගලයින් සඳහා සහ විශේෂයෙන්ම මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා "Go by HelaGo" නමින් නව ඇප් එකක් අද දින එළිදක්වා තිබේ. මෙම ඇප් එක Google Play Store සහ Apple App Store හරහා පහසුවෙන් බාගත කර ගත හැකිය.
විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙම සේවාව හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ද විශාල පිටුවහලක් ලැබෙනු ඇත. මන්දයත්, ඔවුන්ට කිසිදු අතරමැදියෙකුගේ බලපෑමකින් තොරව සාධාරණ මිලකට ගමන් පහසුව සපයා ගැනීමට මෙහිදී අවස්ථාව සැලසේ.
අද සිට බස්නාහිර පළාතට, ළඟදීම රට පුරාම
අද කොළඹදී පැවති සාර්ථක සමාරම්භයෙන් අනතුරුව, අද (ජනවාරි 06) සිට බස්නාහිර පළාතේ මගී ජනතාවට HelaGo සේවාව විවෘත වේ. කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල සිටින මගීන්ට දැන් ඉතා පහසුවෙන් සිය ඇණවුම් ලබා දිය හැකිය.

HelaGo කළමනාකාරීත්වය පවසන්නේ මෙය ආරම්භයක් පමණක් බවයි. ඉතා කඩිනමින් බස්නාහිර පළාතෙන් ඔබ්බට ගොස් මුළු දිවයිනම ආවරණය වන පරිදි සිය සේවාවන් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කළහ. රියදුරන්ට මෙන්ම මගීන්ට ද එක හා සමානව වාසි සැලසෙන මෙම දේශීය ව්‍යාපාරය, ශ්‍රී ලාංකේය ආර්ථිකයට ද විශාල ශක්තියක් වනු ඇත. මන්දයත්, මෙම සේවාව හරහා උපයන ලාභය මෙරට තුළම ඉතිරි වන බැවිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයකට අඩිතාලම දමමින් HelaGo, අනාගතයේදී මෙරට ප්‍රධානතම සහ විශ්වාසනීයම ටැක්සි සේවාව බවට පත්වනු ඇති බවට සැක නැත.









